(එෆ්.අස්ලම්)
තමන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සත්‍ය වුවත් තමා කිසිදු අවස්ථාවක ජාතික කොඩියට අවමානයක් සිදු නොකළ බවත් තමාට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ තමා ජාතික කොඩියට අවමන් කිරීමක් සිදුකර ඇති නම් පමණක් බවත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ලංකාදීපයට පැවසීය.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් විද්‍යාලයේ පසුගිය වසරේ පැවති උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේය.
ශ්‍රී ලංකා ධජයේ සිංහයා සහ අසිපත තුළින් සෙසු ජාතින් සිංහල ආධිපත්‍යට යටත්ව ජීවත් විය යුතුයි යන නිරූපනය වන නිසා දෙමළ නායකයින් ජාතික කොඩිය පිළිනොගන්නා බවත් එය චෙල්වනායගම් පියාණන්ගේ කාලයේ සිටම රකින ප්‍රතිපත්තියක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිනොගැනීම තම කැමැත්ත සහ අයිතිය බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අනුචිත ක්‍රියාවක් මෙන්ම තම මූලික අයිතිවාසිකම්ද අහිමි කිරීමක් බවත් හෙතෙම කීය.
එමෙන්ම තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනවා . වෙනුවෙට රටේ නායකයින් සියළු ජාතින් හට සම අයිතිවාසිකම් දිනාදීමටත් සියළු ජාතීන්ම සමසේ නිරූපණය වන ආකාරයේ ජාතික ධජයක් නිර්මාණය කිරීමටත් කටයුතු කළයුතු බවද සර්වේෂ්වරන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කොඩිය එසවීම ප්‍රතිෂේප කිරීම යනු එයට කරන නිග්‍රහයක් තමයි. සියලුම රජයේ සේවකයින් ජාතික කොඩිය පිළිගත යුතුයි. එසේ නොවන්නේ නම් රජයේ සේවයෙන් ඉවත් විය යුතුයි... මෙම කොඩිය ජාතික කොඩිය මිස සිංහල කොඩිය නොවන බව හැමෝම තේරුම් ගත යුතුව ඇත..
රටේ නියම අයිතිකාරයින් වන සිංහල බෞද්ධ ජනතාවට ඒ අයිතිවාසිකම් කවුරුවත් විශේෂයෙන් දෙන්න අවශ්‍ය නැහැ. සිංහල මහජාතිය තමයි පුරාණයේ සිට මේ රට රැක්කේ. අවාසනාවට සමහර නිවට දේශපාලකයන් නිසා අද මගේ මව්බිම ඉතාම අවාසනාවන්ත තත්වයකට පත්වෙලා.
මෙහෙම අන්තවාදීන්ට තමයි මේ යහපාලනය විසින් රටේ ජාතික ගීය පාවලා දුන්නේ, ජාතික ගැම්ම වෙච්ච 'සිංහල' කියන අපේ භාෂාව පාවලා දුන්නේ. 1948දී කොයි කවුරු උත්සාහ කළත්, නොකළත් සුද්දා අපට මේ රට බාර දීලා යනවා. ඒකට ගත වෙන්න තිබිච්ච කාලේ ටිකක් අඩු වෙච්ච එක විතරයි අපේ කට්ටිය උනන්දු වෙච්ච එකෙන් වුනේ. අනික ඒ කාලේ ඉඳන් දමිල සහ මුස්ලිම් අය අපිට කටුව ගහන්න බලාගෙනයි ඔය කියන ජාතික වීරයින් වුනේ. එහෙම නැතුව කව්රුවත් හිතන්න එපා අපේ මේ සිංහල මිනිස්සුන්ට සහ බුදු දහමට තියෙන කරුණාවටයි ඔවුන් ඊට මහන්සි වුනේ කියලා. මේ රටට සුද්දා නිදහස දුන්නට පස්සේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කොඩිය වෙච්ච ඒ සිංහයා රතු පාට පසුබිමක ඉන්න කොඩිය නැවත ඔසවන්න යද්දී ඒකට ඔය නිදහසේ වීරයෝ කියන සුළු ජාතික බහුතරය විරුද්ධ වුනා. එ්කෙන් මේ රටට හරිහමන් කොඩියක් නැතුව අවුරුදු 20ක් හෝ 24ක් ඉන්න වුනා. ඊට පස්සේ තමයි අපේ නියම සිංහල කොඩියට ඔය කොළ පාට සහ තැඹිලි පාට පටි දෙක දාන්න වුනේ. දැන් මෙයාලට ඒකත් මදි. ඔය මොකවත් නැහැ මැද ඉන්න සිංහයා නැතුව එතැනට කොටියෙක් දැම්මනම්. මේ ගොල්ලෝ කොඩියේ ඉන්න සිංහයාට මෙහෙම බයනම් අපේ සිංහ කොල්ලෝ යුද්දෙදි ඉදිරියට යනකොට කොහොම බය වෙන්න ඇතිද කියල හිතුණා.
