(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිව්මෝනියාව වැළදීම හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ තවත් රෝගීන් දෙදෙනෙකු අද (03) මිය ගිය බව මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා මහතා පැවසීය.
එම රෝහලේ බාහිර රෝගී අංශයේ දී එසේ මිය ගොස් තිබුණේ මාතර දෙවිනුවර පූජා භූමියේ මල් වෙලෙන්දියක වු කංකානම්ගේ ශ්‍රීයානී (52) හා අකුරැස්ස මලිදුව බංගම කේ.ඒ.චන්ද්‍ර විමල (76) නැමැති දෙදෙනෙකි.
ඔවුන් සෑදීම නිසා රෝහල වෙත රැගෙනවිත් තිබෙන බව කියති.
ඒ අනුව පසුගිය මාසය තුලදී නිව්මෝනියාව හේතුවෙන් මාතර මහ රෝහලේදී මිය ගිය රෝගීන් ගණන 15 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
ඒ අතර 29 හැවිරිදි සය මස් ගැබිණියක හා 21 හැවිරිදි තරුණියකද වෙති.
ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් වර්ග කිහිපයක් ආසාදනය වීමෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.ඔවුන් ගාල්ල කරාපිටිය හා කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ දී මිය ගොස් තිබේ.
උද්ගතව ඇති තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්වයක්ද මතු වී ඇත.
මේ නිසා මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය හෙට (04) මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකාව හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මුණ ගැසීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව ඔවුන් වෛරස් උණ රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සදහා අත් පත්‍රිකා හා මුඛ ආවරණ පනස්දහස බැගින් බෙදා හැර පාසල් දරුවන් ඇතුළු ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මොනවාද මේකට ආණ්ඩුව ගන්නා පියවර. සාමාන්‍ය ජනතාවට හැදුන අසනීපය තමන්ගේ පවුල් වල අයට හැදෙන්නේ නැහැ කියලාද බලන් ඉන්නේ ? කෝ මේ මහජන සෞඛ්‍ය , රෝහල් කටයුතු පිළිබඳව වග කියන්න ඕන දේශපාලක ඇත්තෝ. නහය කට ආවරණය කර ගෙන බංගලාවේ දොරවල් වහගෙන ඉන්නවාද දන්නේ නැහැ.
නියුමෝනියාව කෙලින්ම කෙනෙකුට බෝ නොවන නමුත් රෝගියා අසල ගැවසුන කෙනෙකු වාහකයෙකු බවට පත්වී, රෝගය වෙනත් කෙනෙකුට බෝවෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා නියුමෝනියාව සෑදුන ලෙඩෙකු රෝගවාහක තත්වයෙන් මිදුන බවට දොස්තරවරු තහවුරු කරනතෙක් සෙසු උදවිය ප්‍රවේශම් විය යුතුයි. නිතර රෝගියා බැලීමට යාම ආවතේව කිරීම අවධානම් සහිතයි. පිටරට සිටින මගේ මිතුරෙකුට ප්‍රතිකාර කල රෝහල් කාර්ය මණ්ඩලය මුඛ ආවරණ කබා ආදිය පැළඳි බවත්, ලෙඩා බැලීමට එන උදවිය සීමා කල බවත් රෝගියාට වෙනම වැසිකිලි පහසුකම් පවා යෙද වූ බවත් දැන ගන්න ලැබුනා. මේවා අපේ රටේ ප්‍රායෝගිකව කෙසේ යෙදුනත් අඩු වශයෙන් නියුමෝනියාව වැළඳුන කෙනෙකු අසල දැන දැනම ගැවසීම සීමා කරන එකවත් නුවනට හුරුයි.
මම හොදින්ම දන්න දෙයක් තමා රෝගය හදුනාගැනීමට නොහැකි වූ විට මරණ පරීක්ෂණය සිදු නොකර මෘත දේහය එලියට ගැනීමට රෝගය නිව්මෝනියාව ලෙස සදහන් කරනවා.
මේක දැන් වසංගතයක් වෙන්න යන්නේ .