(රංජන් කස්තුරි)
මේ වසරේදී ලබා දිය යුතු වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස බල කරමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබු වැඩවර්ජනය අද (06) පස්වරුවේ අවසන් කෙරිණි.
වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් ලබා දීමට ජලසම්පාදන ඇමැතිවරයා සහ ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට එළැඹි හෙයින් වැඩ වර්ජනය අවසන් කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව ප්රාණ ඇපකරුවන් කරගන්න පුළුවන් රජයේ සේවකයන්ප ඩිනඩි දීමනා තමන් කරන සේවයටත් වැඩියෙන් ගන්නවා. එහෙම කරන්න බැරි ගුරුවරු ලිපිකරුවන් ග්රාම නිලධාරීන් වගේ අය සොච්චම් පඩියක් අරගෙන ණය බරින් මිරිකිලා අහසට හූල්ල හූල්ල බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. මේ මුළු රාජ්ය සේවයම උඩු යටිකුරු වෙලා තියෙන්නේ ආත්මර්තකාමීකම ඉහවහා ගිහිල්ල මනුස්සකම බින්දුවටම බැහැල තියෙන නිසා කියලයි මට හිතෙන්නේ.
ජල සම්පාදන, විදුලි, ටෙලිකොම, දුම්රිය වරාය වගේ අහස උසට පඩි ගන්න නුඹලා මහා ජනය උකසට තියලා තවත් පඩි වැඩි කර ගන්නවා කියන්නේ මහජන මුදල් කොල්ලකන එකයි