(දිනේෂ් උපේන්ද්‍ර )
බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.
එසේ ඝාතනය කොට තිබුණේ බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පස්මස් වියැති බිළිදෙකු වූ අතර ඝාතනය කළැයි කියන බිළිඳාගේ පියාද එම ස්ථානයේ දී පුපුරන ද්‍රව්‍යක ආධාරයෙන් සිය දිවිහානි කරගෙන ඇතැයි පොලිසිය කියයි.
බිළිඳා ඝාතනය කිරීමට මත්තෙන් බිරිඳට සිය ගම් ප්‍රදේශය වන බදුල්ලට යාමට කළ ආරාධනාව ප්රතික්ෂෙප කිරීම ගැටුමට හේතුව වියහැති බව පවසන ප්‍රදේශවාසියෙකු මුලින් බිරිඳ කපා කොටා දමා ඇති අතර ඒ ගැටුම බේරීම සඳහා මැදිහත් වු තිබූ බිරිඳගේ මව හා පියාද කපා කොටා පසුව බිළිඳා ඝාතනය කර ඇත.
සිද්ධියෙන් මියගොස් තිබුණේ පස්මස් බිළිඳා සහ ඔහුගේ පියා වූ කන්දකැටිය බදුල්ල ලිපිනයේ පදිංචිකරුවෙකු වූ අමිත් නැමැත්තෙකු වූ අතර තුවාල ලැබූ බිරිඳ හංසමාලා ධනංජනී හා බිරිඳගේ පියා වූ ජේ එම් ගුණසේන නැමැති හිටපු ග්‍රාමනිළධාරී වරයා ද සිද්ධියෙන් බරපතල තුවාල ලබා කුලියාපිටිය මූලිකරොහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව ශල්‍යාගාරයට ඇතුළත්කොට තිබිණ.
බිරිඳගේ මව ද තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීම, හික්මීම, අනිකාට ඇහුන්කන් නොදීම යනාදීයෙන් ඇත්විම නිසා අසරණ අහිංසක කිසිවක්නොදත් දරු පැටියෙකුත් තම ජිවිතයෙන් වන්දි ගෙවීම මොනතරම් අභාග්‍යක්ද? අප සමාජයේ ගරාවැටීම , කඩා වැටීමේ අතුරු ප්‍රතිපල නොවේද මේ අප සියල්ලෝම අත්විදින්නේ ???
මේ මනුස්සයාගේ කීම අහල ගමේ ගියානම් මේ අපරාදේ වෙන්නේ නැහැනේ. එදාම යන්න බැරිනම් හෙට යමු කියල ශේප් වෙන්නත් තිබුනා.
මෙවැනි බොහෝ පවුල් ආරවුල් වලට බිරිඳගෙ කතා විලාසය උච්ච ස්වරූපය සහ ස්වාමි පුරුෂයාට දෙවෙනි නොවිම බෙහෙවින්ම බලපාන කරුණක්.
මෙවැනි කණගාටුදායක පුවත් අද වන විට බහුලව දකින්ට ලැබෙනවා. මීට වසර 50 කට පමණ පෙර ඔවැනි සිද්ධියක් වුනා නම් ජනතාව දැනගන්නේ බස් ස්ටෑන්ඩ් වල කවි කොල විකුණන අයගෙන් එකල ඉතා විර සිදුවීම් අද වන විට බහුලව සිදු වෙයි. මහ ගං වතුර, නාය යෑම් වැනි දේත් එකල සිදුවුනේ වසර 10 කට පමණ වරක්. අල්ලස් පගා ගැනිලි වුනත් අසන්නට ලැබුනේ කලාතුරකින්. අද අපේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා ඇතුලුව ප්‍රධාන රට කරවන අයගෙන් පහළට ගලායන්නේ සමාජයට හිතකර ආදර්ශමත් කල් කිරියාවක් නොවේ නම් උඩ සිටින දෙවියන් අහක බලාගෙන සිටින නිසා දිනෙන් දින රට අදුරට යාම සැක නැතිව සිදු වෙනවා ඇත.
ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා බලන්න යන එක හුගක් බිරින්දෑවරු ප්‍රතික්ෂේප කරනවා. විවාහයට කලින් ජීවිතය ඔහුට කොපමණ වටිනවද කියලා බිරිඳ තේරුම් ගන්න ඕන. දිවි නසාගත්තේ නැතිවුනාට අම්ම තාත්ත සිහිකරලා දුක්වෙන පුත්තු ඕන තරම් ඉන්නවා. නමුත් මිනි මරාගන්නේ නැතිව ඔය වැඩේ කරගන්න පුළුවන්. මමත් ගෙදර ගිහින් ඇවිත් තමා ගෙදර උන්දැට කියන්නේ. දැන් ඒක අවුලක් නැහැ . පුරුද්දට ගිහිල්ලා.
පුපුරුන ද්‍රව්‍යයක් අධාරයෙන් දිවි නසා ගත්තා කියන්නේ බෝම්බයක් පුපුරවන් වෙන්න ඇති. නැත්නම් වෙඩි බෙහෙත් කාලා වෙන්න බැහැනේ