ඔගස්ටින් ප්‍රනාන්දු
අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය.
මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවා ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පතු වූ බව මව්පියෝ පවසති.
ඉකුත් දිනක දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ඇති අතර පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද තර්ජනය කර ඇත. පහර කෑමෙන් පසු හදිසියේ අසාධ්‍ය වූ එම සිසුවා හලාවත රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළ අතර අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැරණි. මහේස්ත්‍රාත් විභාගය අද (23) පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුදායක පුවතක්. පාසල් තුලත් මෙවැනි මුර්ග ක්‍රියා පැතිරයාම ඛෙදවාචකයකි.
මෙම ශිෂ්‍යයා මුස්ලිම් කෙනෙක්. බැරි වෙලාවත් සිංහල කෙනෙක් නම් - මියගියේ මුස්ලිම් අයගේ ප්‍රහාරයකින් වුණා නම් මෙතන කමෙන්ට් 100,000,000 විතර තියේවි.
ෂරියා නීතියද මන්දා...
අනේ මන්දා අපේ රටේ මිනිසුන්ට මොනා වෙලාද කියල. එහෙන් දෙසපලකයෝ රට කනවා මෙහෙන් මිනිස්සු පුංචි පුංචි දේටත් මරා ගන්නවා. මේ දරුවට මගේ ආගමට අනුව නිවන් සුව.
හරිම සංවේගයි.
මුස්ලිම් පාසෙලක මුස්ලිම් ළමයෙක් මරල. කකුල් දෙකේ කොටි එකතුවෙලා කකුල් හතරේ කොටියෙක් මරල. ඉතින් මෙතන ජාතිවාධයක් නැහැ.
ඉතාම කනගාටුයි. ඇමෙරිකාවේ පාසල් වල සිදුවෙන දේවල් මෙහෙ වෙන්න පටන් ගන්න කලින් වහාම නවත්වා ගන්න ඕන. නැති නම් මේක චිකාගෝ පුරවරය වෙන්න වැඩිකල් යන එකක් නැහැ .
සංජීව, ගොන්කතා කියන්න එපා.
මෙහිදී බැලිය යුතු ප්‍රධාන කාර්යය වන්නේ මෙම දරුවන්ගේ දෙමව්පියන් පිළිබඳ විස්තර පසුව මොවුන් ඇසුරු කරන අය ගැන විස්තර... ජාති බේදයකින් තොරව ලංකාවේ දෙමව්පියන් තම තමන්ගේ කල්ක්‍රියා වලින් ළමයි අනියම් ලෙස වැරදි වැඩවලට පොළඹවනවා. වැඩිහිටි ආදර්ශයට ගෙන වැරදි වැඩ වලට පෙළඹෙන දූදරුවන්ගේ ගණන් දින දින ඉහළ යනවා.
මේක තනිකරම යහාපාලන ආණ්ඩුවේ වැරැද්ද මේ ආණ්ඩුවට රටක් පාලනය කරනවා තියා පාසැලක් පාලනය කර ගන්නවත් බැහැ නැද්ද මං අහන්නේ !
මෙය සිදු නොවිය යුතු දෙයක්. අපි එම සිසුවාට මොක් සුව පතමු.
මේ ඔක්කොටම මුල ලංකාවේ නීතියක් කියලා එකක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක...
අතින් පයින් ගහල මරණීය තුවාල වෙන්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි. මං හිතන්නේ පොලුවලින් ගහන්න ඇති. ගහපු ළමයි මෙයා මැරෙයි කියල හිතල නැහැ ඒකනේ මේගැන කියන්න එපා කිව්වේ.
අපේ ඉස්කෝල වලත් ශිෂ්‍ය නායකයින් එක්ක වලි තිබුණා. මොකද උන්ගේ ගැට්ට වැඩි හින්දා. නමුත් මාරාන්තික පහරදීම් අහලවත් තිබුනේ නෑ .
ප්‍රචණ්ඩ දේශපාලකයන් ප්‍රචණ්ඩ ගුරුවරු ප්‍රචණ්ඩ දොස්තරලා ප්‍රචණ්ඩ පූජකයන් ප්‍රචණ්ඩ භික්ෂුන් ආදර්ශය දෙනකොට සිසුන් ඉබේම ප්‍රචණ්ඩ වෙනවා.
මෙවැනි දේ සිදුවෙනවා නම් මෙය රටේ අභාග්‍ය.
