(ඩයනා උදයංගනී)
සියලූ ප‍්‍රශ්න මැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ උපදේශක තනතුරක් ලබාදුන්නේ පක්‍ෂය ඒකරාශී කිරීමේ අරමුණ වෙනුවෙන් බවත්, ඒ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිචාය කුමක්ද යන්න බලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ජාතික සංවිධායක, හිටපු මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ අනුව පක්‍ෂයේ සියලූ දෙනා ඒකරාශී කරගැනීම සඳහා අවශ්‍ය සියලූ දොරවල් විවෘත කර තිබෙන බව ද දුමින්ද දිසානාරයක මහතා සඳහන් කළේය.
සමහරු බලා සිටියේ නව තනතුරු ලබාදීමත් සමඟ පක්‍ෂය දෙකට තුනට කැඩී සියල්ල විනාශ වේවි යනුවෙන් වුවත් මේ වන විට සියලූ දෙනා පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී වෙමින් සිටින බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2020 දී නැවතත් බලයට ගෙන ඒම, ඉදිරි පළාත් පාලන මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී.ල.නි.පය ජය ගැනීම යන අරමුණු ඇතිව කඩිනමින් පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කරන බව ද නව ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
ඉදිරි දින 45 තුළ පක්‍ෂය ප‍්‍රතිසංවිධානය වෙනුනේ බ‍්‍රහස්පතින්දා දිනයේදී පක්‍ෂ මධ්‍යම කාරක සභාව මුණ ගැසී සාකච්ඡා කරන බව කී දුමින්ද දිසානායක මහතා පක්‍ෂයක් ශක්තිමත් කරන්න අවශ්‍ය වන්නේ ඕනෑකම, උනන්දුව, ධෛර්යය හා ශක්තිය මිස තනතුරු නොවන බවද කීවේය.
නව ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) සිය ධූරයේ වැඩ භාරගනිමිනි. ජාතික සංවිධායකවරයා මෙන්ම නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ද එකම මොහොතේදී සිය ධූරයන්හි රාජකාරී භාර ගත්හ.
මෙහිදී අදහස් දැක්වූ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසුවේ පක්‍ෂයේ මතු වී ඇති සියලූ ගැටලූ විසඳා ගනිමින් සියලූ දෙනා ඒකරාශී කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අංගජන් රාමනාදන්, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



(ජායාරූප සහ විඩියෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට මට දවල්ටත් හීන පේනවා!
ශ්‍රී ලනිපයේ දැනට තිබෙන 10%ට අඩු ඡන්ද ප්‍රතිශතයෙන් ජනාධිපතිතුමාට ලබන ජනාධිපතිවරණය දිනන්න බැහැ. ජනාධිපතිතුමා පසුගිය කාලයේ හැසිරුණු හැටි බැලුවහම එජාපෙ නායකයෝ ඔහු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්න කැමති වුණත් බිම් මට්ටමේ සාමාජිකයන්ගෙන් 50%ක් ඔහුට ඡන්දෙ දෙන්න කැමති නැහැ. පොහොට්ටුවේ අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම රාජපක්‍ෂ කෙනෙකුට හිමි වෙනවා. ඉතින් කොහොමද ලබන ජනාධිපතිවරණය දිනන්නේ?
මහින්ද උපදේශක කර, මේවම ඇති කරන දේ ගැන නොදන්නා, හැමදේම පත්තරෙන් දැනගන්න ජනාධිපති යයි තමාද නොදන්නා පුද්ගලයෙක්ව නැවත තව අවුරුදු පහකට බලයට ගෙන එන්න. එක්කෝ මේ රටේ මිනිසුන්ට අමු කැවිලා තියෙන්න ඕනෑ.. නැත්තම් ඔලුවේ කුහරේ ඇතුලේ අර මොලය කියන එක නැතිම වෙන්න ඕනෑ.
මෙයාට අමතක වෙලා.. සිරිසේන කිව්වේ එක වතාවයි ඉල්ලන්නේ කියලා. මෙච්චර දවස් මහින්දට බැනලා මහින්දට විරුද්ධව විනය නීති ගන්නවා කිව්වා. දුමින්දට අමු කැවිලද මන්දා..?
මහින්ද මහත්තයාට නායකකම දීලා පත්තරෙන් රටේ ප‍්‍රශ්න දැනගන්න ජනාධිපතිලා ගෙදර යන්න ඕන ශ්‍රී ලංකා පොදුපෙරමුණ ජය ගන්න නම්. අනිත් බොරු වැඩවලින් වැඩක් නැහැ.
දුමින්ද, ඔබත් හරියට නරියාට සමානයි. මොකද එයත් වැටෙනකන් පස්සෙන් ගියාවගේ..
පරණ අම්බරුවෝ එපා තරුණ අම්බරුවෝ ඕනා කිව්වා එක්කෙනා නේද මේ මහින්ද මහත්තයා ආයි එනකම් බලන් ඉන්නේ.
පරණ අම්බරුවෝ එපා තරුණ අම්බරුවෝ ඕනා කිව්වා එක්කෙනා නේද ඔව් ඔව් රමණි කරත්තේ අදින්න එකතු කර ගත්ත එවුන් අම්බරුවන්ටත් වඩා අන්තයි කියලා දැන් තේරිලා නිසා. මහින්ද මහතා පළමු උපදෙස විය යුත්තේ ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කරන්න කියන එකයි.
හේලිගේ වල්ගාතරුව නැවත දිස්වෙනකම් බලාගෙන ඉන්න වේවි. මහින්ද මැතිතුමාගේ දේශපාලන පෙර දැක්ම තේරුම් ගන්න.