නාලක සංජීව දහනායක
සක‍්‍රයාගෙන් වරමක් ලැබුණහොත් පමණක් ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහලේකම්වරයාට හැකියාව ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (4) පැවැසීය.
කණ්ඩායම් කිහිපයකට පක්‍ෂය කැඩී තිබෙන මොහොතකදී හිටපු මහලේකම්වරයා ඉවත්කර දින 45 කාලයක් සඳහා නව මහලේකම්වරයකු පත්කර ගැනීම හිසේ ඇම්මට කොට්ටය මාරුකිරීම වැනි ක‍්‍රියාවක් යැයිද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රවරයා මෙසේද කීය.
මේ අලූත් මහලේකම්වරයා ගැන අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සාර්ථක කරගන්න දවස් 45ක් සඳහා මෙම පත්කිරීම සිදුවූ බව ශ්‍රී.ල.නි.ප.ය පවසනවා. මේ වනවිට පක්‍ෂය කණ්ඩායම් කිහිපයකට කැඩිලා. මේ අය එකට එකතු කරගෙන සාර්ථක ගමනක් යන්න මහලේකම්වරයාට හැකියාවක් තියෙන්න ඕනෑ. කොළඹ ඉඳගෙන ප‍්‍රතිසංවිධාන කටයුතු කරන්න බැහැ. ජනමතයට බයවෙලා කොළඹට වෙලා ඉඳගෙන ප‍්‍රතිංසවිධාන කටයුතු කරන්න බැහැ. සැබෑ ප‍්‍රතිසංවිධානය මොකද්ද කියලා බලාගන්න මහලේකම්වරයා ගමට යායුතු යැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ පක්ෂයක ප‍්‍රතිසංවිධාන කටයුතු ගැන හොයන්න මෙයාට තියන අමාරුව මොකක්ද? ඊටවඩා හොඳ නැද්ද උසාවිය මඟහැර ඉන්නේ නැතිව තමන්ට එරෙහිව තියන චෝදනා වලට උත්තර දුන්නා නම්...
සත්‍යපාල මහතාණෙනි, සත්‍ය කතාව නම් ඔබතුමා පුදුම "කඩේ යෑමක්" නිරත වුවත්, රෝහිත මන්ත්‍රීතුමා කියා ඇත්තේ සම්පුර්ණ ඇත්තය. ඔහොම යන්. ඔහොම යන්. හිටන්. හුටන්...
ඔබතුමා දාගෙන ඉන්න පාට කණ්නාඩියට අනුව තමයි මම කඩේ යනවා වගේ පෙනෙන්නේ. මම රනිල්ටවත් සිරිසේනටවත් මහින්දටවත් කඩේ යන්නේ නැහැ.ඡන්ද දායකයෝ හැටියට අපි නිදහස් හා සාධාරණ සමාජයක් උදෙසා පාලකයන්ගෙන් පොදුවේ බලාපොරොත්තු වන චර්යාවන් හා ගුණධර්ම ගැන උනන්දුවෙන් බලා සිටින අතර ඒවා කඩ කරන විට පක්ෂ භේදයකින් තොරව ඔවුන් විවේචනය කරමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්නේ මෛත්‍රීපාල මහත්තය. පොහොට්ටුවෙන් චමල් රාජපක්ෂ මහත්තය. යු එම් පී එකෙන් සජිත් මහත්තය. ජේ වී පී එකෙන් අනුර කුමාර මහත්තය. දිනන්නේ සජිත් මහත්තය.
ප්රශ්නය තියෙන්නේ මේ කතා කරන එක්කෙනාගේ ඇත්ත ඊට වඩා තිත්ත වීමයී!
පිස්සුද? නැත්නම් හැටිද ?