( චන්ද්‍ර සේන ගමගේ)
‘පර්පර්චුවෙල් සමාගමේ හිමි කරුවන් ගෙන් වැඩි පුර සල්ලි අරගෙන තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා අයයි. එහෙම මුදල් අරගෙන පන්සල් ගානෙ ගිහින් ආත්තම්මලා ගේ, අම්මලාගේ පිටට තට්ටු කර දැන් සනීපද කියා ලජ්ජා නැතිව අසනවා.‘ යැයි ධීවර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද(03) දහවල් තංගල්ල මැවැල්ල ප්‍රදේශයේ ධීවරයන් හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
මැවැල්ල ධීවර තොටුපලේ ඉදිකිරීමට යෝජිත නව බෝට්ටු නැංගුරම් තොටුපලේ සාක්ය්‍යතා වාර්තාව පිළබදව ධීවරයන්ගේ අදහස් ලබා ගැනීම සදහා මාවැල්ල ධීවර තොටුපළට ගිය රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේද පැවසීය.
අර්ජුන ඇලෝසියල්ලගෙන් අපි සල්ලි ගත්තේ නැහැ. අපි ඔවුන් අදුරන්නේවත් නෑ අපිට කාගෙවත් මුදල් අවශ්‍ය නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සමග අපි පිරිසිදු දේශපාලනයක් කරනවා.අපිට දේශපාලනය කරන්න ගමේ මිනිස්සු උදවු කරනවා.ඔය ව්‍යාපාරිකයෝ මේ රට වනසනවා. ඔවුන් මේ රටින් පන්නා දැමිය යුතුයි.ඔවුන් ගෙන් මුදල් ගත් ඒකා බද්ධයේ අය දැන් ගලේ පැහැරූ බළලුන් මෙන් ඉන්නවා. අපි ණයත් නෑ. කාටවත් බයත් නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂයේ 118 ක් නැහැනේ. ඔබතුමාගේ ගණිතමය නොහැකියාව ගැන කනගාටුයි. අලෝසියස්ලා මුදල් දන්සල් දෙන්නේ සියයට දසදහසක ප්රතිලාභ ලබා ගන්න පිළිවන් අයට..
ණයත් නෑ බයත් නෑ ඇති වැඩකුත් නෑ...
පාර්ලීමේන්තුවේ එක තනි පක්ෂයකටවත් 118ක් නෑ. එ් කියන්නේ ජ.වි.පේ අැරුනම අනික් අය විස්වාශ කරන්නේ බෑ. ජ.වි.පෙ නායකයා අභියෝග කලා තමන්ගේ පක්ෂයේ කවුරුත් ගත්තේ නෑ. පුළුවන්නම් අනික් අය ගත්තේ නෑ කියලා සහතික කරන්න කියලා කෝ තාම නෑනේ.
ඔබතුමා ණය නැති වුනාට මහජනතාව ඔබලා නිසා ලෝකෙටම ණයයි. ඔබ බය නැති උනාට මහජනතාව නම් බයෙන් ඉන්නෙ. මොකද ඔබලාගේ පඩි නඩි වියහියදම් සියල්ල ගෙවන්නෙ මහජනතාව නිසා.
මටනම් පෙනෙන්නේ දෙශපාලකයෝ ටික මහා බැංකුවේ මුදල් සංචිතය කඩලා මහජන මුදල් කොල්ලකාගෙන බෙදා ගත් ලෙසටයි. මතු පරපුරට දැන ගැනීමට මොවුන්ගේ නම් රටේ අසාදු ලේකනයට ඇතුලත් කල යුතුයි .
සහතික ඇත්ත...