ජර්මනියේ බටහිර ලුනෙබැච් හී ඊෆල් සත්වෝද්‍යානයෙන් සිංහයන් දෙදෙනකු, කොටියන් දෙදෙනකු සහ ජගුවරයන් දෙදෙනකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අවට සිටින පදිංචිකරුවන්ට නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දී ඇති අතර සතුන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාතත්මක කර ඇති බව පැවසේ.
වළසෙකු ද පලා ගිය නමුත් ඌ වෙඩි තබා මරා දැමූ බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ජර්මනියේ මාධ්‍ය පවසා ඇත්තේ රාත්‍රීය පුරා පැවති වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සතුන්ගේ කූඩු වටා පිහිටි ආරක්ෂක වැටට හානි සිදුවී ඇති බවයි.
සත්වෝද්‍යානයට අයත් භූමි භාගයේම සතුන් රැඳී සිටීදැයි අවිනිශ්චිත නමුත් පොලිසිය, ගිනි නිවන භටයන් හා පශු වෛද්‍යවරුන් එක්වී ප්‍රදේශය පීරමින් සෙවුම් කටයුතු වල යෙදෙන බව බලධාරීහු පවසති.
පෞද්ගලික සත්වොද්‍යානයක් වන මෙහි අක්කර 74ක පමණ භූමි භගයක විශේෂ 60ක සතුන් 400ක් පමණ වෙසෙන බව පැවසේ. මොවුන් අතර සයිබීරියානු කොටි සහ සිංහයෝ ද සිටිති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොටින්ට නම් එලියට එන්න දෙන්න එපා.
අපේ රටිනුත් කොපමණ කොටි පැනලා ගියාද නේද?
මෙය හදිසි තත්වයක් බැවින් ඊට සරිලන ආකාරයට කඩිනමි ප්‍රතිචාර දක්වා තත්වය සමනය කිරීම බලධාරීන්ගේ වගකීමකි. ජනතාව ඊට සහයෝගය දැක්වීම යුතූකමකි.
උපුල් ඉන්ද්‍රජිත්, ඇත්තටම ජර්මනියටවත් නොතෙරිච්ච දෙයක්නේ ඔයාට තේරිලා තියෙන්නේ. ඔයානම් හැබෑම හපනා
කාටූන් ෆිල්ම් එකක වගෙයි...