(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමඟ විවාදයකට එන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී අද (7) නැවත වරක් ආරාධනා කළේය.
මුදල් ඇමැතිවරයා මේ ආරාධනය කළේ සුරාබදු ආඥා පනත යටතේ පැවැති විවාදයේදීය.
මංගල සමරවීර මහතා මෙසේද කීය.
‘මම හැමදාම මේ ආරාධනය කරනවා . එන්නේ නැහැ. පැනලා යනවා බයයි. මහින්ද රාජපක්ෂ අද ගොබෙල්ස් න්‍යාය අනුව රට පුරා බොරු පතුරවමින් සිටිනවා.රටේ ආර්ථිකය ජීවන වියදම ගැනත් බොරු කියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ.... කුරුදු පොලු මල්ලියේ අර මක්කටෙයි අනිකා බොරු කියනවා කියල කියන්නේ..ඇ... මලය සත්යමද කියන්නේ හැමවිටම??? අපි අනිකාට සුදුහුණු තවරනවා නොවේ හරියැ... කියනවා බලන්න ඔහේ හැමවිට, හැම තැනදීම ඇත්ත කතා කරනවාද ??? අනිකාගේ වැරදි කතා කරන්නේ......
අපට නම් විවාද කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අර ගොල්ලෝ කාපු එකේ ඉතුරු ටිකත් මේ දෙතුන්න්ගොල්ලෝ ඉවරම කළා. අද ඩොලරය 160. අපිට (ජනතාවට )
හිටපු ජනාධිපති මොකටද? ඔබට ආර්ථික උපාධියක් නැහැ මටත් ආර්ථික උපාධියක් නැහැ. කොහෙවත් හිටපු ඔබට එකපාරටම බදු වැඩිකරන්න පුලුවන්නම් මටත් පුළුවන් බදු වැඩි කොරන්න එපා කියලා වාද කොරන්න.
හිටපු ජනාධිපති ඔබව ගණන්ගන්නේ නැති බව අපි දන්නවා.
ඔහෙලා මඩ ගහගනිවී. බලන් ඉන්න අපිට හුලන්. නිකන් ඉන්ඩ මහත්තයෝ පිස්සු නොදොඩා..
විවාදයක් කරන්න තරම් ආර්ථිකයක් අපිට තියනවද?
හැමවිටම අනුන්ට අභියෝග කර කර ඉන්නේ නැතුව තමන්ගේ රාජකාරිය කලානම් හොඳයි නේද? .අනික තමුන්ගේ තරම දැනගෙන ඒකට හරියන කෙනෙකුට අභියෝග කරන්න. අතට අහුවෙන හැමදේටම බදු පිට බදු. වාද කරන්න ගැළපෙන්නේනම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් තමා.
කවදාකවත් රූපවාහිනි විවාදයකට ඇවිත් නැහැ. එන්නෙත් ඇවිත් ආර්ථිකය ගැන කියන්න දෙයකුත් නැහැ.මේ රටේ ආර්ථිකය වල පල්ලට දාන්න තමනූත් උපරිමව දායක උනා කියලා තමා කියන්න වෙන්නේ. ඒ නිසා ෂුවර් එකටම විවාදයකට එන්නේ නෑහෑ.
කයිවාරු නවත්තල අදට රුපියලට මොනවද වෙලා කියල බලන්න. ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙලා. විවාදය කල පමණින් රුපියල පාලනය කරන්න පුලුවන්ද?
ආර්ථිකය කියන්නේ මොකක්ද කියලවත් දන්නැති අය විවාද ඉල්ලන්නේ , මර රටක්නේ මේක
එක පාරක් මුළු රටම පාවාදුන්නා ඩයස් පෝරාවට දැන් අහිංසක ජනතාව සූරගෙන කනවා තව මොන විවාදද ? අනේ කලේ වනේ වසේ