එහෙනම් ඉතින් අනිත් ජාතීන්ටත් මෙහෙම හිතෙන්න එපැයි (දෙමළ ජාතීන් හැර) මේ ගොල්ලන්ට කොටින්ගේ ලාංඡනය නිරූපණය කරන ජාතික කොඩියක් හදලා දුන්නා නම් මුකුත් කියන එකක් නෑ.. අනේ රටට ගිය කලක්...
ශ්‍රී ලංකාව සිංහලයාගේ නිජබිම බව දැනදැනත් මේ අමන අය අපව සුළුකොට සලකනවා. ඔබලාගේ නිජබිම තමිල් නාඩුවයි.. එහෙ යන්න.
තමිල්නාඩු කොඩිය උස්සන්න දුන්නා නම් පැනලා උස්සයි. ආයෙත් තමන්ගේ වර්ගයා ඉන්න රටට ගියා නම් ඉවරයි අපිට වද නොදී.
ජාතික කොඩියට ගරු කරන්න බැරි නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් නෙමෙයි. ඒ නිසා තනතුරින් නෙරපිය යුතුයි.
ජාතික කොඩිය ඔසවන්නේ නැත්නම් වෙන මොන කෙහෙල්මලක්ද උස්සන්න හදන්නේ?
ඕනෑම රටක ජාතික ධජය එසවීමට ප්‍රතික්ෂේප කරනවා යනු එම ධජයට අවමන් කළා හැර වින කිසිඳු විග්‍රහයක් නොමැත. මෙවන් දේශද්‍රෝහීන් හැර වෙනත් කිසිවෙක් නොවේ. බලය වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කිරීමට, ඕනෑම බලුවැඩක් කිරීමට, තමන්ව මෙලොවට බිහිකළ තම ආදරණිය මෑණියන්ව පාවාදීමට වුවත් මෙවැනි "පාහර දේශපාලකයන්" පසුබට නොවෙන බව මෙය හොදම උදාහරණයකි. මෙය අප රටේ තිබෙන සියලුම අනේකවිධ පක්ෂවලට අදාලයි.
දැන් පේන හැටියට මෙයා ළඟදීම නඩුවක් දායි වගේ එයාගේ මානව හිමිකම් අහිමිවුනා කියලා.
තව විධායක ජනාධිපති ධුරයත් අහෝසි කළොත් කොහොමට තියෙයිද?
