( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගය සැප්තැම්බර් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.
නඩු විභාගයේ සාක්ෂි විභාගයද එදින ඇරඹීමට නියමිතය.
අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නඩු පටලවන්න හැදුවට වැඩක් නැහැ ඒවා ඔප්පු කරන්න බැරි නිසා. නිකන් සුරන්ගනා කතා ගොතල ආණ්ඩුව හදන්නෙ මහ බැංකු හොරකම, හිස් බිල්ඩින් එකට දුන්න කෝටි ගණන් සල්ලි, විල්පත්තු විනාසය, අර්ථසාධක වලට ගහපු 14% ටැක්ස් එක, රුපියල් 160 නගපු ඩොලර් සහ ඒක නිසා අපේ ආර්ථිකය කඩා වැටෙන එක, වැඩිවෙන අපරාධ, දකුණේ ඇති වෙලා තියෙන උන වසංගත වගේ ඒව මහජනයාගෙන් වසන් කරන්න හදන එක. ආණ්ඩුවට කඩේ යන ලක්ෂ 62 ට නම් මේව පේන්නෙ නැතුව ඇති. මොකද පඩියම පිදුවත් යහපාලනය ඒ ගොල්ලන්ට සැපයිනේ.
උගතුන් ඇතුළු බාහිර ජනතා හඬ බලය අනිසි ලෙස යොදවා මකාදැමීමේ ප්රවනතාවයක් දැන් අධිකරණ යෙන් සිදුවනු පෙනේ .
කිසිම පුද්ගලයෙක් හැම විටම නිවැරදි නැහැ. අධිකරණයේ වුනත් වැරදි තියෙන්න පුළුවනි. ඒවා විවේචනය කරන්න. වැරැද්ද වැරැද්ද බව කියන්න ජනතාවට අයිතියක් තිබිය යුතුයි. අධිකරණය කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නොවෙයිනේ. උන්නැහේ වුනත් වැරදි නම් මම නම් ඒ ගණන් ගන්නේ නැහැ. අනුරුද්ධ මහත්තයෝ. මම ඔබව හඳුනන්නේ නැති වුනාට ඔබේ තාත්තා සමග එකම විද්‍යාලයේ ඉගෙන ගත්තු , එමෙන්ම එකම ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩා කරපු , එකම දෙපාර්තමේන්තුවේ රස්සාව කොරපු කෙනෙක්. ඉදිරියටම යන්න.