රතුපස්වල සිද්ධියට බ්‍රිගේඩියර් ගුණවර්ධන අත්අඩංගුවට රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 25 May 2017
සිරි ගුණසිංහයෝ දිවිගමනේ ඉම දකිති ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය. 25 May 2017
මහින්දානන්දට ඇප උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27කින් බොරැල්ලේ නිවසක් මිලට ගැනීමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(25) නියෝග කළේය. 25 May 2017
ශෂී වීරවංශගේ හැඳුනුම්පතත් ගමන් බලපත්‍රයත් අධිකරණයේදි අස්ථානගතවෙයි විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) අධිකරණයේ දී කරුණු වාර්තා විය. 25 May 2017
අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මකදැයි මනෝ ගනේෂන් අවධානයෙන් ජාතීන් අතර අසමගියක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රියාවල නිරත අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වීම පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසුවන බව ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. 25 May 2017
පොලිසිය අතින් පොලිසියටම වෙඩි පත්තුවෙයි කෑගල්ලේ දී ලක්ෂ 30 ක කප්පමක් ගැනීමට ආ අයකු පොලිස් වැටලිමකදි පැන යන්නට උත්සාහ දරද්දි පොලිස් පරික්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වි පොලිස් නිලධාරියෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත. 25 May 2017
ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 25 May 2017
ලක්ෂපාන අසලින් මවකගේ හා දැරියකගේ සිරුරු හමුවෙයි ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් පිහිටි පෞද්ගලික කුඩා ජල විදුලිබලාගාරයක් අසල තිබී බිළිඳියකගේ සහ කාන්තාවකගේ මළ සිරුරු සොයාගත් බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි. 25 May 2017
මධ්‍යම පළාත් මන්ත්‍රීගේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි මහනුවර ජනාධිපති මන්දිරියේ ප්‍රවේශ මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක වැඩකටයුතු වහා අත් හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය නියෝග කර ඇත. 25 May 2017
රත්නපුරේ පවුල් 60ක් ඉවත් කරයි රත්නපුර දිස්ත්‍රික්කයට මේවන විට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ඉදිරියේදී අපදා තත්වයක් ඇති වීමට හැකි බව රත්නපුර ආපදා මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ මුදිත මංජුල මහතා පවසයි. 24 May 2017
කටුනායකදී කෝටි 4 ක හෙරොයින් අල්ලයි රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් බව කියන හෙරොයින් මත්කුඩු තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පාකිස්තාන අඹුසැමි යුවළක් කටුනායක ගුවන් තොටුපොලේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර යුවළ සතුව හොරොයින් මත්කුඩු කිලෝ 4.218 ක් තිබී ඇත. 24 May 2017
ධීවර යාත්‍රා 19 ම ගොඩබිමට එයි ධීවර කටයුතු සදහා මඩකලපුව එරාවුර් ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන්ව සිටි කුඩා ධීවර යාත්‍රා (ඩිංගි බෝට්ටු) 19 අද (24) සවස නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත පැමිණි බව නාවික හමුදාව කියයි. 24 May 2017
දියණිය කෙළෙසූ පියාට වසර 45 ක සිරදඬුවම් සිය බාල වයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 24 May 2017
හිමාල පෙදෙසේ බසයක් පෙරළී සංචාරකයෝ 21 ක් මියයති ඉන්දියාවේ හිමාල පෙදෙසේ උත්තරකාන්ද් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් බසයේ ගමන්ගත් සංචාරකයින් 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ධරාසු නගරය ආසන්නයේදී බස් රථය පාරෙන් ඉවතට පැන දුර්ගයකට පෙරළී ඇතැයි බලධාරීහු පවසති. සංචාරකයන් මධ්‍ය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර අනතුරින් හත්දෙනකු තුවාල ලබා ඇත. 24 May 2017
අල්ලස් ගත් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට කුඹුරු ඉඩම් කොටසක භුක්තිය සදහා නිත්‍යානුකූල අවසරය ලබා ගැනීමට කටයුතු කර දීමට රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් 5000කට අඩුකර ලබාගත් බව කියන අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජනපද නිලධාරීවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (24) නියෝග කළේය. 24 May 2017
එරාවූර්හි බෝට්ටු 19ක් ආගිය අතක් නැහැ එරාවුර්හි මුහුදු ගිය ධීවර බෝට්ටු 19ක් ආගිය අතක් නැතැයි නාවික හමුදා ආරංචිමාර්ග කියයි.එම බෝට්ටු සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 24 May 2017
ජනපති නිවස වටලන්න තර්ජනය කළ අය සොයයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල නිවස වටලා කුඩු කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දුරකතනය මගින් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළ එම ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කර ඇත. 24 May 2017
කරුණාගේ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිට යවයි මන්තී‍්‍ර වරප්‍රසාද යටතේ ලබාදී තිබූ රුපියල් කෝටි 9ක වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් ”කරුණා අම්මාන්” මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කළේය. 24 May 2017
ශ්‍රී ලංකාවට ජී.එස්.පී දීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයක් ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් ලබන 31 වැනිදා බ්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාදයක් පැවැත්වෙනු ඇතැයි බ්‍රසල්ස් තානාපති ආරංචි මාර්ග පවසයි. 24 May 2017
ගුවන්ගමන්වලදී අත්බෑගයේ ගෙන යන ද්‍රව්‍යවලට අලුත් නීතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් ජුනි 1වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරචිචි මහතා පවසයි. 24 May 2017
විනය විරෝධීව මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය විරෝධීව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 May 2017
ඥානසාර හිමියන් ගැන නීතිඥවරියගෙන් පොරොන්දුවක් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය සහතියක් සමඟ ලබන නඩු දිනට අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වන බව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූෂා පේරුසිංහ මහත්මිය අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 24 May 2017
ගාල්ලේ නියාගමට ධාරාණිපාත වැසි පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දිවෙලපර ප්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 24 May 2017
විදුහල්පතිවරයකු ඉල්ලා මහ ඇමති කාර්යාලයට කඩා වදිති මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයට අයත් ඉගිනියාගල ඩී. එස් .සේනානායක විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් ඌව පළාත් සභාවට අද(24) හිටි හැටියේ කඩා වැදුණහ. 24 May 2017
සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 24 May 2017
මැද පෙරදිග ගොස් හිංසනයට ලක්වූ 120ක් ආපසු එති මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වධහිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 120දෙනෙකු අද (24) දින අවස්ථා දෙකකදි ගුවන් මගින් මෙරටට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි 24 May 2017
දූෂිත ඇමතිවරුන්ට ඉඩ තිබිය නොහැකියි - මහාචාර්ය විජේසූරිය ‘‘දූෂණය පිටු දකිනවා කියල බලයට ආවා නම් දූෂීතයන්ට ඉඩක් තිබිය නොහැකියි. මේ වගේ දේවල් ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුවට අනතුරු අඟවනවා.’’ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 24 May 2017
යාපනයේ කෝවිලක කොටි හොල්මන් යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි. 24 May 2017
කේරළ ගංජා කිලෝ 51 ක් වැල්වැටිතුරෙන් සොයාගනී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනවිත් යාපනය වැල්වැටිතුරෙයි උදයසූරියන් ක්‍රිඩාංගනය අසල දමාගිය රුපියල් ලක්ෂ 62 ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 51 යි ග්‍රෑම් 800ක් අද (24) අලූයම සොයාගත් බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. 24 May 2017
නැගෙනහිර පළාත් මන්ත්‍රී අනතුරු අඟවයි මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් මහතා පවසයි. 24 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026