(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් (1,36,00,000) වටිනා රත්තරන් කුට්ටි දෙකක් තම ජංගම දුරකථන අතිරේක විදුලි ගබඩා තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අද (7) කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරද්දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙයින් 32 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනිය රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇය සිය ගමන් මල්ලේ මෙම අතිරේක විදුලි ගබඩාව සඟවා ගෙන තිබිණි.
29 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවකි. ඇය තමන් හැද සිටි ඩෙනිම් වර්ගයේ දිගු කළිසමේ සාක්කුවක මෙම අතිරේක විදුලි ගබඩාව සඟවා ගෙන ඇත.
මෙම රත්තරන් කුට්ටි දෙකෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 2 ක් බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරට ගොසින් මෙරට වැඩිය අක්කිලාට සතර වරම් දෙවි පිහිටයි.