ඕවා තමයි මොවුන්ට වෙලා තියෙන අසාධාරණ.. කොඩියේ තියෙන කඩුවෙන් තමයි දෙමළ ජනතාවට අසාධාරණේ වෙලා තියෙන්නේ.. මේවා තනිකරම ජාතිවාදී කතා... මොවුන්ට යුරෝපේ ඕනෑම රටක ඒ රටේ ජාතික කොඩිය ඔසවන්න පුළුවන්.. එංගලන්තේ ප්‍රාන්ත කොඩිවල සිංහයා ඉන්නවා.. කෝ එයාලා කිව්වද එ්ක දෙමළ ජනයාට කරන අගෞරවයක් කියලා... මේ ලංකාවේ තමා ඔක්කොම ප්‍රශ්න.. දෙමල භාෂාව ජාතික භාෂාව කරලා තියෙන්නේ ලංකාවේ විතරයි. දෙමළ භාෂාවෙන් 1 වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපන දක්වාම ඉගෙනගන්න පුළුවන් ලංකාවේ.. දෙමල ජනයාට ලංකාවේ ඕනෑම තැනක පදිංචිවෙන්න.. ඉඩමක් ගන්න.. පුළුවන්. රජයේ ඕනෑම රැකියාවක් දරන්න පුළුවන්. පොලිස්පති වෙලා තියෙනවා.. තව මොනවද ඕනේ..? ජාතික කොඩිය ඉන්න සිංහයා තමා මෙයාලට ප්‍රශ්නේ.. ඉස්සර වාහන වල තිබුන ශ්‍රී ලකුණ අල්ලාගෙන ප්‍රශ්න හදා ගත්තා.. මෙයාලට ඕනේ මොනවා හරි අල්ලගෙන රටේ නැවත ගැටුම් ඇතිකරන්න. අැයි මේ ආණ්ඩුවට මේවා තේරුම් අන්න බැරි..? වහාම මොහුව රජයේ සේවයෙන් නෙරපන්න.. මොහුට දඬුවම් දෙන්න... එතකොටයි හැමට ආදර්ශයක් වෙන්නේ.. රටේ ඉන්න මුස්ලිම්, බර්ගර්, මැලේ, මේ හැමෝම ජාතික කොඩියට ගරු කරනවා.. මේ අයට තමයි බැරි... මෙය සුළුවෙන් තකන්න එපා..
ඡන්දය ඉල්ලන්නේ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජය යටතේ සුදුසුකම් නැති අයට, නොමිනේෂන් දුන්නේ අපිද? එය සුදුසුකමක්ද? මොලය ඇති දක්ෂයින් කියන්න ගන්නා බුද්ධිමත් යයි කියාගන්නා, දක්ෂ බුද්ධිමත් මඩුල්ලක් යටතේ කිව්වට එ්ක පුස්සක් කියල ලෝකයම දන්නවා..
රටේ ජනාධිපතිටත් අභියෝගයක් වගේ මට නම් හැඟෙන්නේ...
මෙහෙම ගියොත් ආයිමත් ත්‍රස්තවාදය ඔලුව උස්සනවාමයි.
රට බල්ලට ගිහින් කියන කතාව සහමුලින්ම වැරදියි. එයත් නිගාවකි.
කෝ මේ හිටං පත්තරේ බැලුවේ නැද්ද දන්නේ නෑ.
රටේ ජීවත් වන සුළු ජාතීන්ට පමණක් නොවේ, රටේ ජීවත්වන සියලුම ජනතාවට වින කරන, සිංහල කියන නමට හා සිංහයාටත් අපහාස කරන මේ සිංහ වෙස් අරන් ඉන්න නරි ජාතිය සිංහයා ඔය කඩුවෙන්ම කපා විනාශ කරන දවස වැඩි ඈතක නැහැ. කොඩියේ සිටින සිංහයා දැනටමත්, මුදලට, මැර දේශපාලන බලයට, හා රටේ වෘත්තීය සංගම් මාෆියා කල්ලිවලට ආවඩන අහිංසකයින්ට පමණක් සද්දෙට බුරන, බලු කුක්කන් සිංහයින් ලෙස වැජඹෙනවා දැක, ලැජ්ජාවට පත්ව ඒ කොඩියෙන්ම මුහුණ වසා ගෙනයි සිටින්නේ. රටේ ජනගහනයෙන් සියයට 74 ක් ඉන්න සිංහල මහජාතිය සුනඛයින් වගේ හැසිරෙන විට, ගෙවල් ඇතුලේ හුරතලයට හැදෙන ඥාව් කියන පූසොත්, ගොරවලා, කොටි වගේ හැසිරෙන එක අහන්නත් දෙයක්ද?
20 අනුමත කලා නම් හරි .! දැන් තියෙන්නේ 1975 වගේ තිබුන තත්වයක්.මෝරන්න ටිකක් කල් යයි.