(කාංචන කුමාර ආරියදාස)
රජයේ ආපන ශාලා මගින් ගෙවිය යුතු බදු මුදල් රජයට නොගෙවා සිටීමට සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අසේල සම්පත් මහතා කියා සිටියේ රජයේ ආයතන ටෙන්ඩර් මඟින් හෝටල් හිමියන් විසින් පවත්වාගෙන යන බවත් ඔවුන් විශාල වශයෙන් දුක් මහන්සිවී රජයට ගෙවන බදු මුදල් භාණ්ඩාගාරය හරහා මන්ත්‍රීවරුන්ට සැප විඳීම සඳහා ලබාදීමට නොහැකි බවත් බැඳුම්කර මගඩිය සමඟ තමන් මෙම තීන්දුවට එළඹි බව සඳහන් කළේය.
එමෙන්ම බදු මුදල් එකතු කිරීම සඳහා නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන්ට පහර දී එළවා දැමීමට සංගමය තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.
අති විශාල මුදලක් වියදම්කොට රජයේ ආයතන ටෙන්ඩර් ලබාගත්තද ටෙන්ඩර් මගඩි වලින්ද රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් හෝටල් හිමියන් ගෙන් මුදල් අය කරන බවත් එමෙන්ම ඉතා අඩු මුදලකට රාජ්‍ය සේවකයන්ට ආහාර ලබාදීමට සිදුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී වරුන්ට තවදුරටත් මුදල් හදල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන්නේ තම සාමාජිකයන් මහන්සිවී ගෙවන මුදල් බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින සොරකම් කරන අයට රටේම ආශීර්වාදය හිමිවන බවත් කෙසේ වෙතත් රාජ්‍ය ආයතන වල ආපනශාලා පවත්වාගෙන යමින් ඔවුන් නඩත්තු කරන ආපනශාලා ව්‍යාපාරිකයන්ට ලුණු පොත්තට පවා දඩ ගසා අපහසුතාවයට පත් කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය.
එමෙන්ම දැනට වෙළඳපොලේ පවතින බත් ඔතන ලන්ච්ෂිටි කොළ නිෂ්පාදනය කරනු ලබන්නේ බඩඉරිඟු වලින් සහ අර්තාපල් අල වලින් යනුවෙන් ජනතාව රවටා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු අභියෝගයක් කරමින් කියා සිටියේ එවැනි නිෂ්පාදනයක් කර ඇත්නම් වහාම මාධ්‍යවේදීන් ගෙන්වා අර්තාපල් අල වලින් සහ බඩ ඉරිගු වලින් නිෂ්පාදනය කර ඇතැයි ව්‍යාජ ප්‍රචාරයක් ලබා දෙන එම ස්ථානය පෙන්වන ලෙසයි.
එමෙන්ම ආපනශාලාවලට සහ රටපුරා කසල තේ පැකට් අලෙවි කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය රජයේ ආපනශාලාවල අයකරනු ලබන අතිවිශාල මුදල හේතුවෙන් රෝගීන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ට පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදීමට හෝටල් කරුවන්ට සිදුව තිබෙන බව ද සඳහන් කළේය.
එමෙන්ම ආහාර සඳහා වගකිවයුතු ඇමතිවරයෙක් නොමැති බවද හෙතෙම චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිනම් මොකටද ටෙන්ඩර් ගන්නේ ? කරන්න පුළුවන් කෙනකෙුට දීලා වෙන රස්සාවක් හොයගන්න.
ඇත්ත කතාවක් තමා කියලා තියෙන්නේ. ආපනශාලා හිමිකරුවෝ කියන්නේ සමාජ සේවා ආයතනයක නියෝජිතයෝ නෙවෙයිනේ. අඩු මිලට කෑම දෙන්න කුණු ගොඩවල් තමා දෙනවා ඇත්තේ.
"එමෙන්ම බදු මුදල් එකතු කිරීම සඳහා නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන්ට පහර දී එළවා දැමීමට සංගමය තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළේය" -
හැමෝම මේ විදියට සටන් කරමු
අනේ ඔවු ! මමත් කියන්නේ රජය තමන්ගේ නාස්තිකාර මැති ඇමති නඩත්තු වියදම් කරන නිසා ජනතාව විධියට අපිත් අපේ හඬ පුළුවන් විදියට අවධි කරලා මහා ජනමතයක් ඉදිරිපත් නොකොළොත් මේ කපටි දේසපාලන කට්ටිය අපිව දවස ගානේ ගොන්නුන්ට අන්දලා හූරන් කාල රටත් මහා අගාධයකට ඇදල දානවා කියන එකයි. මොකද මම මෙහෙම කියන්නේ ඒ ගොල්ලන්ගේ පඩි වරප්‍රසාද දිමනාලු, ඒවා බදු වලින් නිදහස්ලු. අන්තිමට බිල දාන්නේ දුප්පත් අපිට. මොකද මේ යුගයේ අපි රටට මේ අපිට ලැබිල තියෙන්නේ මහාම නරක කපටි දේශපාලකයො පිරිසක්.
