කේ බුද්ධික කුමාරසිරි
වියත්මග දේශනයේදී තමන් දැක් වූ කරුනු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද සවස හංවැල්ල ජල්තර දී පැවසීය
වැදගත් වන්නේ ප්‍රතිපත්තිය නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මග දේශනයේදී තමන් දැක් වූ අදහස් හා වෙනත් පාර්ශ්වයක අදහස් සමාන බව කවුරුන් කීවත් එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව හා නොහැකියාව පිළිබඳව අදාල පාර්ශ්ව හා තමන් අතර ඇති වෙනස බවද ඒම හතා මෙහිදී පැවසීය.
හංවැල්ල ජල්තර ශ්‍රී ධම්මික දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා.
මේ ආණ්ඩුවේ කතාවෙන් නම් දැන් ඇමරිකාවත් ලංකාවට යටත් වෙන්න ඔන්න මෙන්න. හැබැයි මිනිස්සුන්ට තුන් වේල කාලා ඉන්න නෑ.
වත්මන් අාණ්ඩුවෙත් මෙතුමාගෙත් දර්ශනය සමානයි. අැත්තේ එකම අදහසට වෙනස් වචන භාවිතා කර ඉදිරිපත් කිරීමයි. මොන දර්ශනය ඉදිරිපත් කලත් වැඩකරන්න බැරි හේතුව තමා. නිෂ්පාදනය, අපනයනය අඩු වීම මත ගෝඩ නැගෙන අාර්ථික හිඟය. එ් වෙනුවෙන් වැඩපිලිවෙලක් නෑ. බලය වෙනුවෙන් පමණක් හැමෝම සුරංගනා ලෝක මවනවා.
ඔය දෙගොල්ලොන්ගේම තියෙන්නේ එකම දර්ශනය බව හැමෝම දන්නවා. බලය තිබුන කාලේ ඔය දර්ශනය ක්‍රියාත්මක නොකර දැන් මොකට දේශනා තිය තිය කාලේ නාස්ති කරනවද. ඒ නිසා නිකන් දේශනා තිය තිය ඉන්න ඕන නැහැ. ඒ දර්ශනය රටට ගැලපෙන්නේ නැති බව අවරුදු 70ක් තිස්සෙම ඔප්පු කරලා ඉවරයි.
මේ මොනවා කියනවද? මේ දෙගොල්ලන්ටම තියෙන්නේ එකම දර්ශනයම නේන්නම් !
අනේ මෙයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදිලා කියලද?
ඔය දර්ශනයේ තිබෙනවාද සෑම දේසපාලකයෙක්ගේම මාපිය සොහොන්ගෙවල් හදන්න ආණ්ඩුවේ මුදල් අවභාවිතා කල හැකිය කියා ?
මිනිසුන්ට. පෙන්වන්නේ එක දර්ශනයක් ක්‍රියාත්මක. වෙන්නේ. වෙන දර්ශනයක් මේවා. පසු වෙන්නේ කියපු විදියට. කරන්න. බැරි කමටයි පසුගිය. ආණ්ඩුවේ. බලය අතට අරගෙන. පුදුම දර්ශන පෙන්නුවේ. ජිවිතේට. අමතක. නොවෙන්න
අපිට තේරිලා ගොඩක් කල්...
ගෝඨාභය මහතා මේ ගොල්ලන්ට මොන දර්ශනද? මේගොල්ලෝ ඉබාගාතේ යන ජාතියක් 16 දෙනෙක් කඩාගෙන ගියා ජනාධිපති කියනවා එයාට තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්නයි එක නොකලාට එයා කම්පාවෙනවා 62 න් 3/4 කම්පාවෙනවා ඒගොල්ලෝ කරගත් ගොන්කමට.
සමාන බව අපටත් පේනවා. හැකියාව සහ නොහැකියාවත් අපට පේනවා. හිර ගෙවල්වල සිටිය යුතු කාගෙත් හැකියාව පිළිගැනීමට අපට සිදුවේ.
ක්‍රියාත්මක නොවෙන්නේ මොකද කියල අහන ප්‍රශ්නෙට උත්තරේ ඔබතුමා අහන්න ඕනේ ඔබතුමා නියෝජනය කරන පිලෙන්ම. අනාගතය බලල මොන වැඩක් කරන්න නීති ගෙනාවත් විරුද්ධ වෙන්නේ අයියගේ නඩේ. ඔබතුමා හරියට කතා කරන්නේ මෙරටේ පහුගිය අවුරුදු තුනහමාරක් නොහිටල ඇමෙරිකාවේ ඉදන් ඊයේ ගොඩ බැස්ස වගේ. ඔබතුමාවම අත්අඩංගුවට ගන්න බෑ කියල උසාවිය නියෝග නිකුත් කරන්නේ නීතියේ ආධිපත්‍යය හොදින් ක්‍රියාත්මක වෙනහින්ද නෙමෙයිද?
බම්බුව තමයි. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය තිබුණට වැඩිය දැන් ඉහළයි. කම්මැලියි........... හැමදේම නිකම් කන්න බලාගෙන ඉන්න අයට නම් අමාරු ඇති.
මෙහෙමත් මිනිස්සු. මේ වගේ මිනිස්සුන්ට වඳින මිනිස්සුත් ඉන්නවනේ.
මම නොදන්නා කමට අහන්නේ, තරහ වෙන්න එපා.. අර එක එක ආච්චිලගේ රන් රිදී මුතු මැණික් මලු ගැන ඔය දර්ශනේ සඳහන් වෙනවද? නැද්ද? ආයුබොවන්...
ඔයා පටල්විල්ල දිග ඇර ගත්ත දවසට රටම ගොඩ
හැමදේම නිකම් කන්න බලාගෙන ඉන්න අයට නම් අමාරු ඇති ලු. කව්රුත් නිකන් කන්නේ නැහැ .............. හිඟන මනුස්සයයත් මහන්සිවෙලා හිඟමන් ඉල්ලාගෙන කන්නේ. අඬගහල හිඟමන් දෙන මිනිස්සු නැත. හැමදාම වෙසක් දන්සල් නැත.