විදුලි දුම්රිය දුවන්න දුම්රිය පාලම්වල උස වැඩිවෙයි කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බැවින් දුම්රිය මාර්ගය හරහා පවතින පාලම් තවත් අඩි කිහිපයක් උසින් යුතුව ඉදිකරන්නට නියමිත බව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය. 21 May 2017
අතුරුදහන් වූවන් ඉන්න තැන් කියනවා නම් ඒවා පරීක්ෂා කරනවා - ජනපති අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 20 May 2017
ලක්ෂ 18 ක දුම්වැටි ගෙනත් ලක්ෂයක් දඩකයි කුවේටයේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (20 වැනිදා) කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බැව් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය. මෙම දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයා 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 20 May 2017
සමුපකාර බැංකුවේ සභාපති දෙපැයක් ගොඩනැගිල්ලක රඳවාගනී හබරාදුව සමුපකාරයේ සභාපති සමන් දිලාන් වැලිගමගේ මහතා පැය දෙකක කාලයක් ගාල්ල හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ රඳවා තබා ගන්නට හබරාදුව විවිධ සේවා සමිතියට අනුයුත්තව පිහිටි හීනටිගල හබරාදුව ග්‍රාමීය බැංකුවේ ගණු දෙනු කරුවන් විසින් අද 20 දහවල් පියවර ගෙන තිබිණි. 20 May 2017
සන්සුන් සංගා ලෝඩ්ස්හි සංදර්ශනයක එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගයේදී කුමාර් සංගක්කාර (නොදැවී 113) ලබාගත් අලංකාර ශතකය නිසා සරේ ප්‍රාන්ත පිල දිනය අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියේය. 20 May 2017
දුමක් හේතුවෙන් කටාර් ගුවන් යානයක් හදිසියේම කටුනායකට බසී තායිලන්තයේ පුකෙට් නුවර සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ කටාර් ගුවන් සේවයේ යානයක් ඇතුළත ගින්නක් සහ දුමක් ඇතිවූ බවට තොරතුරු වාර්තා වූ බැවින් එය හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට එහි නියමුවා පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සේවයට අයත් කිවු ආර් 841 දරණ මෙම යානයේ මගීහු 208 ක් සහ කාර්ය මණ්ඩලය 15 ක් සිටියහ . 19 May 2017
සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සව අවස්ථාවට පැමිණි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් සිටියදී සභාවෙන් නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙන් තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 19 May 2017
උතුරේ හමුදාවට ඉවත් වන්නැයි ජනතාව වීදි බසින දවස නුදුරේදීම - විග්නේෂ්වරන් උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සවයකදීය. 19 May 2017
ශිවාජිලිංගම් ජාතිවාදය වපුරනවා - ශාන්ත බණ්ඩාර සහජීවනය සමාජ සාධාරණත්වය ඇති සැමට නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම කාගේත් බලාපොරොත්තුව වුවත් උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා මෙන්ම උතුරු පළාත් මහ ඇමතිවරයා ද තමන්ගේ ඡන්ද වැඩිකරගැනීමේ අරමුණෙන් ජාතිවාදය අවුස්සමින් සිටින බව ශාන්ත බණ්ඩාර මහතා පවසයි. බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 19 May 2017
ගම්මන්පිලගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතීපති කියයි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිඛෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යැයි නීතීපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 19 May 2017
ගනුදෙණුකරුවන්ගේ මුදල් කෝටි 4 ක් අවභාවිතාවේ - දකුණේ සමූපකාර ඇමති හබරාදුව විවිධ සේවා සමුපාකාර සංගමයට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම නිසා ගනුදෙනු කරුවන් විශාල පිරිසක් විශාල අපහසුතාවයකට ලක්වී ඇතැයි අනාවරණයවේ. 19 May 2017
ලක්ෂ 32 ක රට මත්පැන් - සිඟරට් අත්අඩංගුවට මීගමුව - කොප්පරා හන්දියේ සුපිරි වෙළද සැළක අලෙවි කිරීමට ගබඩා කර තිබූ බව කියන විදේශීය මත්පැන් බෝතල් 207 ක් සහ දුම්වැටි ඇසුරුම් 27 ක් අද(19) අත්අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි. 19 May 2017
මහබැංකුවේ හිටපු අධිපතිගේ බෑණා කොමිසම හමුවට ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (19) දැනුම් දුන්නේය. අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය. 19 May 2017
විල්පත්තුවේ නිධන් හෑරූ දෙදෙනෙක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික උද්‍යානයේ පල්ලිවාසම්කුලම් ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ජල මෝටරයක්, ඇතුළු උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවී කාර්යාලය කියයි. 19 May 2017
ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 May 2017
කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සිටි සේවකයෙක් තවමත් අතුරුදන් වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි. එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද වාර්තා වේ. 19 May 2017
වනඅලි පහරදීමකින් දැරියක් මරුට වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 May 2017
අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. 19 May 2017
දුන්හිඳදී වෑන් රියක් ප්‍රපාතයට යාමෙන් දෙදෙනෙක් මරුට බදුල්ල-මහිංයගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 19 May 2017
කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවූ අයෙක් මරුට කඩා වැටුණු වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයකු බේරාගෙන ඊයේ (19) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි පවසයි. 19 May 2017
පිළියන්දලදී වෙඩි වැදුණු සිසුවිය මරුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. 19 May 2017
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ. 19 May 2017
වසර හතරකට පසු රතුපස්වල මූනිස්සම් සොයයි ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළේය. 18 May 2017
මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් රවීගෙන් දින රහිත ලිපියක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් දිනයක් රහිත ලිපියක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහා බැංකුවේ අධිපතිවරයාට යවා ඇතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහා භාන්ඩාගාරයේ මෙහෙයුම් අධක්ෂක ජනරාල් (විශ්‍රාමික) එම්.එස්.ඞී. රණසිරි මහතා පැවසීය. 18 May 2017
ආණමඩුව සමූපකාරයේ ඇතිවෙන්නට ගිය ගැටුම පොලිසියෙන් වළකයි ආණමඩුව විවිධ සේවා සමුපකාර ජන්දයෙන් තේරි පත්වු නියෝජිතයින් පිරිසෙන් අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අද (18) කැඳවා තිබු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බාධා කරමින් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුම පොලිස් නිලධාරින් මැදිහත්වීමෙන් වැළකී ගියේය. 18 May 2017
ලබන සඳුදා වරුවක් වෛද්‍යවරු වර්ජනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලබන සඳහා (22) වරුවක වෛද්‍ය වැඩ වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2017
ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ලියාපදිංචිය දෙන්නේ නැහැ - මහාචාර්ය කාලෝ “ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය. 18 May 2017
වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 21 කට තුවාලයි වැල්ලවත්ත සැවොයි අසල තට්ටු පහඩනැගිල්ලක් කඩා වැටී 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි. 18 May 2017
රජීව් ගාන්ධි ඝාතනයේ චූදිත මුරුගන්ට මව හමුවීමේ අවසරය ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයකුව එරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මුරුගන් නැමැත්තාට වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණ සිටින ඔහුගේ මව මුණගැසීමට මදුරාසි මහාධිකරණය විසින් අද (18) අවසරය ලබා දී ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කරයි. 18 May 2017
මුතූර් පොලිසියේ ලොක්කා පුත්තලමට මාරු ත්‍රිකුණාමලය මුතූර් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වන පිරිදි පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබ තිබේ. 18 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026