ඉන්දිකා රාමනායක
ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතා (55) හදිසියේ අභාවප්‍රාප්ත විය.
හේමනලීන් මහතා මාලඹේ, මිල්ලගහවත්ත, 3 වැනි පටුමගේ පිහිටි නිවසේ තනිවම ජීවත් වී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ මහතා අනුරාධපුරේ සිට පෙරේදා (4) සවස 6.00 ට පමණ නිවසට පැමිණ ඇති අතර දහවල් 12.00 ට වන තෙක් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
දුරකතනයට පවා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ හිතවතුන් පිරිසක් නිවසට පැමිණ ඔහුට කථා කළත් කිසිදු ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් පිරිසට සැක මතු වී ඇති බව පොලිසිය කියයි.
පසුව එම පිරිස ඉනිමගක් ආධාරයෙන් නිවසේ කවුළුවකින් හේමනලින් මහතාගේ කාමරය නිරීක්ෂණ කිරීමේ දී ඒ මහතා කටින් සෙම පෙරෙමින් නිවසේ කාමරයේ ඇද මත නිසොල්මනව සිටින අයුරු දැක සිද්ධිය තලංගම පොලිසියට දැනුම් දී ඇත.
තලංගම පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි පරීක්ෂා කර ඇති අතර හිතවතුන් එම නිවසේ දොර කඩා නිවසට ඇතුලූ වී ඇද මත වැතිර සිටි හේමනලීන් මහතා තලංගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඒ මහතා මියගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දී ඇත.
තලංගම සහකාර පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ දැනුම් දීම මත පොලිස් ඇගිලි සටහන් අංශය හා අපරාධ ස්ථාන නීරික්ෂණ අංශයේ (සොකෝ) නිලධාරීන් එම ස්ථානයට පැමිණි පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
හේමනලින් මහතාගේ මළ සිරුර ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත තිබු අතර හෙට (6) ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවැත්වීමට නියමිතව බව පොලිසිය කියයි.
හේමනලීන් කරුණාරත්න මහතා රූපවාහිණී සංස්ථාව ආරම්භයේ 1980 දශකයේ වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට එක්වී ඇති අතර වාර්තා හා විචිත්රාංග ඒකකයේ සහකාර අධ්යක්ෂවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත .
එම කාලවකවානුවේ ඒ මහතා විසින් ඉදිරිපත් කළ 9.05 වැඩසටහන, ඉතාම ජනපි‍්‍රය වැඩහටනක් බවට පත්විය. එම වැඩසටහනට අමතරව ආයුබෝවන් ඇතුළු විවිධ වැඩසටහන ද ඒ මහතා විසින් ඉදිරිපත් කළ අතර තිබුණි.
පසු කාලයේ 2000 වසරේ රූපවාහිනි සංස්ථාවෙන් ඉවත් වී ස්වර්ණවාහිණි ආයතන සම්බන්ධ වී ඇති ඒ මහතා 2008 වසරේ ඉන් ඉවත් වී රූපවාහිනි ආයතන රැසකම විවිධ වැඩහටන් ඉදිරිපත් කරමින් ඒ මහතා නිදහස් මාධ්‍යවේදියෙක් වශයෙන් ද කටයුතු කර ඇත.
මීට වසර 10 ට පමණ පෙර හෙරිටේජ් නමින් කේබල් රූපවාහිනි ආයතයක් ආරම්භ කර ඇති අතර මිය යන තෙක්ම එහි අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
හේමනලින් මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.
ඡායාරූප සැපයුම - එච්. චන්දන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ මොනවා වෙලාද? නිවස් සුව එතුමාට
අනේ දෙවියනේ ඇයි මේවැනි සුන්දර මිනිසෙකු මෙතරම් ඉක්මනින් අපගෙන් ඈත් කලේ. අද උදෙත් මා හේම නලින්ගේ වැඩසටහනක් බැලුවා ඔහුගේ එච්ටීවී චැනල් එකේ. පසුගිය වසරක ජපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විභාගයක් ආරම්භයේදී ප්‍රශ්න පත්‍රයට වාඩිවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී අප දෙදෙනා මොහොතක් හමුවුනා. සුපුරුදු ලෙස හිස පාහත් කොට අවංක සිනහවෙන් පිරි මුහුණෙන් යුතුව "කොහොමද ඉතින්" කියා ඇසුවා.ඊට පසු මාහට ඔහු හමුවුනේ ඔහුගේ නිර්මාණවලින් පමණයි.ප්‍රතිභාපුර්ණ මාධ්යවේදියාණනි, ඔබට නිවන් සුව.
දක්ෂ සුවිශේෂ හැකියාවක් තිබු මාධ්‍ය වේදියෙක් ....නිවන් සුව පතනවා ඔබට
ඉතාමත්ම කනගාටු දායක පුවතක්. අප ඔබගේ වැඩසටහන් හොදින් රසවිඳ . ඒවා සුන්දර මතකයන් පමණයි දැන්. ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරන්නෙමු!!!!!
ඔබට නිවන් සුව...
