සුජිත් හේවාජුලිගේ
දැනට හිස්ව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමත්, එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නමත් කතානායකවරයාට යෝජනා කර ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ 16 කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක තවතුරට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේද සහයෝගය ලැබෙනු ඇති බවයි.
නියෝජ්‍ය කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන හෙයින් සුදුස්සකු තෝරා ගැනීමට අනිද්දා (05) මැතිසබයේදී රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව කතානායක කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තම තමන්ගේ බලය උරගා බලන්නයි යන්නේ, කොහොම උනත් බහුතරය තියෙන්නේ එ.ජා.ප.යට නිසා මෙතනදී වාසිය තියෙන්නේ එ.ජා.පය.ටයි. අඩුම ගානේ සීලාචාර මනුස්සයෙක්වත් මේ තනතුරට දාගත්තේ නැත්නම් පාර්ලීමේන්තුව තවත් පිරිහේවී.
මේකට සුදුසුම පුද්ගලයා තමයි එඩ්වර්ඩ් ගුණසේකර මහතා.
විමල් වීරවංස මහත්තයා නැත්නම් ගම්මන්පිල මත්තය තමයි වඩාත් ගැලපෙන්නේ. කතා නායක (ස්පීච් කැප්ටන් ) කියපුවම එක දිගටම මොනවා හරි අනන් මනන් වුනත් කමක් නැහැ, කියාගන කියාගන යන්න හපන් කමක් තියෙන්න එපාය.