නාලක සංජීව දහනායක
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් රටතුළ ආණ්ඩුවක් නැති බව තහවුරු වන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
මෙවැනි අස්ථාවර ආණ්ඩුවකට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ඔහු කීය. මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ දී ඊයේ (31) රාත්‍රී මේ බව පැවසීය.
මුස්ලිම් රටවල තානාපතිවරුන්, මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මේ වනවිට රටතුළ ආණ්ඩුවක් නැති බව ජනාධිපතිවරයා කළ කතාවෙන් පැහැදිලි වෙනවා. මෙවැනි අස්ථාවර ආණ්ඩුවකට තවදුරටත් ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් පත්කරගන්න වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව මම හෙලිකොප්ටර් අරගෙන මැදමුලනට ගිය බව එතුමා දන්නේ නැහැ කිව්වා. මම අරලියගහ මන්දිරයෙන් පිටවුනේ ජනාධිපතිවරණයේ සම්පූර්ණ ප‍්‍රතිඵලය පිටවෙන්න කලින්. ඊළඟ ජනාධිපති පත්වෙනකම් මම තමයි ජනාධිපති. ඒ නිසා මට ඒ දේ කරන්න පුළුවන්. මම අරලියගහ මන්දිරයෙන් මොනවත් ගෙනිච්චෙ නැහැ. ඒත් තමන්ගේ ආරක්‍ෂක ප‍්‍රධානියා වත්මන් ජනාධිපතිවරයාට එකතු වූ බවද කීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහවරුන්ද, ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාද මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ආයුබෝවන්ඩ, ඉක්මනින්ම මහා මැතිවරණය දාගත්තොත් සියලු නඩු හබ ඇතුළු අතීතයේ සියලු වැරදි වළලා දාන්න පුළුවන්නේ. මෙවන් ඔබතුමාලව මේ රටේ අපි කෙසේ විශ්වාසය කරමුද ?
කවදා මැතිවරණ තිබ්බත් එහාට මෙහාට පැනලා, කටුස්සෝ වගේ පාට වෙනස් කරලා හැමදාම පාර්ලිමේන්තුවේ වාඩිවෙන්නේ එකම ටික, හැමදාම කරන්නේ මහ පරිමානෙන් හොරකම් කරන එක