( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළේ යැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බවත් ,නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන්නේ යැයි ද නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඒබැවින් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වා ගෙන යා යුතු යැයි ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේය.
ඒ අනුව නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව ගොනු කර තිබෙන පැමිණිලි වැඩිදුර කටයුතු සඳහා ජුලි 18 වැනි දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එසේම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම අගවිනිසුරු වෙත යොමු කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
එම පැමිණිලි ඊවා වනසුන්දර සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (4) කැඳවනු ලැබීය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තිත්තයි. රන්ජන් භය වෙන්න එපා
අපහාසයට අපහාසයක් කරන්නේ කොහොමද?
රන්ජන්ගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය භාවය ලංකාව පුරා දිනපතා මහේස්ත්‍රාත් අධිකරණවල රස්තියාදු වන පුරවැසියන්ගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවන්..
අපි රන්ජන් සමග පෙලගැසෙනවා. රන්ජන් කියපුවා සම්පූර්ණයෙන්ම ඇත්ත... අධිකරණයට අපහාසයක් නම් එ්ක අධිකරණය ඇතුලේ කට්ටියම අපහාස වෙන්නේ නැති විදිහට වැඩ කරන්න.
රංජන් රාමනායකට ජයවේවා !!!
ඔය හදන්නේ ඇත්ත කතාකරන මිනිසුන් බයකරලා කටවහලා මේ ගොල්ලන්ගේ අධම තුච්ඡ අසාධාරණ වැඩ දිගටම කරගෙන යන්න. අපි දැක්කනේ සුගන්ධිකා, නාගනන්ද පෙන්වපු සත්‍ය කතාව අධිකරණයේ...
ඇත්ත කතා කරපු වරදට මට්ටු කරන්න හදන්නේ. මේ රට ඒ තරම්ම අසීලාචාරයි. අධිකරණය කොච්චර දුෂිතද, අකාර්යක්ෂමද කියලා ඒවාට යන මිනිස්සු දන්නවා.
සුදුම සුදු කොක්කු දෙන්නේගේ උදව්වෙන් අහසින් ගිය ඉබ්බාට කට නිසා මොකද උනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට නිසි අවශ්‍යතාවන් සපුරන්න. ඔබ එවිට මේ රටේ ජනාධිපති පදවියට එකම සුදුස්සා වනු ඇත. ඔබ වැන්නෙක් රටට අවශ්‍යයි රන්ජන්...
වැරදිලාවත් මේකට රන්ජන්ව හිරේ දැම්මොත් ඔහුට තිබෙන ජනතා ප්‍රසාදය දස ගුණයකින් වැඩිවෙනවා. උසාවිවල ඉන්න පෙරකදෝරුවන් එකිනෙකා එක්ක කතාකරගෙන නඩු කල් දමනවා. ඔවුන් නඩු වාරයකට රුපියල් 2000 සිට ඉහළ ගාස්තුවක් ගන්නවා. සමහර ලොකු නඩුවලදී විනිසුරුවරුන්ට අල්ලස් දීපු අවස්ථාත් තිබුණු පහුගිය කාලේ, ගොඩක් දෙනෙක් මේ අසාධාරණයට විරුද්ධව කතා කරන්න බිය වෙනවා. මොකද උසාවියට අපහස කරා කියලා ලේබල් ගහලා හිරේ දමන නිසා... නමුත් මෙතන රන්ජන් අපහාස කරලා තිබෙන්නේ උසාවියට නෙමෙයි. අධිකරණයට මුවාවෙලා අපිව හූරාගෙන කන හොරුන්ට.., එමනිසා මෙම ප්රශ්නයේදී අපි පක්ෂ, පාට, දේශපාලන මති මතාන්තර වැනි සාධක ඉවතලා රන්ජන් සමග සිටිය යුතුයි. ඔහු කතා කරන්නේ අධිකරණවල දිනපතා රස්තියාදු වෙන දුප්පත් අපි වෙනුවෙනි..
නීතිපතිවරයා කරපු දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් නොවෙයි කිව්වා නම් තමයි පුදුම විය යුතු...
කොහේ ගියත් අපේ හාමුදුරු කෙනෙක් එතන ඉන්නවා නේ... මේ එක එක්කෙනා එක ආගමික දෙයක් කළා නම් මොකද වෙන්නේ?
රන්ජන්, අපි ඔබ සමඟයි. ඔබට එරෙහිව හොර තක්කඩි රංචුව පෙළගැහෙන බව පේනවා. අපි දන්නවා ඔබ හඬ නගන්නේ හොර, දූෂිත පගා කාරයින්ට එරෙහිව බව... නාගානන්දත්, සුගන්ධිකාත් මේ හොර නඩේ කරන අන්ත දූෂිත වැඩ පෙන්නලා දුන්නා ඔබ වගේම. ඔබ අපේ පිනට පහළ වුණු සැබෑ ජන නායකයෙක්. ඔබට ජය වේවා!!!
ලංකාවේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ මහජනයාට සේවය කිරීමට වඩා පෙරකදෝරුවන් පෝසත් කිරීමටයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. රංජන් රාමනායකට ජය පතමි.
මේ ප්‍රතිචාර දැක්කම නීතියට මුවා වෙච්ච හොරු බිය විය යුතුයි. යුගයට අවශ්‍ය මහජන සටනයි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ පටං ගත්තේ... ඹබ තුළ මාටින් ලූතර් කින් කෙනෙක් ජීවත් වෙනවා. ඒ චරිතයට පණ පොවන්න. එස්. බී. අධිකරණයට අපහාස කළා වගේ නොවේ ඔබේ ප්‍රකාශය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ කියන්න බැරුව හිටපු දෙයක්... මේ සටනේදි ඔබව තනි කරලා සියළු දේශපාලන පක්ෂ ඒකයි මට කණගාටු.... ඔබ සමඟ ජනතාව ඉඳීවි. ඉවසීමෙන් හා බුද්ධියෙන් ඊට නායකත්වය දෙන්න.
රාජපක්ෂලාට විරුද්ධව ගොනු කරන නඩු දවසින් දවස කල් දානවා! ගොඨාභය මහත්තයාගේ නඩුව අසන දිනය ලඟා වෙනකොට කට්ටියට දහදිය දානවා! හැබැයි ගරු අධිකරණයට රාජපක්ෂලා ඇරෙන්න අනික් අය ගරු කරනවා!
ඇමතිතුමනි අපේ රටේ වැඩිපිරිසක් දිනපතාම පන්සිල් කියෙව්වත් එම පිරිසටත් වැඩිපිරිසක් හතරවැනි සිල්පදය කඩනවා. බොහෝ දෙනෙකුට ඇත්ත තිත්තයි.
රන්ජන් කීවේ 100% ඇත්ත
නීති පද්ධතිය තියෙන අඩුපාඩු ජනතාව දන්නවා. නමුත් රන්ජන් කියන්නේ මේ රට විනාශ කරන ඩොලර්වලට සේවයේ යෙදෙන කෙනෙක්.
රන්ජන් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳව පොදු ජනතාවගේ හඬයි!