ජේ.කේ.එල්.චාමින්ද
මෙරටට ගෙන්වනු ලැබූ ටින්මාළු කන්ටේනර් කිහිපයක සාම්පල් ශ්‍රි ලංකා සත්ත්ව පරික්ෂණාගාරයේ පරික්ෂා කිරිමේ දි ඇතැම් ටින් මාළුවල පරපෝෂිතයින් සිට බවට අනාවරණය වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.
ඇතැම් ටින්මාළුවල මියගිය පණුවන් සිටි බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ පිළිබඳ නිරික්ෂණය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර බලධාරියා වශයෙන් තම කාර්ය මණ්ඩලය හා වරාය කාර්ය මණ්ඩලය එක්වි එම ටින් මාළු අඩංගු කන්ටේනර් නැවත එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
එම ටින් මාළු මෙරට වෙළදපොළට පැමිණ නැති බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉන් නොනැවති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ දිනවල වෙළදපොළේ තිබෙන ටින් මාළුවල තත්ත්වය පිළිබඳ වරින්වර සාම්පල් ගෙන පරික්ෂා කරන බවද සඳහන් කළේය.
විද්‍යාත්මකව බැලූවිට පරපෝෂිතයින් සිටින ටින් මාළු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යයට අහිතකර බවක් නොමැති බව ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහෙත් එය අප්‍රියජනක බවත් ජනතාවට අප්‍රිය ජනක දෙයක් ලබාදීමට නොහැකි බවත් මේ නිසා ටින්මාළු ඇසුරු සියලුම කන්ටේනර් එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මොනවද සුළු දේවල්නේ .... බලන්නකෝ අපේ දුප්පත් බදුමුදල් ගිලින, කාබාසිනියා කරන පරපෝෂිතයින් 225ක්ම ඔය යස අගේට ඉන්නේ ඉහෙන් බහින රෝගයක් නැතිව පිනට කකා බිබී.
මිනිස්සු සල්ලී දීලා ගන්නේ පරපෝෂිතයෝ නොවෙයි ටින්මාළු.ඒ නිසා ටින් මාළුවලට අමතරව වෙනත් දේවල් අපද්‍රව්‍ය හැටියට තියෙනවා නම් ඒවා වෙළද පොලට එන එක නැවත්විය යුතුයි.අනික සඛ්‍ය සේවා අධයක්ෂක ජනරාල්වරයා කොහොමද භරියටම කියන්නේ ඒ පරිපෝෂිතයා ආහාරයට ගැනීමෙන් සෞඛයට අහිතකර නැතිබව ඒ පිලිබදව ඒතුමා පර්යේෂණ කර තිබෙනවාද ?
මම හිතුවේ චීන්නුයි ඉන්දියන් කාරයෝ විතරයි කියලා බලනකොට සමන් ටින් එකෙත් ඉන්නවනේ
රට වටකර මහ මුහුද ඒත් කුණුමාලු පිටරටවල් වලින් ගෙන්වන පුදුම රටක් මේක ඕයි.
මැරුණ පනුවෝ ඉන්නවා කියන්නේ මේ මාළු පැය 20 කට වැඩි කාලයක් එළිමහනේ තිබුන කියන එකයි. මැස්සෝ බිත්තර දාල පැය 20 කින් විතර තමයි පනුවෝ ඉපදෙන්නේ ඊට පස්සේ පණුව පියවි ඇහැට පේන්න තරම් ලොකුවෙන්න දවස් 3-4 යනවා. ඒ කියන්නේ මේවා කුණු මාළු.
රට වටෙටේම මත්ස්‍ය සම්පත පිරුණු සාගරේ. එත් මාළු කෑල්ලක් පහසු මිලකට කන්න නැති කරුම ජාතියක්.
මේ ගැන මම මගේ අධ්‍යාපන කටයුතුවල ඉන්නකොට සාකච්චා කෙරුවා. අපේ මහාචාර්යතුමා මෙහෙම දෙයක් කිව්වා. නොයෙකුත් රටවල 'DUMPING ' කියල දෙයක් කෙරෙනවා. එතැනදී කරන්නේ ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වෙන්න ළඟාවෙද්දී ඉක්මනට විකුණගන්න කියලා වෙළඳපොළට දානවා. ටින් කරපු මාළු මෙහිදී මූලික වෙනවා.. ගොඩක් වෙලාවට මෙම මාළු වර්ගයන්හි කල් ඉකුත් වෙන්න ලංවෙනකොට ඒ අය කරන්නේ රසායන ක්‍රම මගින් ඒවා නැවතත් 'process කරලා ටින් කරලා වෙනින් රටල්වලට ආනයනය කරනවා.. ටින් එකේ තියෙන්නේ කල් ඉකුත් වෙන්නේ ගොඩක් කාලෙකට පස්සේ කියලා. නමුත් ඇත්ත කතාව එක නෙවෙයි.. අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයල බලන්න 'dumping food කියලා. තායිලන්තය, තායිවානය වගේ රටවල් මේ වැඩේට කප් හගල තියෙන්නේ.
මම හිතුවේ පරපෝෂිතයන් කියන්නේ දේශපාලකයන්ට කියලයි. බලපුවාම ඒ නම තියන මාළු ජාතියකුත් ඉන්නවනේ අම්මප මේක පුදුම ලෝකයක් නේ !