(ටී.කේ.ජී.කපිල )
පෝලන්ත ජාතිකයකු විසින් ඊයේ (31) උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා , රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පවත්වා තිබිණි.
එහිදී මෙම 60 හැවිරිදි පෝලන්ත ජාතිකයා විසින් ගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට්100 රාජසන්තක කළ අතර, ඊට අමතරව මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් නියම කර ලෙස නියෝග කර තිබේ.
මෙම පෝලන්ත ජාතිකයා පසුගිය ආසන්න මාසයක කාළය තුළ 6 වතාවක් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව හිරේ දමන්නයි තිබුනේ. එතකොට අනෙක් අයත් පාඩමක් ඉගෙන ගන්නවා.
මේවගේ සංචාරකයන්ව තමා අපි ගෙන්න ගන්න ඕනා, මෙයාගෙන් ලැබුන මුලු ආදායම රුපියල් හත්කෝටි විසිපන්දහසක්, මෙතුමගේ මුදලින් රටකරවන ඇමති කෙනෙකුගේ වාහන වියදම කවර් වෙනවා..