බද්දේගමත් වෙළෙඳසැලක් ගිනිගනී බද්දේගම කුම්මේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක ඊයේ(23) රාත්‍රී ඇතිවූ ගින්නකින් එහි තිබු සියලුම ද්‍රව්‍ය ගිනීගෙන ඇති අතර ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුව ඇතැයි බද්දෙගම පොලිසිය කියයි. 24 May 2017
උතුර නැගෙනහිර ණයගැති බව අධ්‍යයනය කරනවා-මහ බැංකු අධිපති දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ධනය වෙමින් තිබෙන ණයගැති බව අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 24 May 2017
ජේම්ස් බොන්ඩ්ට පණ දුන් රොජර් මූර් දිවි රඟමඩලින් බැසයයි ජේම්ස් බොන්ඩ් සිනමා පට මාලාව ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගය හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය. 23 May 2017
ජාතිවාදය - ආගම්වාදය මැඩලීමේ බලය පොලිසියට ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 23 May 2017
තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු හතරක් රිමාන්ඩ් නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23) නියෝග කළාය. 23 May 2017
අල්ලස් දැලේ පැටළුණු කොස්තාපල් රිමාන්ඩ් ලොරි රථයක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ඉන් රුපියල් 60000ක් මුලින් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ දැරණීයගල පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය. 23 May 2017
ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පති පළාත් රාජ්‍ය සේවයට යවයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කළ බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවයට මුදා හරින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 23 May 2017
මැන්චෙස්ටර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට පුද්ගලයින් 22කට මරු කැඳවමින් මැන්චෙස්ටර්හි සඳුදා රාත්‍රියේ එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට එරට පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. 23 May 2017
සංජය ලීලාරත්නගේ මෝටර් රථය ගිනිගත් ආකාරය සොයයි රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතාගේ කිරුළපන පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථය අබිරහස් ලෙස ගිනි ගැනීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි. 23 May 2017
කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අත්අඩංගුවට හෙළයේ බලය සංවිධානයේ සභාපති බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 23 May 2017
ගාල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට හික්කඩුව බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයේ හික්කඩුව ප්‍රාදේශීයලේකම් කාර්යාලය අසල ව්‍යාපාරික ස්ථානයකදී දී මීට සුළු මොහොහොතකට පෙර පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 23 May 2017
මහාචාර්ය කාලෝගේ නිල කාලය ජූනි 30 දා අවසන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි. 23 May 2017
මන්ත්‍රීවරු 13 ක් උතුරු මැද මාසික රැස්විම වර්ජනය කරති උතුරු මැද පළාත් සභාව සදහා නව අමාත්‍යවරුන් පත් කිරිමෙන් පසුව අද (23) දින පැවැති මුල්ම මාසික රැස්විම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 13 දෙනෙකු විසින්ම වර්ජනය කර තිබුණි. 23 May 2017
විද්‍යා ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම සමුහ දූෂණයට ලක් කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත. 23 May 2017
සෞදියේ සිරකර සිටින කාන්තාව වෙනුවෙන් තානාපති නිලධාරීහු මැදිහත් වෙති සවුදියේ හාම්පුතුන් බලහත්කාරයෙන් තම වකුගඩුවක් ලබා ගැනීමට තැත් කළේ යැයි කියැවෙන වීඩියෝ පටයක් තම නිවසට එවූ ශ්‍රී ලාංකික කාන්තාවට එරෙහිව නඩු පැවැරීමට සවුදි පොලිසිය සුදානම් වූ බවත් තානාපති කාර්යාල නිලධාරින් මැදිහත්ව එය වළක්වා ගෙන ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත දන්වා ඇතැයි කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (සමථ) මාධව දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 23 May 2017
සංගා පළමු පෙළ පිටියෙන් සමුගැනීමට සැරසෙයි එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ක්‍රිකට් සමය නිමාවේදී පළමු පෙළ තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. 23 May 2017
