(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව මේපල්ස් මාවතේ නිවසක සිවිලිමේ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටි විදුලි කාර්මිකයකු සිවිලිම කඩාගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බෝලවත්ත අංගම්පිටියේ පදිංචි ෆිලික්ස් තිසේරා නැමති 75 හැවිරිදි අයෙකි.
මියගිය තැනැත්තා මෙම නිවසේ අලුත්වැඩියාවන් සඳහා නිතර ආවගිය අයෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.
සිවිලිම උඩ සිට විදුලි වයරයක අලුත්වැඩියාවක් කරමින් සිටියදී සිවිලිමේ දිරාගිය කොටසක් සමඟ මියගිය තැනැත්තා අඩි 10 ක පමණ උසින් බිමට ඇද වැටී ඇති බව මූලික පරික්ෂණ වලදි තහවුරු වු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අවුරුදු 75ක් වෙලත් මේ වගේ අවදානම් රැකියා කරන්න වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට. මේ සමාජ ක්රමය වෙනස් කරන්න මොලේ පහල වෙන්නේ කවදද අපිට?