(ඩයනා උදයංගනී)
බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ රටට හෙළි නොවූ පිටු 106 පිළිබඳව රට තුළ දේශපාලන සුනාමියක් මතු වී ඇති බැවින් එම පිටු 106 වහා රටට හෙළි කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
බැඳුම්කර වංචාව වසන් කිරීම සඳහා විවිධ දේශපාලනඥයින් සහ නිලධාරීන් ලබාගත් සන්තෝසම් පිළිබඳ තොරතුරු එම පිටු තුළ අන්තර්ගත බවට රට තුළ සාකච්ඡාවක් පවතින බව ද ඔහු කීවේය.
එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් මහතාගේ සහ ඔහුගේ පියාගේ අත්සනින් යුත් චෙක්පත් 166කින්, ඔවුන්ගේ ගිණුම්වලින් රුපියල් මිලියන 1190ක මුදලක් ලබාදී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින් එම මුදල් බෙදාදුන්නේ කා හටද යන්න රටට හෙළි කිරීම සඳහාත් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව සමරසිංහ මහතා කියා සිටියේය.
එමෙන්ම බැඳුම්කර කොමිසම වෙත බලය ලැබී තිබුණේ 2015 පෙබරවාරි සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා පමණක් බවත්, ඉන්පසුත් පර්පචුවල් ටේරෂරීස් සමාගම වංචනික ක්‍රියාවල යෙදී ඇති බව හෙළිවී ඇති නිසා 2016 මාර්තු සිට 2017 මාර්තු 31 වැනිදා දක්වා සිදුවී ඇති දේ සෙවීමට දෙවන ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ පවතින තත්ත්වය පිළිබඳව ඕනෑම අයෙකු සමඟ සාකච්ඡාවකට, සංවාදයට සූදානම් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුම් උළෙලේදීද ප්‍රකාශ කර ඇති බැවින් එවැනි සංවාදයකට තමන් සූදානම් බව කී වසන්ත සමරසිංහ මහතා ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා තමන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත ඔබ හරි........... අපට තියෙනවා ඕන තරම් ප්‍රශ්න. මේවට උත්තර දෙන්න මේ රජය සමත් වෙලා නෑ .
මේ අාණ්ඩුවේ නායකයෝ සංවාද වලට එන එකක් නෑ.
වසන්ත ඔබලා ඔහොම කිව්වට බැහැ, සංවේදි කරුණුලු තියෙන්නේ නීතිපතිවරයාගේ උපදෙස් ඕනලු හෙලි කරන්න. එහෙම නැති උනොත් වසර තිහක් බලන් ඉන්න වෙනවලු හොදේ.
වංචාවක් සිදුවුණාම ජනතා විරෝධය එල්ලවෙන එක වලකාලන්න යොදන උප්පරවැට්ටියක් තමයි මේ කොමිෂන් පත් කිරීම .. අපි යෝජනා කරනවා කොමිෂන් තියනවානම් විදේශ නියෝජිතයන් ඊට ඇතුළත් කරන ලෙස .
වසන්ත නොවෙන දේවල් ගැන කතා කරලා කාලය නාස්ති කරන්න එපා. කෙලින් තීරණ ගන්නේ කොහොමද හැමෝම මේකට සම්මාදම් වෙලානේ.... පූජා වට්ටියට හැමෝම අත ගහලා තියනවා. දැන් හැම තැනම මල් විසිරිලා තියෙන්නේ. කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැහැ. ජනාධිපතිගේ කතාව තිබුනට කල් ක්‍රියාව අන්තිම බව දැන් හැමෝටම තේරිලා. තව ටික කලකින් කියනවා " මේ මම ලංකාවේ ජනාධිපති වෙලා හිටියද... මට මතක නැහැ" කියලා...
මේ රටේ මුලු රාජ්‍ය තන්ත්රයම කුණුවෙලා. කිසිම තැනක යථාර්තය නෑ. ඇස්පනාපිට තියන තිත්ත ඇත්ත වලදමනවා. කල් මරලා අන්තිමේට ලැබෙන තීන්දුව පුස්සක්. බැදුම්කරයට සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලුවෝ නිසාත් නැත්නම් ඉහල පරිපාලන නිලධාරිනුත් ඇති. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ නිසා මේවා ලස්සනට ලිස්සලා යයි. හැබැයි එක අැත්තකට මුන්ට මූණ දෙන්න වෙනවා. මහජනතාව හිගමනෙන් හිගමනට දාන මේ කණ්ඩායමට හා සනුහරේට වැඩිකලක් නොගොස් මෙිවාට පොළිත් එක්ක වන්දි ගෙවන්න වෙයි.
බාග වෙලාවට අපේ අති ගරු ජනාධිපති තුමාගේ නමත් එකේ ඇති. එහෙම තියනවා නම් ඉතින් කොහොමද එලි කරන්නේ...?
ශ්‍රී ලාංකිකයින් සියුම් හදවත් ඇති මෘදු ජාතියක් බව අපේ දේශපාලකයින් දන්නවා. ඉතින් මෙවැනි සංවේදී කරුණු දැනගෙන හෘද රෝග හදා ගනියි කියා සිතනවා ඇති.