ටී.කේ.ජී.කපිල
ශ්‍රී ලංකා රුපියල් 12,75,000 ක් නීතිවිරෝධීව චීනය බලා රැගෙන යෑමට තැත් කළ බව කියන චීන ජාතික කාන්තාවක අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
චීනයේ බෙයිජිං බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 868 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එම ගුවන් යානය අසලම වූ පිටත්වීමේ පර්යන්තයේ 12 වන ගේට්ටුව සමීපයේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබුණි .
ඇය රැගෙන ආ ගමන් මල්ලක රුපියල් 5000 නෝට්ටු 255 ක් තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ සල්ලිත් ඇමෙරිකන් ඩොලර් වගේ ජ්‍යාතියන්තර කරණය වෙලාද?
චීනය ලංකාව සමග තිබෙන වෙළද සහ ව්‍යාපාරික සබදතා ශක්තිමත් නිසා සහ විසාල චීන ජාතිකයන් පිරිසක් ලංකාවේ කර්මාන්තවල නියුතු නිසා ලංකාවේ මුදල් චීන ජාතිකයන් පරිහරණය කරන නිසාත්, ලංකා බැංකුවක් චීනයේ විවෘර්ත කිරීමට කාලය පැමිණ ඇත.
මේ වගේ දේවල් වලට චීනයේ දෙන ජාතියේ දඬුවම් දියයුතුයි. එතකොට මේවා කරන එක නවතිනවා.
මේ ලක්ස 127500 කියන්නේ ඇමෙරිකන් ඩොලර් 8000ක් පමණ. ඉතින් ඇමෙරිකන් ඩොලර් 10000ක් මුදලින් ගෙනියන්න පුළුවන්නේ.
චීනය ආර්ථික වශයෙන් මහා බලවත් රටක් කියල සමහරු කිව්වට මෙහෙ ඇව්ත් ඉන්න සමඟ චීන ජාතිකයන් කරන බාල වැඩ ගැන හිතන කොට පොඩි සැකයක් පහළ වෙනවා.