(ඩයනා උදයංගනී)
ජලාශයන්හි පවතින ආක්රමණික ජලජ ශාක හා අපද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා ජර්මනියෙන් මෙරටට නවීන යන්ත්‍රයක් ආනයනය කර තිබේ.
රුපියල් මිලියන 57 ක වියදමින් ජර්මනියේ සිට මෙරටට ආනයනය කර ඇති මෙම යන්ත්‍රය මගින් ජලය මත පාවෙමින් තිබෙන ජලජ ශාක ඉතා පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
රට පුරා පවතින විශාල ජලාශයන් හි සීඝ්රයෙන් පැතිරී යන ජලජ ශාක ඉවත් කිරීම සඳහා මෙම යන්ත්‍රය යොදා ගන්නා බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එහි පළමු පියවර ලෙස අනුරාධපුර මහකනදරාව වැවෙහි ආක්රමණික ජලජ ශාක ඉවත් කිරීමට යන්ත්‍රය යොදවා ඇති අතර එම කටයුතු ආරම්භ කිරීම වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආක්රමණික ජලජ ශාක නෙවේ ප්‍රධාන ගැටළුව. පොලිතීන් සහ ප්ලාස්ටික්, ජලාශ වල රොන්මඩ තැන්පත් වීම
මම හිතන්නේ මේකට මිලියන 57 ක් වියදම් කරනවට වඩා. මිලියන 5ට විතර අඩු මිලට මෙහේ හදන්න පුලුවන්. මේකේ තියෙන්නේ ඉතාම සරල යාන්ත්රනයක් . එ්ත් අවුල තියෙන්නේ මුදල් හැකියාව අැති අයට මේවට වුවමනාවක් නෑ. (සමහරවිට වෙළඳපලක් නැති නිසා) අපට හැකියාව තිබුනට මුදල් නෑ.
මේක තව මාස කීපයකින් අබලන් වුවාට පසු ඊළඟට කොහේ හරි අඟුවක දිරන්න ගන්නවා, මේ අත්තනොමතිකව නාස්ති කරන්නේ ජනතාවගේ සල්ලි.
ක්රමණික ජලජ ශාක නෙවේ ප්‍රධාන ගැටළුව. පොලිතීන් සහ ප්ලාස්ටික්, ජලාශ වල රොන්මඩ තැන්පත් වීම , මේ වෙනුවෙන් යමක් කරන්න ,රජරට වෙව් ඔක්කොම ගොඩ වෙලා , තම තියෙන්නේ රජ කලේ හදපුව , කොන්ත්‍රාත් දුන්නට , හරියට ඒවා හදන්නේ නෑ
ගයාන්ගේ කතාව හරි. මමත් ඉන්නේ රජරට පළාතේ. මේ වැව් ඔක්කොම රොන්මඩ වලින් පිරිලා. වැසි දෙක තුනකින් වාන් දමන වැව් මාස දෙක තුනක පැවිල්ලකින් හිදෙනවා. රජ කාලේ හදපු වැව් බොහොමයක් මේ දක්වා ප්‍රතිසංස්කරණය කරලා නෑ. අනික තමයි වැව් වලට බැහැර කරලා තියන ඝන අප ද්‍රව්‍ය. විශේෂයෙන්ම පොලිතින් සහ ප්ලාස්ටික්. අපේ අය කොහොමත් කැමතියි යන්ත්‍ර සුත්‍ර වාහන ආනයනය කරන්න. මේක දිහා බැලුවම නම් පෙන්නේ මිලියන 57ක් වටින්නේ නැති බවයි. දේශීය නිෂ්පාදකයෙකුට අවස්ථාව දුන්නනම් මිට වඩා අඩු වියදමකින් නිපදව ගන්න තිබුණ. පහත අදහස් දක්වා තිබෙන දනුෂ්ක කියනවා හැකියාව තියනවා නමුත් මුදල් නෑ කියල. ඉතින් ප්රශ්නය කොතනද? ගයාන්ගේ අදහසට දක්වා තිබෙන ප්‍රතිචාර වලින්ම පේනවා අපේ අයත් මේ යන්ත්‍ර සුත්‍ර ආනයනයට සහ මේ යන ක්‍රමයට කැමති බව....
මම හොදින්ම විස්වාස කරනවා මෙවැනි හෝ මීටත් වඩා හොද යන්ත්‍රයක් ලංකාවේ ඉතා අඩු වියදමින් නිපදවිය හැකි බව. මම ඉන්නේ ඔය මැෂින් හදන රටේ නිසාත් අපේ රටට ඇති ආදරය නිසාත්ය. ඒ හැරැන විට මේ රටේ මිළ ගණනය කිරිමේ ක්‍රමය හොදින් හදරා තිබෙන නිසාත්ය.
නිකම් කන්න බොන්න දෙන හිර කාරයෝ දාලා ඔක්කොම වෑව් හාරල, රොන් මඩ, අපද්‍රවය අරන් දාල, වල් පෑල නෑති කරලා, වෑව් තාවුලු හදලා එතනම තියෙන කුබුරු ටික අස්වද්දන ක්‍රමයක් හදන්න බෑරිද? දෑන් කියන්න එපා. " හිරකාරයත් මනුෂ්‍යයෙකි " කියලා.
ආක්රමණික ජලජ ශාක ඉවත් කල වහාම රොන් මඩ පිරි වැව ප්‍රතිසංකරණය කිරීමට හිත පහල වේවා.!
මේ බොරු මුදල් නාස්ති කිරීමක් ඔය මිලියන් ගනන් දීල ඕවා ගෙන්වන්න් ඕනේ නැහැ ඒ ඒ ගමේ රැකියාව නැති කාට හරි වැඩේ භාර දෙන්න දිගටම සුද්ධ කරමින් වැව බලා ගන්න කියන්න ශ්‍රම දාන මගින් ගම්මු එක්වෙලා ඔය වැඩේ කරන්න පුලුවන්.
ඕක අපේ බාස් කෙනෙක්ට සුළු දෙයක් . අය්යෝ සල්ලි
ඉතා හොද අදහස් ඇති බුද්දිමතුන් විශාල පිරිසක් සිටින බව පේනවා. සිය රට දේ සිරි සැප දේ. අපේ රට ඉතා වාසනාවන්ත රටකි. රටවැසියන් ගේ සහයෝගය රට දියුනුවිමට මහත් රුකුලකි. රටට ඡයම ඡය වේවා!