(ජේ.කේ.එල් .චාමින්ද)
බාලවයස්කාර දැරියක් දෙවතාවකදී ගැබිනියක් බවට පත්කළ එම දැරියගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා ගාල්ල කොටුව නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඌරල කොඹෙයිගොඩකන්ද ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම බාලවයස්කාර දැරිය එවකට 14 හැවිරිදි වියේ සිටියදී 2009 වර්ෂයේ දි අතවරයට ලක් කර ඇත. ඉන්පසු මෙම දැරිය පාසලේදී සිහිසුන් වී තිබේ. පසුව ඒ සහා ප්‍රතිකාර ගත්තද සුව වී නොමැති අතර පසුව දැරිය වෛද්‍ය පරික්ෂණවලට ලක් කිරිමේ දි ගැබිනියක් බවට අනාවරණය වී ඇත.
දැරියගෙන් මේ ගැන විමසුවිට සුරියවැව රුවන් නැමැති අයකුගේ නමක් පවසා තිබේ. එම නම දැරිය හා දැරිය අතවරයට ලක් කළ පුද්ලයා විසින් නිර්මාණය කරනු ලැබු නමක් බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධ 2010 03.20 වැනි දා මුල්වරට පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව බාලවයක්කාර දැරිය විසින් බිහි කළ දරුවා අධිකරණය මගින් වෙනත් අයකුට හදා වඩා ගැනිමට දී ඇත.
නැවත වතාවක් මෙම දැරිවිය ගැබිනියක් බවට පත්ව ඇති අතර එම දරුවාද වෙනත් අයෙකුට හදාවඩා ගැනීමට ලබාදී ඇත. දෙවැනි වතාවේදි මෙම දැරිවිය ගැබිනියක් බවට පත්වන විට ඇයගේ වයස අවුරුදු 17කි.
සැකකාර මස්සිනා මෙම සිද්ධිය වී වසර නමයකට පමණ පසු අත්අඩංගුවට ගෙන ඇත. දැන් මෙම තැනැත්තියගේ වයස අවුරුදු 23ක් වන අතර සැකකාර මස්සිනාගේ වයස අවුරුදු 48කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පාර්ශව එකතුවෙලා දැරිවිට අතවරයට ලක්කරන්න උදව්කරලා වගෙයි මට තේරෙන්නේ මේක කියවනකොට.........
මෙපමණ දෙයක් වෙනකන් තරුණියගේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් මොකද කලේ ? සමහර මෝඩ දෙමව්පියන් විවාහක ලොකු දුවගේ ගෙදර අත් උදව්වට හෝ පාලු කපන්න කියලා අවිවාහක බාල දුව යවනවා. ඊට පසුව ලොකු බෑනාගේ මුතුන් මිත්තන් මතක් කරන්නේ , ලොකුම වරද තමන්ගේ අතේ කියලා දන දැනම .!
මේ දැරියගේ අම්මා මේ ඔක්කොම දැනගන හංගාගෙන ඉඳල තියනවා වගෙයි. මේක බොහොම ලොකු රහසක්. මේ පවුලේ ඔක්කොම එක වල්ලේ පොල් වගේ කියලා හිතන්න පුළුවන්. මහා කාන්තාව මේ සියල්ලට වග කිව යුතුයි.