ඩෙංගු මදුරු මර්දනයට බැක්ටීරියාවක් ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 17 June 2017
අයිස් මත්කුඩු සමග තරුණයෝ දෙදෙනෙක් සැකපිට අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 17 June 2017
රුසියාවට සහ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය. 16 June 2017
විග්නේෂ්වරන් වැරදිකරුවන් ආරක්ෂා කළ බව සුමන්තිරන් කියයි උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධානතම හේතුව දූෂණ චෝදනා සනාථ වූ සිය සමීප අමාත්‍යවරුන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් නිර්දෝෂී යැයි සනාථ වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යධූර අත්හිටුවීම බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය. 16 June 2017
රාජකාරිය හරියට කරන බව විග්නේෂ්වරන් කියයි ‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා. ‘ යැයි විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය. 16 June 2017
දැරිය අපයෝජනය කළැයි ලාංකික සරණාගතයා හිරේට තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටින හය හැවිරිදි ලාංකික දැරියකට ලිංගික බලහත්කාරකම් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවකට එම කඳවුරේ සිටි තවත් ලාංකිකයකුට ඉන්දියාවේ අධිකරණයක් වසර තුනක සිර දඬුවම් පමුණුවා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 16 June 2017
අකුණු සන්නායක කොල්ල කෑවාට පොලිසියේ 5 ක් ඇතුළු 4 ක් යළි රිමාන්ඩ් අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමානඩ් භාරයේ සිටින නව දෙනා ජුනි 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (15) නියෝග කළේය. 16 June 2017
පිළියන්දල වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු රඳවාගැනීමට අවසර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(16) අවසර දුන්නාය. 16 June 2017
ගෝනපොල කාන්තාවක් ඝාතනය කරයි ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් (55) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 16 June 2017
මාධ්‍යවේදීන්ට බැන වැදීම ගැන ඇමැති ජෝන් කණගාටුව පළ කරයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කීවේ. 16 June 2017
උසස් පෙළ අවසන්වූ සැණින් සරසවි යාමේ මගක් සකසන්න’යි යෝජනාවක් අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස හයක් ඇතුළත විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නා ක්‍රමයක් ඇති කරන ලෙස රජයට බල කර සිටීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. 16 June 2017
ගැටුමක් විසඳා යද්දී හිටපු නියෝජ්‍ය රේගු සාමාන්‍යාධිකාරී හෘදයාබාධයකින් මරුට කොට්ටාව බොරැල්ල මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී තරුණයකු විසින් වැඩිහිටියකුට සිදුකළ පහරදීමක් දැක,තම රථය නවතා එහි ගොස් ගැටුම සමථයකට පත් කොට නැවත රථයට පැමිණිමේ දී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ (52) හැවිරිදි හිටපු නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 16 June 2017
සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනක සුගතදාස මහතා , ජනාධිපති විසින් අද (17) පත් කරනු ලැබීය. 16 June 2017
මීගමුව - කොළඹ බස් වර්ජනයක් මාර්ග අංක 240 මීගමුව - කොළඹ පෞද්ගලික බස් රථ අද (15) සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 16 June 2017
අයිඑස් නායකයා මරුට සිරියාවේ රකා නගරයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩි මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (16) නිවේදනය කළේය. 16 June 2017
කොන්දේසි සහිතව ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට පියවර අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙල අනුව සහ තවත් කොන්දේසි කිහිපයක් මත මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 June 2017
ගම්පහ - මීගමුව රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි. 16 June 2017
කැලණි සරසවියේ දේශන නවතයි කැලණිය සරසවියේ ජලය අපවිත්‍රවීමක් හා සිසුන්ට පසුගිය දිනවල ඇතිවූ අසනීප තත්ත්වයන් හේතුවෙන් සියලු අධ්‍යයන කටයුතු අද(16) දහවල් 12 සිට නවතා දැමීමට තීරණය කළ බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි. 16 June 2017
නානුඔය අනතුරින් පසු පොලිස් ස්ථානාධිපතිට මාරුවක් නානුඔය නගරයේ දී පාසල් දැරියක් ටිපර් රියකට යටවී මියයෑමෙන් පසු ඇතිවූ කලහකාරී තත්ත්වයෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් රැසක් තාවකාලිකව නුවරඑළිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර ඇත. 16 June 2017
ලක්ෂ 75 ක කේරල ගංජා මුලතිව් වලින් අල්ලයි මුලතිව් දේවපුරම් ප්‍රදේශයේ විකිණීම සඳහා සැලසුම් කොට තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 60 ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2017
ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි. 16 June 2017
පිළියන්දල දී පොලිසියට වෙඩිි තැබු සැකකරු මැදිරිගිරියෙන් අල්ලයි මත්ද්‍රව්‍ය වැටලිමක් සඳහා ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට ඉකුත් මැයි 9 වැනි දා පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොළොන්නරුව මැදිරිගිරියේ දි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2017
උතුරු මහ ඇමැතිගේ විශ්වාසභංගයට විරුද්ධව පෙත්සමක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙත බාර දෙනු ලැබීය. 16 June 2017
කුවේටයේ සිටි කතගේ මරණය සැක බවට පැමිණිලි කුවේට් රටේ ගෘහ සේවයට ගිය හලාවත කංජුක්කුලිය වටවන ප්‍රදේශයේ කාන්තාවක මරා දමා ඇති බව කියමින් ඥාතීහු පිරිසක් අද (15 ) හලාවත පොලිසියට පැමිණිලි කළහ. 15 June 2017
වනයේ හිතවතා ඩේස්මන්ඩ් වයිට් සමුගනී මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 15 June 2017
විශ්වාස භංගයට එරෙහිව හෙට උතුරේ හර්තාල් උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි බල කෙරෙන හර්තාල් ව්‍යාපාරයක් හෙට (16) උතුරේ පැවැත් වීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි. 15 June 2017
ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් 24 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කර තිබේ. 15 June 2017
මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 June 2017
බතලේගොඩදී පරීක්ෂා කළ සහල් සාම්පල 11 ම යහපත් තත්ත්වයේ බතලේගොඩ සහල් පර්යේෂණාගාරයේ දී සහ කාර්මික තාක්ෂණ ආයතනයේ දී පරීක්ෂාවට ලක් කළ සහල් සාම්පලවල ප්ලාස්ටික් අඩංගු නොවන බවත් පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පැවසුවාය. 15 June 2017
සරත් කෝන්ගහගේ ජනපති මාධ්‍ය උපදේශක තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිධුරයට පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. 15 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026