ඉතාම කනගාටුදායක ආරංචියක්. මාලඟ තිබු හේම නලින් රුපවාහිනිය සඳහා කල අතිගරු මර්සිලින් ජයකොඩි පියතුමා පිළිබඳ වැඩසටහනක පිටපතක් ලබන සතියේ ඔහුට යවන්න මම සුදානම් කරගෙනයි ඉන්නේ. අනේ අපොයි මේවගේ කනගාටුදායක ආරංචි.ඔහුර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඉතාමත් කණගාටුදායක පුවතක් , සුන්දර මිනිසෙකුගේ ඉක්මන් නික්මයාමක්, නලින් ඔබට නිවන් සුව!!!
දක්ෂ සහ ප්‍රසිද්ධ ලාංකික කලාකරුවන් විතරක් අකාලයේ මිය යන්නේ ඇයි?
හේම නලින් මහතා වැනි නිර්මාණවලින් ප්‍රතිභාපුර්ණ මාධ්‍යවේදියෙකු අප අතරින් නික්ම යාම ඉතාම කනගාටුදායක ආරංචියක්. ඔබට නිවන් සුව!
මෙච්චර මේ රටට වින කරන අයට ඉහෙන් බහින රෝගයක් නෑ. රටට වැඩක් කරන සුන්දර හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ. ඔබට නිවන් සුව...!
එතුමා අති දක්ෂ නිවේදකයෙක්............ උතුම් වූ නිවන් සුව පතමු .
කණගාටුදායකයි. 9.05 ට සුභ ගමන්!
සොදුරු මාධ්‍යවේදීයාණනි ඔබට නිවන්සුව ......
ඉතාම කණගාටුදායක පුවතක්. කෙසේ නමුත් ඔබතුමා ශරීර සෞඛ්‍ය ගැන මීට වඩා දැනුවත්ව හිටිය නං මෙවැනි දේවල් මෙච්චර ඉක්මනට සිද්ද වෙන්නේ නැ... සොයුර ඔබට නිවන් සුව
ඉතාම කනගාටුදායක පුවතක්. ඔබ වැනි නියම නිවේදකයින් රටට අවශ්‍යම මොහොතක ඔබ අපට අහිමි වී ඇත. නං දොඩවන නිවේදකයින් ගෙන් හෙම්බත් වී ඇති අපට ඔබ දැකීමත් සතුටක් විය. ඔබට නිවන් සුව.
පිටිගල මිලානෝ, පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියන එකයි ඊට පිළිතුර .
කඳපොල, ඔබ කියන විදියට නොවෙයි සංසාරය ක්‍රියාත්මක වන්නේ. ප්‍රාණය හරියට කුඹල්කරුවා තනන මැටි භාණ්ඩ වගෙයි.
ඇයි හොඳ මිනිස්සු අපිට කලින්ම නැතිවෙන්නෙ කියලා මම හිතුවෙ මේ ලගදි ප්‍රේම කීර්ති ද අල්විස් මහතා ගැන ලියවුණු සටහනක් කියවද්දි. ප්‍රේමකීර්ති කලාකරුවාගෙන් පස්සෙ තමන්ගේ සොදුරු හඩින් ප්‍රෙක්ෂකයාට ජාතික රූපවාහිනීය සමීප කලේ හේමනලීන් මහතාගෙ 9:05. හැමෝම එකට වාඩි වෙලා ආසාවෙන් බැලුවා. අදටත් 9:05 බලපු හැමෝම හේමනලීන් මහතාට ආදරෙයි.. හරිම සුන්දර මිනිසෙක් නැතිවීම පාඩුවක්. අද චැනල් වල ඉන්න අයියලා අක්කලාට හේමනලීන් ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. 9:05 ඔබට සුභ ගමන්.....
අප පුංචි කාලයේ 9.05 වැඩසටහන තුලින් අපට ලංවූ ඉතා විශිෂ්ට සන්නිවේදකයෙක්. හරිම දුක්බරයි. ඔබට නිවන් සුව!
මානව සංවේදනා මැනවින් හඳුනා ගෙන අප ඇමතු සොඳුරු මිනිසාණෙනි. පෘතුවී වාසියෙකු ලෙස කෙටි කලක් අප ඇසුරු කල සන්නිවේදකයාණනි , ඔබ විශ්වාස කරන බෝධියකින් නිවන් සුව ලැබේවා.
ඔබ වැනි නියම නිවේදකයින් රටට අවශ්‍යම මොහොතක ඔබ අපට අහිමි වී ඇත. ඔබට නිවන් සුව.
අද උනත් රාත්‍රී 9.05 උනාම මතක් වෙන්නේ ඔබය. ඊයේ රාත්‍රි 10.30ට ඔබව අයෙත් දැක්කා. සමහරවිට මම ඔබව 9.05න් දැක්ක අවසන් අවස්ථාවද එය වන්නට පුළුවනි ඔබෙන් ඉගෙනගත් පාඩම් බොහොමයි ඔබට සුබ ගමන් සොයුර යලිත් අපි අතරම ඉපදේවා