මේ බිස්නස් එක පාඩු ලබනාවානම් මොකටද ටෙන්ඩර් අයදුම් කරන්නේ ?? කොහොම හරි ඉහලම මිලකට ටෙන්ඩර් අරගෙන ඊට පස්සේ කසල තේ වලින් තේ හදනවා. පොල් කුඩු වලින් සම්බෝල හදනවා. ඒවා සෞඛ්‍ය පරීක්ෂකවරු ඇල්ලුවාම තමා මේ ඔක්කොම ප්‍රශ්න ඇතිවෙන්නේ. රටේ නීතියට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පහර දෙනවා යයි අභියෝග කිරීම රටේ නීතියක් නැති බවනම් මාත් දන්නවා දඬුවම් ලැබිය හැකි වරදක් .
මේ රටේ නීතියක් කියලා එකක් තියෙනවාද මේ මිනිස්සු මෙහම කතාකරන්නේ.
අන්න නියම මිනිස්සු අධික බදු බරට විරෝධය පාන. ඔබට ජය වේවා !
එක අතකින් බලනකොට ඒ කතාවත් ඇත්ත... කොහෙවත් ඉන්න දේශපාලනඥයින් සහ නිලධාරින් නඩත්තුවට අැයි අපි බදු ගෙවන්නේ අපට සෙතක් නැතිනම්?
මේ ගැලරිය පිනවන්න මෝඩ කතා කියවන කටින් බතල හිටවන වෙලේ හරියට පාරිභෝගික සත්කාරයක් දුන්නා නම් මේ ව්‍යාපාර ගොඩ දාන එක ප්‍රශ්නයක් නෙවෙයි. බදු පනවන්නේ මෙයාට විතරක් නෙවෙයි. මොන බදු දැම්මත්, කොච්චර ප්‍රශ්න ආවත් ලංකාවේ ඒවාට මුහුණ දීලා ජයගත්ත මිනිස්සු ඉන්නවා. කඩේකට කෑම එකක් ගන්න ආවම, අපි හරියට හොරකම් කරන්න ආවා වගේ බලාගෙන ඉඳලා මූනේ හිනා පොදක් නැතුව කෑම එක දමලා ගහන කඩ කොහොමත් කඩා වැටෙනවා.
ඉතාම හොඳ තීරණයක්. සතයක්වත් දෙන්න එපා රජයට කව්රුවත්. හොරුන්ට සැප ගන්න ජනතාව මොකටද සල්ලි ගෙවන්නෙ. මේ විශිෂ්ට තීරණයට අපි හැමෝම සහයෝගය දෙමු.
මේ ගොල්ලන් මෙහෙම නම් පෞද්ගලික අංශයේ අපි හැමදාම ගර්ජන කරන්න ඕන අපොයි අපිට විතරද බදු බර කියලා. හරි නම් රාජ්‍ය අංශයේ උදවියට තමයි ඉස්සෙල්ලම බදු ගහන්න ඕන . හද්ද කම්මැලි අකාර්යක්ෂම මනුස්ස ශරීර නඩත්තු කරන්න පුද්ගලික අංශයේ අපා දුක් විඳින අපේ බදු සල්ලියෙන්.
ගොඩක් අය ලොකු ටෝක් දානවා බදු ගෙවන්න එපා කියලා. හෑබැයි අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ සේවාවල් නිකන් නොමිලේ ලබාගන්න ඒවට වියදම් කරන්න සල්ලි ලෑබෙන්න ඔනෙ කොහෙන්ද කියලා හිතන්නෙ නෑ. ඒවට ණය ගත්තොත් ගෙවන්නෙ උබලගේ මැරිච්ච ආච්චි සීයද?
හරිම පොඩි වැඩයි කරන්න තියෙන්නේ. අාදායම් බදු ලිපිගොනු අංකය සහ පසුගිය අවුරුදුවල අදායම් බදු ගෙවූබවට සහතිකයක් ටෙන්ඩර් පෝරමෙට ඇමිණීම අනිවාර්ය කරපුවහම නිකම්ම බදු ගෙවයි. ටෙන්ඩර් පෝරම ලබාදීමේදී බදු සහතිකය ඉදිරිපත් කළයුතුය. ඊළඟ ටෙන්ඩරයේ සිට ක්‍රියාත්මක කරපුවහම වැඩේ ඉවරයි. ඔක්කොම වීරයෝ හබක්...
අපි කියන්නේ ඇත්ත නෙවෙයිද? හෝටල් සහ කැන්ටින් යනු මෙරට දෙකෝටියක් ජනතාවගේ ආහාර පාන සපයන ප්‍රධාන යාන්ත්රනයි. ආහාර යනු රටක ජීවනාලියයි. අපේ රටේ ආහාර වලට එකදු පාලකයෙක් අවධානය ලබා දී නැත. ආහාර පිළිබඳ ප්‍රතිපත්තියක් නැත. ආහාර පිළිබඳව ඇමැතිවරයෙක්, ආමාත්යංශයක්, ලේකම්වරයෙක්, ආයතනයක් නැත. අද ඕනෑම කෙනෙක්ට ගේ ඉස්සරහ කෑම අලෙවි කර හැක. ඒවායේ ප්‍රමිතිය හා ආහාර අලෙවිය පිළිබඳ පිළිගත් ක්‍රම නැත. මේ අය කරන්නේ එක දෙයයි. අපෙන් දඩගසා මුදල් හම්බකර දීමයි. අඩු ගණනේ අපට දඩ ගහන ආයතන, හෝටල් සේවකයකුගේ දාඩිය පිහදාන්න ලේන්සුවක් දිලා තියෙනවාද? මේ රටේ ආහාරපාන සම්බන්ධයෙන් ඕනෑම කෙනෙක්, නිලධාරින්, ආයතනය එක්ක සුදානම්...