ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කර සිටී.
ඉතාලියේ දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට ආපසු තම රටවලට යාම සඳහා ගමන් මළු සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා පැවසීය.
මධ්‍යධරණි මුහුදේ නවතා ඇති අනවසර බෝට්ටු සහ සංක්‍රමණිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් නෞකාවලට ඉතාලියේ වරායන්ට ඇතුළු වීමද සපුරා තහනම් කරන බවද හෙතෙම පැවසීය.
මාස තුනක පමණ කාලයක් ඉතාලියේ පැවැති දේශපාලන අස්ථාවරභාවය නමා කරමින් ජුනි මස 01 වැනි දින මහාචාර්ය ගුසෙප්ප් කොන්තේ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා කියන දේ කරන්නකු ලෙසද ප්‍රසිද්ධය.
ශ්‍රී ලංකාවේ සිට නොයෙකුත් අයථා ක්‍රම වලින් ඉතාලියට පැමිණිමට උත්සාහ කරන අයට ත් ඒ සඳහා මුදල් ගෙවීමට බලාපොරොත්තුවන අයටත් තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙවරක් නොව කිහිප වරක්ම සිතා බලන ලෙසත් සිර අඩස්සියේ නොවැටීමට හා තම මුදල් ප්‍රවේසම් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රිකානුවන් සහ උතුරු අප්‍රිකාව හරහා නීතිවිරෝධීව සංක්‍රමණය ව්‍යාපාරයක් කරගෙන හිටපු අයට දීපු සුපිරිම දඬුවම තමයි ඕක.
ඉතාලියෙ ඉන්න ලංකාවෙ අය කියන දේවල් අහන්න එපා. ඒ අය හදන්නෙ නැගපු ඉනිමග පෙරළල වෙන අය එන එක නවත්තන්න. ඔය ලාංකීය හැටියක්.
අපි දන්නා සමහර අය,ඉතාලියේ මාස 6ක් වැඩ කර, ඉතිරි මාස 6 ලංකාවේ ගත කරනවා. හැම අවුරුද්දකම මාස 6ක් ඉතාලියේ. මාස 6ක් ලංකාවේ.....මට තේරෙන්නේ නැහැ ,මෙහෙමත් ඉතාලියේ රස්සා කරන්න පුලුවන්ද කියලා. අපි ඉන්න බටහිර රටවල් වල අවුරුද්දම වැඩ කරලා නිත්‍යානුකුලව ලැබෙන නිවාඩුවට තමයි අපි ලංකාවට එන්නේ.
මෙහි ඉතාලියේ අගමැතිගේ නම ජිසේපි ලෙස වෙනස් විය යුතුය
සමහර දේශපාලකයෝ හිතූගමන් ඔය වගේ ප්‍රකාශ කළාට රටක අවුරුදු ගණනාවක ඉඳන් පැල පදියම්වෙලා තිබෙන නීති, ක්‍රම සහ විධි එහෙම එකපාරටම ඔය විදිහට වෙනස් කරන්න බැහැ. ඉතාලිය කියන්නේ කතෝලික ආගම ඉහළින්ම අදහන රටක් ඔය ක්‍රියාවට ඉදිරියේදී වතිකානුව අනිවාර්යයෙන්ම විරුද්ධත්වය පලකරනවා. ලොකු සමාගමුත් විරෝධය පලකරනවා. ඉතාලියේ ගෘහ සේවය, පිරිසිදු කිරීම වැනි ඉතාලි ජාතිකයන් කරන්න අකමැති රක්ෂා තමා අලුතෙන් එන ශ්‍රමිකයෝ බොහෝවිට කරන්නේ... කොහොමත් ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සු කැමති නැහැ අලුතෙන් ශ්‍රී ලාංකිකයෝ එහෙට එනවට.. කැපවීමෙන් ඉතාලි භාෂාව ලංකාවේදී ඉගෙන ගෙන කුමන හෝ ක්ෂේත්රයක නිපුනත්වයක් තිබෙන කෙනෙකුට ඉතාලියේ රැකියාවක් කරලා ජීවත්වෙන එක අමාරු නැහැ.
මම ඉන්න රටට එන්න හදන කාලේත් මෙහෙ ඉන්න ලංකාවේ ඉන්න සමහරු කීවේ, අපෝ එන්න නම් එපා, මෙහෙ හරි අමාරුයි... රස්සාවක් හොයා ගන්න කියලා. මම දැන් මගේ දැනුමෙන්, උත්සාහයෙන් හොඳ ජොබ් එකක් හොයාගෙන එයාලටත් වැඩිය හොඳින් ඉන්නවා.