අජන්ත කුමාර අගලකඩ
නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුර්දීන් යන මහත්වරුන් අතර අද (5) පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරේ නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවු මත ගැටුමක් උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගිය බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (5) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඇමැතිවරුන් දෙදෙනා එකිනෙකා විවේචනය කර ගත් බව දැනගන්නට තිබේ.
උතුරේ නැවත පදිංචි කිරිම් සඳහා පත්කර ඇති ඇමැති කමිටුවට තමාද ඇතුළත් කර ගන්නැයි රාවුෆ් හකීම් මහතා ඉල්ලා ඇති අතර රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ඊට විරෝධය පළකර ඇත.
හකීම් ඇමැතිවරයා එම කමිටුවට ඇතුළත් කරන්නේ නම් තමා ඉන් ඉවත් වන බව රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
රාවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන බැවින් ඔහු උතුරේ නැවත පදිංචි කිරිමේ කමිටුවට ඇතුළත් කළ නොහැකි බවද රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එසේ නම් දුමින්ද දිසානායක සහ ෆයිසර් මුස්තාෆා යන ඇමැතිවරුන් දෙදෙනා එම කමිටුව පත් කළේ කෙසේ දැයි හකිම් ඇමැතිවරයා ප්‍රශ්න කර ඇත.
ඊට පිළිතුරු දී ඇති රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා දුමින්ද දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ උතුරේ සිංහල වැසියන් නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බවත්,ෆයිසර් මුස්තාෆා පත්කළේ පළාත් සභාව සම්බන්ධීකරණයට බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරුවට රණ්ඩු වෙන්නේ..අපිට හැබැයි හිතෙන්න
මෙයාලත් අර ඇමෙරිකාවේ රෙස්ලින් බලලා ඒවගේ පාට් දානවනේ අපිව රවට්ටන්න ? අපිත් බලාගෙන ඉඳල හුරේ දානවා. පස්සේ දෙන්නම කරට අත දාගෙන අපහු යනවා.
ඔවුන් සටන් කරමින් ඉන්නවා නැතිවූ සමීප සබඳතාවන් සඳහා