ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර (අවු:25) නම් අයෙකි.
අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.
අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇත. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාගේ බලපත්‍රය අවලංගු කරන්න ඕන මේ වැරදි වැඩේට
රාජ්‍ය දේපල අවභාවිතය. බලමු නිතිය ක්‍රියාත්මක වෙන හැටි..
රජයේ වාහන අවබාවිතය කියන්නේ මොකද්ද ?
ඔන්න ඔය හින්ද තමා සියලුම රජයේ වාහන ඇමති / මන්ත්‍රී පරිහරණය සඳහා ලබා ගන්නවානම් බදු අයකළ යුත්තේ. මොකක් හෝ එක වාහනයකට පමණක් බදු නිදහස් කල යුතුය. මේක රාජ්‍ය දේපල අවභාවිතය. රාජ්‍ය වාහන සඳහා රාජ්‍ය රියදුරුවරයකු යෙදිය යුතුය. ගෙදර ඉන්න සියලු දේනාම රාජ්‍ය දේපල පරිහරණය නොකලයුතුවේ.
රාජ්‍ය දේපල විනාශ කරනවා වගේ මාර්ග නීතිත් උල්ලංගනය කරනවා.
මේ අනතුර වෙන වෙලාවේ, ගෙදර මිනිස්සු මෙතන හිටියනම් අද ජිවතුන් අතරේ නැහැ. එහම වුනානම් මොකද නැවත පණ දෙන්නද.
ගෙදර අයට දෙයියන්ගේම පිහිටයි. ඇමති පුතෙක් නිසා වැරැද්ද වෙන්නේ කැබ් එක යනකොට නිවාස එතන තිබුන එක. දඩේකුත් ගෙවලා ගේත් හදාගන්න වෙයි .
විපක්ෂයේ බහුතරයකට චෝදනා ගොනු කරලා නඩු දාලා තියෙන්නේ වාහන අවභාවිතා කලා කියලනම් යහපාලනය අනුව ඇමැති පුතා එෆ් සී අයි ඩී එක පැත්තේ යනවා බලන්න අපිට පුලුවන් වෙයි
අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. කොහේ ගිහිල්ලද ඇමති පුතා ඒ වෙලාවට
මීට පෙරත් පාපැදි කරුවෙක් යට කරලා බරපතල තුවාල කලා. මිනිස් ජ්වීත තුට්ටුවකට මායිම් කරන්නේ නෑ.
මීට කලිනුත් අසරණ මනුස්සයෙක්ව යටකර පලාගියා. එහෙත් මේ වෙනකම් එයට සාධාරණයක් ඉෂ්ට වුනේ නැහැ. මෙය පැහැදිලි රජයේ වාහන අවභාවිතාවක්. අපි බලාගෙන ඉඳිමු. කොහොමද මොහුට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස...
රාජපක්ෂ පුතුන්ට සමානයි රංගෙ බණ්ඩාර පුතුන්. මීට කළිනුත් බණ්ඩාර පුතුන්ගෙන් රජයේ වාහනයක් අනතුරකට ලක්වුණා.
මේ දඩබ්බර ඇමති පුත්‍රයාට තරාතිරම ගැන නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.වරද කව්රු කරත් වරදමයි.මත්පැන් බී රිය පැදවීමටත්,රජයේ වාහනයකට අලාබ හානි සිදුකිරීමත්,නිවෙස් හිමියන්ට සිදුවූ පාඩුවත් අයකර ගත යුතුයි.