රංජන් කස්තුරි
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් කරුණු දක්වා තිබෙන බවද ඒ පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය.
නව මැතිවරණ ක්‍රමය යටතේ බලය ලබාගත් කිසිදු පක්ෂයට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි තත්වයක් ඇතුළු ගැටළු රැසක් මතුව තිබෙන හෙයින් අවශ්‍ය සංශෝධන සිදුකරන තුරු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය හෙවත් සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු බව එජාපයේ අදහස යැයි ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉන්නේ ඔය ඡන්දෙ එනකල් තමයි, නිසි පිළිතුරු දෙන්න .
කාට චන්දය දෙන්නද? හැමෝම එක බෝට්ටුවේ. අපි ගිලෙනවා. ඒගොල්ලන් ගොඩ යනවා....
අනේ මහත්තයෝ, ඔය පළාත් සභාවලින් අපට කිසිම පලක් නැහැ. ඕව කැන්සල් කොරල දාන්න. මහා මැතිවරණෙට වුනත් ඡන්දයක් තියන්න වියදම් කරන්න ඕන නැහැ. ඔය හිර ගෙදර ඉන්න අපරාධ කාරයන් අතරෙන් හොඳම වැඩ කාරයන් ටිකක් තෝරලා ගන්න. නියමෙට සංවර්ධනය කරාවි.
එක පක්ෂයක් තමන්ට අවශ්‍ය ආකාරයට මේ තීරණය ගන්නේ කොහොමද? මේ පාර්ලිමේන්තුව හෝ මැතිවරණ කොමසාරිස්ගේ තීරණයක් නෙවෙයිද?