අංජුල මහීක වීරරත්න
නව ග්‍රාම නිලධාරීවරු 1650 දෙනෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (1) පත්වීම් ලබති.
කොළඹ අරලියගහ මන්දිරයේ දී පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ උත්සවය පැවැත්වෙයි.
ග්‍රාම නිලධාරී තනතුරට අයදුම් කරන වැඩි පිරිසක් කාන්තාවන් බැවින් පත් කිරිමේ දී කාන්තා සහ පිරිමි දෙපාර්ශවය 50 ට 50 වශයෙන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියදී අමාත්‍ය මණ්ඩලය එහි ප්‍රතික්ෂේප කළ බැවින් ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව සුදුසුකම් සම්පුර්ණ කිරිම අනුව බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් අල්ලස් දීමක්.නැතිනම් මේවා සුදුසු අයට ලබා දී ඒ ආයතන හරහාම ලිපි යැවිය හැකිනේ.
මං හිතන විදියට නම් මේ 1650 න් 1000 ක් වත් කාන්තා පාර්ශවයයි. දැන් කාලේ තරඟ විභාගවලින් තේරෙන 80% ක්ම කාන්තා පාර්ශවයයි.