චන්දන ජයවීර සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල , නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක, ජයන්ත පිරිස් සහ එච් .ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු චමෝද් ජයසේකර මහතා අද (04) නියෝග කළේය.
මෙම පිරිස පුනි 03 වැනිදා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පැහැර ගැනීම හා මිනිස් ජාවාරම යන චෝදනාවලට යටත්වය.සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකුට විකුණුවා යැයි කියන දැරියගේ මව දුෂණයට ලක්කළ බවටද චෝදනා එල් වි තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ඉල්ලන්න පටන්ගත්තේ "කිසිම අපරාධයකට හෝ හොරකමකට සම්බන්ධ වෙන්නේ නැහැ" කියල කට්ටියම "පක්ෂ සාමාජිකත්වයවත් නැති වෙනත් පක්ෂයක අනුශාසක තනතුර දරන නමුත් තමන්ගේ පක්ෂයේ නායකයා ලෙස සලකන" කෙනෙක් ඉස්සරය දිව්රලා පොරොන්දු වෙලා නේද? දැන් මේ මිනිස්සුන්ට එයා මොනවද කරන්න යන්නේ? බලය තිබුණ කාලයේ කළා යැයි කිවා වගේ මොකුත් නොකර අපරාධ කරන්න ඉඩදීලා අහක බලාගෙන ඉන්න එකද?
මේ අයට රජකම ලැබිල වගේනේ හිනා වෙලා ඉන්නේ. අනේ මෙහෙම රටක් !!
අපරාදේ නගරසභාවේ තියාගෙන ඉන්නේ......ඇමතිකමකට ඕනවට වඩා සුදුසුකම් තියෙනවා.........