රංජිත් රාජපක්ෂ
පෙපර්මින්ට් යැයි සිතා චොකලට් සමඟ අධික ලෙස පැරසිටමෝල් පෙති ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (06) මිය ගොස් ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි ශ්‍රි මනෝක්‍රිෂ්ණන් මර්වින් නැමති අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.
නිවසේ තිබූ පැරසිටමෝල් පෙති රැගෙන චොකලට් සමඟ මෙම දරුවා අහාරයට ගනිමින් සිටියදී ඒ බව දුටු මිය ගිය දරුවාගේ මව සහ පියා දරුවාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු දරුවා වැඩි දුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මස්කෙලිය පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරසිටමෝල් වැඩිහිටියෙක් වුනත් දවසකට පෙති 8 කට වඩා බීවොත් මාරාන්තික අතුරු අබාධ ඇතිවෙන්න පුළුවන්. බෙහෙත් අඩංගු සෑම බෝතලයකම ලියල තියෙනවා " ළමයින්ට අසුනොවන තැනක තබන්න" කියල.
පැරසිටමෝල් විෂ වීමෙන් එක්සත් රාජධානියේ පවා වසරකට 100 ක් පමණ මියයනවා . දවසකට 12g ට වැඩිනම් ඒක "මරණීය මාත්‍රාවක් " කෙලින්ම අක්මාවට හානි වෙනවා . නමුත් මෙතන ප්රශ්නය තියෙන්නේ එහෙම අයගේ ජීවිතත බේරගන්න නූතන වෛද්‍ය විද්‍යාව ට පුළුවන් මේ අසරණ දරුවට එහෙම නූනේ ඇයි කියලා ප්‍රශ්නයක්.