ජනපති අපේක්ෂාව ඉටුකරමින් ප්‍රබල ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ස්වදේශවාදී සහ ජනතාවාදී දැක්මක් සහිත වඩා හොඳ සංවර්ධනයක් රට තුළ ඇතිකිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අපේක්ෂාව වන අතර ඊට ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි නිෂ්පාදන ආර්ථිකයක්, දේශීය චින්තනයක් සහ ජනතාවාදී දැක්මක් සහිත ප්‍රබල ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බවද මහාචාර්යවරයා පැවසීය.
පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් අපේගම පරිශ්‍රයේදී අද (03) පැවැති නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී අභිනව පක්ෂ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්යවරයා මේ අදහස් පැවසීය.
එහිදී අදහස් දැක්වූ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි.
‘ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ගත් විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් තනි පවුලකට සීමා වී තිබුණද 1952 වසරේ බණ්ඩාරනායක පවුලෙන් ඇරැඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අද වන විට ඈත ගමක ගොවි පුතෙකු වෙත හිමිවන අන්දමට පක්ෂය ප්රජාතන්ත්රවාදී වී ඇති බවයි.
සමාජ විකාශනය, සමාජ සංවර්ධනය සහ සමාජ අභිවෘද්ධිය පිළිබඳ කතාකරන විට පහළ සමාජ පංතිය වෙත ලැබී ඇති මෙම නායකත්වය හරහා මේ රටේ දිළිඳු ජනතාවගේ අභිවෘද්ධිය ඇති කිරීම වෙනුවෙන් සියලූදෙනා සාමුහිකව ඒකරාශිවීම පක්ෂයට අද දවසේ පැවරී ඇති ප්රමුඛ වගකීම බව ද ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකසත් ජාතික පක්ෂය කවදවත් තනි පවුලකට සිමවුණේ නැත. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සාමාන්‍ය ජනතාව අතරින් මතුවූ පුද්ගලයෙක්.
තව අවුරුදු 1 යි මාස 7 ක් විතරනේ ඉතුරුවෙලා තියෙන්නේ. ජනාධිපතිට තව හොද හොද දැක්මවල් ගැන හිතන්න නම් පුළුවන්, ඒත් පක්ෂය නම් ඉවරෙටම ඉවරයි.
එජාපය සමඟ ජාතික රජයක් ජාතක කරන්නට යාමෙන් ශ්රීලනිපය දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. මහින්ද සාධකය රට තුල බරපතල ලෙස ස්ථාපිත කරවීමට එය බලපෑ බව තේරුම් ගත යුතුය. ජනාධිපතිතුමාගේ අපේක්ෂා කෙතරම් නිර්මල වුවත් වත්මන් තැතිගත් ලාංකික සමාජය ඉන් මුදවා ගැනීම අතිශයින් දුෂ්කර බව පැහැදිලිය. පවතින යහපාලන රජය ජනතා අභිලාෂයන් හමුවේ පසු බැස තිබේ. තමන් ගත් තීරණ මෝඩ යයි පැවසීම ඉඟි කලේ පළාත් පාලන මැතිවරණ වේදිකාවේ ජනාධිපතිතුමා පලකල අභීත හෙළිදරව් කිරීම් සමඟය. එසේම මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ජනතාව තුල පවතින අදහස දැන් දැන් තහවුරුවෙමින් පවතියි. මෙවන් තත්වයක් තුල 2020 මැතිවරණ කලාපයට ශක්තිමත් තරඟකරුවකු ලෙස ඉදිරිපත්වීම ශ්‍රීලනිපයට අසීරු විය හැක. එසේම ජවිපෙ ඉදිරිපත් කල 20 වැනි සංසෝධනය ගැන ශ්රීලනිපය දැන් දරන ස්ථාවරය පැහැදිලි කලයුතුය. ප්‍රබල ජනතා පොරොන්දුවක් සැහැල්ලුවෙන් ඉවත දැමිය හැකිද ?මහාචාර්යතුමා අජානේය අශ්වයකු මෙන් තුරඟ පිටියට පිවිසීම ගැන අනුකම්පා සහගතව සතුට පල කරමි.
ජනතාව නොරැවටෙනු.
දැන්ද මතක් වෙන්නේ?
කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සනංනිවේදන අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි තුමා. මෙතුමගෙන් මාත් ඉගෙනගෙන තියනවා. මෙතුමා රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කල කෙනෙක්. මර්වින් සිල්වා මහතගේ විද්වත් උපදේශක මණ්ඩලයත් හිටියා. නමුත් පූර්ණකාලිනව දේශපාලනය කල අයෙක් නොවේ ඡන්දයකට ඉදිරිපත් වෙලත් නෑ. එසේනම් මෙතුමා නිදහස් පක්ෂයේ මහලේකම් කරන්න තරම්. පක්ෂ කෙතරම් පහලට වැටුනද? හැබැයි මෙතුමා අැතතටම හොඳ වැඩ්ඩෙක්. මුල සිටම උගතුන් බුද්ධිමතුන්ට තැන දුන්නානම් අද මෙහෙම වෙන්නෑ. දැන් තමා ඔවුන් මතක් වෙන්නේ.
විචාර බුද්ධ්යෙන් හීන මෝඩ, රැවටෙන සුළු ජනතා බහුතරකන් සිටින රටක ජනමතය කවමදාවත් යහපත් ප්රජාතාන්ත්රීය එකක් වන්නේ නැහැ. බැලු බැලු අත ඉන්නේ හොරු. අදත් එහෙමයි. එදත් එහෙමයි. මේ තත්වය උදාකර ගත්තේ ඡන්දදායකයන් විසින්ම තමයි. තව තවත් රට පරිහානියට යනවා. අපි අපේ දෙදාස් පන්සීයේ උජාරු ඉතිහාසේ ගැනත් නිර්මල සිංහලකම ගැනත් පුරාජේරු කෙල කෙල කපටි දේශපාලුවන්ට රැවටෙමු, සිංදු කියමු.