(විනීතා එම් ගමගේ)
ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබේ.
එම රූපවාහිනි සේවය පොල්ගහවෙලින් විකාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත‍්‍රය මෙතෙක් ලබා නොතිබීම නිසා මෙසේ මුද්‍ර තැබු බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොල්ගහවෙල අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම විකාශනාගාරය අද (5) වටලා එහි තිබු විකාශන යන්ත‍්‍ර අත් අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.
එවැනි නිසි බලපත‍්‍රයක් නොමැතිව සංඛයාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංන 27 දරන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් මෙම රූපවාහිනි විකාශන මධ්‍යස්ථානය මුද්‍ර තබන ලද්දේ මෙම චෝදනාව යටතේ බවත් එම නිලධාරියා පැවැසීය.
මේ වනවිට එම බස්නාහිර වයඹ හා සබරගමුව පලාත්වල ප‍්‍රදේශ රැසක විකාශන කටයුතුවලට මෙම තත්ත්වය යටතේ බාධා පවතින බව ටී එන් එල් රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මුදල් නොගෙවීමේ හේතුවක් පෙන්වමින් විකාශනාගාර උපකරණ ගලවතත් විකාශනාගාර පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට ගෙවිය යුතු සියලූ මුදල් ගෙවා ඇතැයි ද වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
වසර විසිපහක් පැරණි තම රූපවාහිනියට මෙවැනි චෝදනාවක් මීට පෙර එල්ල වී නැතැයි ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මහජනතාවට ප්‍රථම වරට රූපවාහිනී අත්දැකීම හිමිකර දුන්නේ මේ නාලිකාවේ අයිති කරුයි. "ගෙවීම් හිඟයක් සම්බන්ධයෙන් හෝ නඩුවක් සම්බන්ධයෙන් හෝ තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නැති" බව ඔහු ප්‍රකාශ කර ඇත. මේ සිද්ධිය තමන්ගේ නාලිකාව මඟින් පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් අති පුජ්‍ය සෝභිත හිමි ගුණ සමරුවේදි කරන ලද ප්‍රකාශ පරස්පර බවට ගෙන හැර දක්වමින් විකාශනය කල වැඩ සටහන් හේතුවෙන් කරන ලද මාධ්‍ය මර්දනයක් ලෙසට සලකන බවත් තමන් මේ සම්බන්ධයෙන් වන්දි ඉල්ලා අධිකරණයේ නඩු පවරන බවත් ඔහු වැඩිදුරටත් කියා ඇතිබවද වාර්තා වෙයි. ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ හිමිකරු වන ශාන් වික‍්‍රමසිංහ යනු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ වැඩිමහල් සහෝදරයාය. මේ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය මහජනයා අතර අප්‍රසාදයට පත්කරවීම උදෙසා ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙහි තවත් අවස්තාවක්දයි සමහරු ප්‍රශ්න කරති. යහපාලන ආණ්ඩුව මාධ්‍ය නිදහස දුන්නා යැයි කරන ප්‍රකාශ නිකම්ම නිකම් පුහු ප්‍රකාශ වන අතර ලංකාවේ පළමු වරට රූපවාහිනී නාලිකාවක් තහනම් කෙළේ වත්මන් යහපාලන රජය බවට ඉතිහාසයේ ලියැවෙනු අති බවද පැවසෙයි.
මේක අනවශ්‍ය ලෙඩකට මුලක්.
පෙර හුරුවකි
ඒක තමයි අපේ රට පුදුම රටක් කියන්නේ.. රජය කියනවා බලපත්‍ර නැති නිසා සීල් තැබුවා කියා. සේවාවේ සභාපති කියනවා මුදල් ගෙවා තිබෙනවා කියා. අනේ කාලේ වනේ වාසේ
සංදර්ශනයක්.