බිඟුන් මේනක ගමගේ
රාජ්‍ය ආයතනවලට අයත් යාවත්කාලීන නොවූ හා පිවිසීමට දුෂ්කර වෙබ් අඩවි හඳුනාගැනීමට වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලීන නොකිරීම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියට ද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා අවධාරණය කළේය.
එහෙත් ජනතාව මෙම වෙබ් අඩවි සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන්නේ යැයි චෝදනා කළ හෙතෙම මෙම තත්ත්වය වෙනස් කරගැනීමට නම් ඔවුන් ද සැළකිය යුතු මැදිහත්වීමක් කළ යුතු යැයි ද පැවැසීය.
ඒ අනුව යාවත්කාලීන නොවූ වෙබ් අඩවි හා ප්රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි වර්ගීකරණය කරමින් මෙම වැඩපිළිවෙලට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙබ් අඩවි නෙවෙයි ඔය රාජ්‍ය සේවයේ වැඩ කරන අය හරියට රාජකාරි කරනවාදැයි සොයා බලන්න වටිනවා. පරක්කු වෙලා වැඩට එන, මහජනයාට ලොකුකම් දාන, රාජකාරියෙන් කට්ටි පනින හද්ද කම්මැලි රාජ්‍ය සේවකයන්ගේ කටයුතු යාවත්කාලින කලොත් වටිනවා . වෙබ් අඩවියෙන් අපිට වැඩක් නැහැ.
රාජ්‍ය ආයතනවල කිසි රාජකාරියක් නැති නිලදාරීන් ගැන හොයන්න කවුරුත් නැහැනේ.
ලංකාවට විදේශ විනිමය ගෙනෙන ආයතනයක මෙවැනි වෙබ් අඩවියක් තිබේ. එම වෙබ් අඩවිය සකසා ඇති වෙබ් අඩවිය නඩත්තු කරන ආයතනය වෙබ් අඩවියට පැමිනෙන්නන්ට ලබාදී තිබෙන ලින්ක් අවහිර කර ඇත. එම වෙබ් ලින්ක් purposely block කර ඇත්ද, නොඑසේනම් වෙබ් ආයතනය පළපුරුදු ආයතනයක් නොවන බව නම් ඉතා පැහැදිලිය. එම රජයේ ආයතනයට වගකියන ඇමතිවරයා සහ ඉහලම සභාපති අධ්යක්ෂ මණ්ඩලය මේ ගැන සොයා නොබැලීම ගැන කණගාටුවක් සහ සැකයක්ද පවතී. පසුගිය දිනවල මෙම ආයතනයේ පත්කිරීම් සම්බන්දව මතගැටුමක් පවා තිබිණ. කෙසේ වෙතත් මේ ආයතනය සම්බන්දව නුදුරේදීම සුදුස්සාට යමක් කළහැකි පුද්ගලයාට දන්වන බව කියමි.
යාවත්කාලින නොකල වෙබ් අඩවිවලට පිවිසිලා වැඩක් නැහැ. අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න බැහැ. වරක් ගිය අයෙක් ආයෙත් ඒවගේ වෙබ් අඩවිවලට යන්නේ නැහැ. ඒක නිකම් කාළය හා මුදල් නාස්තියක් විතරක් වෙනවා. එවැනි වෙබ් අඩවි ගැන පැමිණිලි කරන්න ආයතනයක් හරි තියනවා නම් හොදයී.
කෙරෙනවානම් හොඳ වැඩක්. නමුත් ඒක අමාරු වැඩක් වේවී. ඒකට ප්‍රධාන හේතු 2ක් තියෙනවා. 1. ආයතන ප්‍රධානීන් ගේ තොරතුරු තාක්ෂණ දැනුම මදිකම. 2. තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ නොහැකියාව. ආයතන ප්‍රධානීන් තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළු වලට නිතර පිටරට යනවා. අවශ්‍ය අයට ඒ අවස්ථාව නෑ. යන්නේ ලැබෙන මුදල් බලාගෙන. මොවුන් සියළු දෙනාට ලංකාවේදී පුහුණුවක් දිය යුතුයි. ඒ දැනුම නැත්නම් තනතුරෙන් ඉවත් කල යුතුයි. ප්‍රසාද් පියසේන වැනි පරිපාලන නිලධාරීන්ට ඉදිරියට ඇවිත් වැඩ කිරීමට හැකියාව නවතලා. එවැනි අය ගොඩක් ඉන්නවා. පුලුවන් නම් හොඳ වටපිටාවක් හදලා ඔය වැඩේ පටන් ගන්න.
ආයතනක වෙබ් පිටුවේ බොහෝ වෙලාවට තියෙන්නේ ඒකේ වැඩ කරන අයගේ රූපේ හා පෞද්ගලික විස්තර. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මිනිස්සු එන්නේ ඒගොල්ලෝ බලන්න කියලා. ඒ ඒ ආයතනවලින් ලෝකයාට ලැබිය යුතු සේවය දෙන්න අදහසක් ඔවුන්ට නෑ. මේ ගැන සොයලා බලන්න.
මේකට ප්‍රධානම හේතුවක් තමයි ආණ්ඩුවේ නිලධාරීන්ට තොරතුරු තාක්ෂණයෙන් ලබාගත හැකි වාසිය ගැන අවබෝධයක් නැති කම... අනිත් එක තමයි දක්ෂ පරිගණක දැනුම ඇති ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් බඳවා නොගැනීම. පුද්ගලික අංශයේ දෙතුන් ගුණයක් පඩි ලැබෙද්දී අඩු පඩියට කවුරුත් එන්නේ නෑ. අනිත් එක ලංකාවේ බොහෝ ආයතනවල තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට ඉහළට යන්න ව්‍යුහයක් නෑ. අපේ රටේ හැමෝටම වගේ අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන තියෙනවා. ඒවගේම අන්තර්ජාල පහසුකම් හැමතැනම වගේ තියෙනවා. හරියට මේවා දියුණු කරනවා නම් රටට ආර්ථික වාසි වගේම මිනිස්සුන්ගේ කාර්යාලවල වැඩ කරගන්න යන කාලය ඉතිරි වේවි. ඔබතුමා ලංකාවේ පරිගණක ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක්, සුබ පතනවා රටට වැඩක් කරන්න.