මහින්ද නිශ්ශංක
අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි.
දැනට බස් රථ 450 ක් මගී ප්‍රවාහනය කරන බවත් ධාවනයෙන් ඉවත් කරන බස් රථවලට සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා බස් බවට පරිවර්තනය කිරිමට එම බස් හිමියන්ට අවස්ථාව තිබෙන බවද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්
ඒක හොඳ තීරණයක්. ඔය අර්ධ සුඛෝපභෝගී බස් තනිකරම බොරුවක් වංචාවක්
ඉතාමත්ම හොඳ වැඩක්. මිනිසුන්ගේ මුදල් හොරකම් කරන්න හදපු දෙයක් තමා මේ අර්ධ සුඛෝපබෝගී සේවා කියලා කියන්නේ. බදුල්ලේ ඉඳන් කොලඹ හා නුවරට ගත්තම 90% තියෙන්නේ මේවා. මිනිස්සු පටවන හා යන වෙලාව ගත්තම සාමාන්‍ය ගාස්තු බස් රථ වගේමයි. නමුත් සාමාන්‍ය බස් ගාස්තු බස් රථ අඩු හින්ද අපිට යන්න වෙන්නේ මේවගෙයි. NTC එකට පැමිණිලි කිහිපයක් කරා, කවදාවත් ඇවිත් පියවරක් ගත්තේ නැ. මෙම තීරණය ගත් සියලු දෙනාට බොහොම ස්තුතියි.
ඉතාම හොඳයි ඉතාම හොඳයි.. ඉතාම හොඳයි..
ඉතාම හොඳ තීරණයක්!
මෙතෙක් කල් පැවතුනූ කිසිම අණ්ඩුවකට මෙ රටෙ මහජන ප්‍රවාහන පහසුකම් දෙන්න බැහැ හැබැයි පරිපූරක ඇස්තමේන්තු දාලා ඇමතිවරු ප්‍රවාහන ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනවා
මේ ආණ්ඩුව ආවගෙන් පස්සෙ සිද්ධ වෙන තේරුමක් තියන පළවෙනි වැඩේ. හැබැයි මේකත් කෙරෙනකන් විශ්වාස නෑ!
පමා වෙලා හරි ගත්තු තීරණය ,ඉතාම හොද තීරණයක්
එක නම් හොඳ අදහසක්. සමහර බස් මගීන් නැග්ගට පස්සේ සුඛෝපබෝගී වෙනවානේ
ඒක නම් හොද වැඩක්....
නියම වැඩක්. මිනිස්සුන්ව ගසා කන අර්ධ සුඛෝපභෝගී බස් නවත්තන්න කියලා බස් සංගම්ම කොච්චර කාලයක ඉඳන් කියනවද. ඇති යාන්තම්...
නියම වැඩක් .....
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති වරයා කියන දේ කරන පුද්ගලයෙක් නොවේ. කොන්දොස්තරලට රියදුරන්ට නිල ඇඳුම අදින එක අනිවාර්ය කරන බව 2017 වසරේ ප්‍රකාශ කලා.
ඒකනම් ගොඩක්ම හොද තීරණයක් අර්ධ සුඛෝපභෝගී කියලා මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගන්නවා ඒ වුඋනාට කිසිම පහසුකමක් නැහැ සාමාන්‍ය බස් වල තියන විදියම තමයි තියෙන්නේ.
හෙට අනිද්දම කරන්න ඕන වැඩක්.
අර්ධ සුඛෝපභෝගී කියා ගාස්තු වැඩියෙන් ගත්තට මේවා ගමනේදී සාමාන්‍ය බස්රතවලට වඩා වෙනසක් නැත.
හොඳ වැඩක්.ඒවගේ කිසිම අර්ධ සුඛෝපභෝගී බවක් නෑ.බොරුවට සල්ලි ගසා කනවා විතරයි.
ප්‍රමාදවී හෝ ගන්පු තීරණය ගැන සතුටු වෙමු. ඇයි කල් දාන්නේ? පහුවෙනකොට වැඩේ කොහුවෙයි.? බස්වල රාක්කිවල හයි කරපු ශබ්ද විකාශ යන්ත්‍ර මිනිස්සුන්ට විශාල කරදරයක් මේව ඉවත් කරවන්න . මේ සම්බන්ධව මතයක් ගොඩ නගමු. මෙම බස්රථවල දාන හරසුන් ගීත, සංගීත සංදර්ශන වල විකාර හරිම කරදරයක්. බලධාරියිනි ! මේ සම්බන්දව නොපමාව අවධානය යොමුකර මුදල් ගෙවා නැගගත් බසයෙන් නිරවුල් මනසකින් යුතු මගියෙකු ලෙස බසයෙන් බැසීමට කටයුතු සලසන්න
ඉතාම හොද ක්‍රියාවක්. අර්ධ සුකොප බෝගී සේවයෙන් ජනතාවට කිසිම යහපතක් නෑ. බස් හිමිය යුතු ලාභයක් ගන්නවා. මේ විදිහටම බස් නවත්වන ආපනශාලා වෙතත් යොමු කරන්න. හිතු හිතු ගණන් ගන්නවා. සුදුසු කෑම නෑ. හරිම අපිරිසිදුයි. මේ ගැනත් බලන්න පින්සිද්ධවෙයි.
එකනම් හොඳ අදහසක්. තේරුමක් නැතුව අපි වැඩි ගානක් ගෙවනවා.
ඉතාමත්ම වැදගත් තීරණයක්.මේ බොහෝ බස් රථද ලොරි චැසියට බස් බොඩිය තබන ලද ඉන්දියානු බස් රථ වෙනවා.ජනෙල් වලට කර්ටන් ටිකක් දාලා මගියා රැවටීමට පොඩි සෝබන පාරක් දමා වැඩි මුදලක් අය කරනවා.මේවා සාමාන්‍ය බස් රථ ලෙස සේවයේ යෙදවීම වැදගත්.
ඔය ඉවත් කරන ටිකක් ලන්ගමෙට දෙන්න. දැන් ඉන්න සභාපති තුමා දන්නවා ඒවායින් වැඩක් ගන්න හැටි.
මේවායේ තියෙන්නෙ මොන සුඛෝපභෝගිද මේවා සාමාන්‍ය ගාස්තු බස්වලටත් අන්තයි
හොද වැඩක්................