මැන්චෙස්ටර්හි පිපිරීමකින් 22ක් මරුට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි පැවැති ඇමෙරිකා ජාතික ගායිකා ආරියානා ග්‍රාන්ඩේගේ ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව මේ වනවිට 22 කු ජීවිතක්ෂයට පත්ව 59 දෙනෙක් තුවාල ලබා සිටිති. 23 May 2017
නීති විරෝධීව රත්රන් ගෙන යාමට හැදූ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට සිය ගුද මාර්ගයේ සහ ශරීරයේ අභ්‍යන්තරයේ සඟවා ගෙන ඉන්දීය රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා රත්රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු ඉන්දිය රේගු බලධාරීන් කණ්ඩායමක් විසින් මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. 23 May 2017
‘කොමිෂන් සභා 9 ම තවමත් අත්හදා බැලීමේ තත්ත්වයේ‘ - ජනපති වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පිහිටවූ කොමිෂන් සභා තවමත් ඇත්තේ අත්හදා බැලීමේ තත්ත්වයක බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 23 May 2017
මාවනැල්ලේ පස්කන්දකට යටවූ දෙදෙනකු සොයයි මාවනැල්ලේ ඉදිකිරීමක් කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටී යටවූ එක් අයකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනකු සොයා සෝදිසි මෙහෙයුමක් සිදු කරන බවත් පොලිසිය කියයි. 23 May 2017
කහවත්තේ වෙළඳසලක් ගිනිගනී කහවත්ත නගරයේ වෙළඳසලක අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි. 23 May 2017
කැබිනට් සංශෝධනය මහ විහිළුවක් කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාව යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර බද්දේගම සමිත හිමියෝ පවසති. බද්දේගම සමිත හිමියෝ මේ බව කියා සිටියේ අද (23) බද්දේගම දී පැවැති ජනහමුවක දීය. 23 May 2017
පුත්තලමේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන පහකට තුවාල පුත්තලම - එළුවන්කුළ මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන , වසා තිබූ කඩයක වැදී පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ ඇතුලත් කළ බව පුත්තලම පොලීසිය කියයි. 23 May 2017
උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි - සිවාජිලිංගම් උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුලදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සදුදා (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 23 May 2017
දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය හෙට(23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමැටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 22 May 2017
නියෝජ්‍ය - රාජ්‍ය ඇමති තනතුරුත් වෙනස් වෙනස්වන හැඩ ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි සඳහන් කරයි. 22 May 2017
ලක්ෂ 39 ක් සාපරාධීව පරිහරණය කළේ යයි මහින්දානන්දට අධිචෝදනා වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් තවත් නඩුවක් පවරන ලද අතර එහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (22) බාර දුන්නේය. 22 May 2017
අනුර දිසානායක ‘ඇමතිවරයා‘ යන්නෙහි අර්ථදැකීම ගැන නීති උපදෙස් සොයයි අමාත්‍යවරයෙක් හා අමාත්‍යධුරයක් යන්න පිළිබඳව අර්ථදැක්වීමක් අවශ්‍ය වන බවත් මේ පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයෙන් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (22) පැලවත්තේදී පැවසීය. 22 May 2017
අධිකරණය විවේචනය කිරීමේ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙණියට බාරදෙයි මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපාහාසයක් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට අද (22) බාර දෙනු ලැබීය. 22 May 2017
ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු සෞදියේ දාරියා පොලිසියට යති සෞදි අරාබියේ බලහත්කාරයෙන් රඳවාගෙන වකුගඩුවක් ලබා ගැනීමට උත්සාහ කරන බවට පැමිණිලි කළ ශ්‍රී ලාංකික කාන්තාව සේවය කරන නිවස පිහිටි ‘‘දාරියා’’ ප්‍රදේශය බාර පොලිසියට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද (22) යැවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධව දේශප්රීය මහතා ලංකාදීපයට පැවැසීය. 22 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026