රංජන් කස්තුරි
දින සියයේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වු බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
මැතිවරණ ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා බාහිර පාර්ශ්ව ගණනාවක් සම්බන්ධවු පළමු අවස්ථාව එය වන බවද එහිදී රාජිත සේනාරත්න මහතා කීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.
දින සියයේ වැඩපිළිවෙළ සකස් කරන්න පාර්ශව ගණනාවක් සම්බන්ධ වුණා. හැබැයි ජනාධිපතිවරයා ඒක හදන්න සම්බන්ධ වුණේ නැහැ. හැදුවේ වෙ කට්ටියක්. අපට එදා තිබුණේ මාසයයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස එතුමා ප්‍රධාන ප්‍රචාරක කටයුතුවලට හිර වෙලා හිටියයා. මමයි රතන හාමුදුරුවෝ,අසෝක අබේගුණවර්ධන, පාඨලී චම්පික,විශ්ව විද්‍යාල ආචාර්යවරු දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පිරිස්,සිවිල් සංවිධාන නියෝජිතයින් වගේ පිරිසක් හිටියා.අපි ජාතික වැඩපිළිවෙළක් හැදුවා.ඒක තමයි කතාව.
හැබැයි ජනාධිපතිතුමා කියන කතාවත් තර්කයක් තියෙනවා. එජාපයට පාර්ලිමේන්තු ආසන 42 ක් තියාගෙන කොහොමද වැඩි බලයක් ගන්නේ.අයවැය දිනවන්න, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වගේ වැඩපිළිවෙළක් ඕනෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම හැටදෙලක්ෂයේ මිනිස්සුන්ව මොන තරම් මුලාවක දැම්මද කියන එක පැහැදිළියි. කිසිම ප්‍රතිපත්තියක් දරාගෙන ඊට මානසික සූදානමක් නැති කෙනෙක්ට බල තණ්හාව නිසා ජනපතිවරනෙට දැම්මා. කරුමෙකට ඒක වැඩකළා. දැන් ඒ පුද්ගලයා මේ රට ගැනවත්, මේ රටේ දර්ශනය ගැනවත් මොනම දේකටවත් වග කියන්නේ නැහැ. ඒක ඔහුම කියනවා. එතකොට දැන් මේරටේ ක්‍රියාත්මක වෙන්නේ රටේ නායකයාවත් නොදන්නා ප්‍රතිපත්ති... විධායක බලයක් තියාගෙන මෙච්චරම සවුත්තු වෙන්න පුලුවන්ද? මට මතකයි විමල් මහත්මයා ඒ දවස්වල මෙතුමාට බැන්නේ ඒරොප්පේ න්‍යාය පත්රයකට වැඩ කරනවා කියලයි. දැන් බලාගෙන ගියාම ඒ කතාව සීයයට දාහක් නිවැරදියිනේ...
මේකෙන්ම හැටදෙලක්ෂයේ මිනිස්සුන්ව මොන තරම් මුලාවක දැම්මද කියන එක පැහැදිළියි. කිසිම ප්‍රතිපත්තියක් දරාගෙන ඊට මානසික සුදානමක් නැති කෙනෙක්ට බල තන්හාව නිසා ජනපතිවරනෙට දැම්මා. කරුමෙකට ඒක වැඩකලා. දැන් ඒ පුද්ගලයා මේ රට ගැනවත්, මේ රටේ දර්ශනය ගැනවත් මොනම දේකටවත් වග කියන්නේ නැහැ. ඒක ඔහුම කියනවා. එතකොට දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රටේ නායකයාවත් නොදන්නා ප්‍රතිපත්ති... විධායක බලයක් තියාගෙන මෙච්චරම සවුත්තු වෙන්න පුළුවන්ද? මට මතකයි විමල් මහත්මයා ඒ දවස්වල මෙතුමාට බැන්නේ ඒරොප්පේ න්‍යාය පත්රයකට වැඩ කරනවා කියලා. දැන් බලාගෙන ගියාම ඒ කතාව සීයයට දාහක් නිවැරදියිනේ...
දින 100 වැඩ සටහන හැදුවට පස්සේ සිරිසේන මහත්තයට කොපියක් දීල බලන්නවත් කීවද? ලොකුම ප්ර්ශේනේ තමය් නායක හාමුදුරුවන්ගේ අනුස්මරණ උත්සවට ගිහින් කරපු කිසිම වැඩක් නැති කතාව.
තනිකෙනෙක් දින 100 යේ කෙරුවාව කොරලා වරදුනානම් සමාව දෙන්න තිබුනා. බලනකොට මහමොල කියන ඔක්කොම එකතුවෙලා කොරලානේ පචවෙලා තිබෙන්නේ. මෙයා හිතුවා අපි ඔක්කොම එකතුවෙලා කලයි කීවම සම්මානයක් ලැබෙයි කියලා.