3000 ක හොර සල්ලි තබාගත්තාට 10,000 ක දඩ සමග සිර දඬුවම් රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු තුනක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයකුට වසර 3 1/2ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරයස් මහතා රුපියල් 10,000/-ක දඩයක්ද ඔහුට පැනවීය. 22 May 2017
ධර්මලිංගම් ත්රස්තවාදයට එරෙහි නව පනත පරාජය කිරීමට සූදානම් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හා ත්රස්තවාදයට එරෙහි නව පනත පරාජයට පත් කිරීම සදහා සුළු පක්ෂ සමගින් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවත් මෙම සාකච්ඡා ඉදිරි සතියේදීම ආරම්භ කරන බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 22 May 2017
ඉන්ද්‍රකාන්ති ගෙන්වා ගැනීමට මානව හිමිකම් කොමිසමේ අවධානය වකුගඩුවක් ගලවාගන්නා තුරු ශ්‍රී ලංකාවට එන්නට නොදී සෞදියේ සිරකරගෙන සිටිනා බව කියන කාන්තාව සම්බන්ධයෙන් වහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ (22) රජයේ ආයතන කිහිපයකට දැනුම් දුන්නේය. 22 May 2017
මිලියන දෙකක ව්‍යාජ නෝට්ටු දෙන්න හැදුවාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ රුපියල් මිලියන දෙකක් වටිනා රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ලබාදීම සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ පහක දඩයක්ද අද (22) නියම කළේය. 22 May 2017
ජනපති මෛත්‍රීපාල ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (24) පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රාශියකට සහභාගිවීමට නියමිතය. 22 May 2017
වෙඩි තැබීමට ආධාර අනුබල දුන්නා යයි තිදෙනෙක් රිමාන්ඩ් පිළියන්දල මොරටු පාරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තැබු පුද්ගලයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය. 22 May 2017
එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී. එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි. 22 May 2017
මධුසමය දා මනාලිය පැහැරගනී විවාහක යුවළක් කොච්චිකඬේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගත කරමින් සිටියදී එම හෝටලයට කඩාවැදුණු මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතුව තිබූ දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඬේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 22 May 2017
සති දෙකේ දරුවා 50,000 කට විකුණලා සති දෙකක් වයසැති තම දරුවා රුපියල් 50,000ක මුදලකට විකුණු බව කියන මවක් මහබාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 22 May 2017
වාසුදේව ජාතික රෝහලේ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 22 May 2017
බලතල ඉල්ලීමෙන් සංහිඳියාවක් ඇතිවන්නේ නෑ: මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙන වෙනම බලතල ඉල්ලීම තුළ සංහිඳියාවක් ඇති නොවන බවත් සංහිඳියාව වෙනුවෙන් කැපවෙනවා නම් සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඉකුත් 20 වැනිදා පැවැසීය. 22 May 2017
කැබිනට් ඇමැතිවරු නව දෙනෙක් දිවුරුම් දෙති නව කැබිනට් ඇමැතිවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු අද(22) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 22 May 2017
අනුරාධපුර එළිමහන් සිරකඳවුරෙන් රැඳවියෙක් පළායයි අනුරාධපුර එළිමහන් සිරකදවුරේ රැදවියකු අද (21) පස්වරු 6.00 ට පමණ සිර කදවුරෙන් පළා ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. මෙම රැදවියා පලාගල කිරිදිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 22 May 2017
වකුගඩුවක් ගලවාගන්න ශ්‍රී ලාංකික කතක් සෞදියේ රඳවාගෙන වකුගඩුවක් ගලවාගන්නා තුරු නැවත සියරට එන්නට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිති. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි. 21 May 2017
ඇමැති ධුර 14ක් හෙට වෙනස් වෙන ලකුණු හෙට (සඳුදා) කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එජාපයට හිමි ඇමැතිධුර අටක ද ශ්‍රීලනිපයට හිමි ඇමැතිධුර හයක ද සංශෝධනයක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි. 21 May 2017
නව ලක් තානාපතිවරුන් දෙදෙනෙක් ජර්මනිය සහ ප්‍රංශය සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 21 May 2017
මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට ඉන්දියාවෙන් තහනමක් ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා අද(21) සවස ඉන්දියාවේ චෙන්නායි හි මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුම් උළෙලක් පැවත්වීම චෙන්නායි පොලීසිය විසින් වළක්වා ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය පවසයි. 21 May 2017
හෙට කැබිනට් සංශෝධනයේ දී මුදල් ඇමැතිකම මංගලට ? හෙට (22) පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධූරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව රජයේ ඉහළ ආරංචි සඳහන් කරයි. 21 May 2017
‘කැබිනට් මණ්ඩලයේ සිතාගත නොහැකි වෙනසක් හෙට‘ - ඇමැති මහින්ද අමරවීර කිසිවකුටත් සිතාගත නොහැකි තරමේ වෙනසක් කැබිනට් මණඩලයේ හෙට (22) සිදුවෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. 21 May 2017
වැල්ලවත්ත ගොඩනැගිල්ලට යටවී මියගිය ගණන තුන දක්වා ඉහළට වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද(21) පස්වරුවේ සොයාගත් බව ගිනි නිවන හමුදාව පවසයි. 21 May 2017
දකුණු පළාත් මහ ඇමතිට දෝෂාභියෝගයක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රම්‍රඛ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරි සතියේ දී දෝෂාභියෝගයක් ගෙන එන බව දකුණු පළාත් සභා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. 21 May 2017
ජූලි 1 දා සිට බස් ගාස්තු වැඩිවෙයි වාර්ෂිකව ජූලි 1 වැනිදා සිදුවන බස් ගාස්තු සංශෝධනයේ දී රුපියල් 9 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා වැඩිවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 21 May 2017
වෛද්‍ය වර්ජනයට දුම්රිය සේවයේ සහාය නෑ සයිටම් ආයතනයට විරුද්ධව හෙට(22) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයට මෙවර දුම්රිය රියදුරු හා නියාමකවරුන් සහාය නොදක්වන බව එම සංගම් පවසයි. 21 May 2017
ද්විත්ව පුරවැසිබව හිමි රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටිනවාද‘යි සොයයි ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් හා විදේශ රටවල සිටින මෙරට රාජ්‍ය ත්රාන්තිකයින්ගෙන් යම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිතනම් ඒ බව දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ට දන්වා යවා තිබේ. 21 May 2017
කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 May 2017
රතන හිමි ගමන්ගත් රියේ වැදී කාන්තාවක් තුවාල ලබයි පුත්තලම - අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. 21 May 2017
රජයේ වෛද්‍යවරු හෙට පැය 24 ක් වර්ජනයේ මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් රැසක් මුල්කරගෙන හෙට(22) උදෑසන 8.00සිට පැය 24ක වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි. 21 May 2017
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය. 21 May 2017
මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද(21) අලුයම කරන ලදබව කියන පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථානය පවසයි. 21 May 2017
ව්‍යාජ මුදල් නෝට්ටු සමග නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා ගෙන ආ බව කියන රුපියල් 75000ක ව්‍යාජ මුදල් තොගයක් සමග පස්සර ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 21 May 2017
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026