ජාති ආගම් බේදයකින් තොරව මේ ප්‍රශ්නය දිහා බලමු. පාසල්වල විනය ඉතා සීඝ්‍රෙයන් පිරිහෙමින් පවතිනවා, ගුරුවරුන්ට ළමුන් පහර දෙනවා. දරුවෙකුට ගුරුවරයෙක් දඬුවමක් දුන්නොත් , මුලින්ම රෙදි උස්සන් එන්නේ අම්මල. පාසල්වල විනය කමිටු පිහිටවා එමගින් වැරදි කරන දරුවන්ට නිසි දඬුවම් ලබා දීම කල යුතුය. කිරි කාලයට ගොම දැම්ම සේ එක දරුවෙකුගේ අයහපත් ක්‍රියා කලාපය දරුවන් සියගණනක් වැරදි මගට යොමු කල හැකිය. ගුරුවරුන් සඳහාද එසේමය. ගුණගරුක ගුරුවරයෙකුට වැරදි මග යන දරුවන් සිය ගණනක් යහ මගට ගන්න සේම ඔවුන්ගේ වැරදි ආදර්ශ නිසා යහපත් දරුවන් අමනුස්සයන් කල හැකිය. ගුරුවරය සෑම දරුවෙකුටම එක හා සමානව සැලකීමෙන් දරුවන් තුල පෞරුෂය වර්ධනය කල හැකිය. ගුරුවරයාගේ ප්‍රධාන වගකීම දක්ෂ දරුවන් වෙත වැඩි අවදානය යොමු කිරීම නොව අදක්ෂ දරුවන් වෙත වැඩි අවදානයක් යොමු කිරීමයි....
ඉතාමත් කණගාටු පුවතක් ........ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්ද? ඉස්ලාම් දහමට අනුව ඔබට ස්වර්ගය හිමිවේවා........
අපරාදේ වටිනා ජීවිතයක්..........................
මෙතනට ජාතියක් අවශ්‍ය නැහැ. නියමාකාරව පරීක්ෂණයක් පවත්වා වැරදි කළ අයට දඬුවම් කරන්න.
පාසල් සිසුන් අධිකරණයට ගෙන එ්ම සුලභ දසුනක්... කෙසේ වුවත් ඔවුන්ට දඬුවම් දීම සාමාන්‍ය ආකාරයට සිදු කිරීම කළ නොහැකි, බන්ධනාගාරගත කිරීමද සාමාන්‍ය ලෙස කල නොහැකි මේවා පාසල්වල විදුහල්පතිවරුන් විසින් පාලනය කරගත යුතු ප්‍රශ්නය. එසේ කළ නොහැකි විදුහල්පතිවරුන් වෙනත් රැකියවකට යොමුකිරීම් කළ පාසල්වල කල්ලි කණ්ඩායම්, බාහිර කණ්ඩායම් සමග එකතු වෙලා ඉන්නේ. ඔවුන් මේ අය හරහා පාසල්වල මත්ද්‍රව්‍ය ජාවාරම කරනවා. මුදල් හොයා ගැනීමට සොරකම් වලට පෙළඹෙනවා. අවසානයේ එම සිසුන් අධ්‍යාපනයත්, ජීවිතයත් නාස්ති කරගන්නවා. මේ සිදුවීම විශ්වවිද්‍යාලවල තිබුණු පූර්වාදර්ශ පාසලට පැමිණීමක්... ඒ නිසා උපරිම ලෙස දඩුවම් දී මෙය රැල්ලක් ලෙස පැතිරීම නතර කළ යුතුයි.
හා...හා... කවුරුවත් කලබල වෙන්න එපා.. ෂරියා නීතිය කරලා...
අපේ රටේ තියෙන ජරා තරගකාරී අධ්‍යාපනය තුළ මේවගේ දේවල් වෙනඑක පුදුම වෙන්න අවශ්‍ය නැහැ. කිසිම විනයක් නැති ළමයි ටිකක් බිහිවෙනවා විතරයි.. රටේ විනාශයට අධ්‍යාපනය තනිකරම වග කියන්න ඕනෑ... ළමයි සමග අම්මලා පාර පුරා පැය 24ම පන්ති යනවා.
පහරදීපු අය මුස්ලිම් වේවා, සිංහල වේවා, දෙමළ වේවා... මේ මියගොස් සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේ රට කිසිම ජාතියකට අයත් එකක් නොවෙයි. පොදුවේ සියල්ලන්ටම අයිති රටක්...
අධිකරණයන් වැරදිකරුවෙක් කියලා තීරණය කෙරුවොත් ෂරියා නීතියට අනුව දඬුවම් දෙන්න පුළුවන්. එහෙත් අගතියට පත්වුණු පාර්ශවය සමාව දුන්නොත් හෝ ඉල්ලන මුදල් ප්‍රමාණයක් ලබා දීලා මරණීය දණ්ඩනයෙන් මිදෙන්න පුළුවන්. හංගපු ආයුධ පෙන්නා නීතියට අනුව සමාව දීලා හෝ වන්දි මුදල් දීලා බේරෙන්න බැහැ.
අද පාතාලය පාසල් තුළටත් රිංගන්නට පටන්ගෙන ඇත. ඉදිරියේදී මෙවැනි මැරකම් කරන්නට අනතුරු හැඟවීමක් සඳහා මේ අපරාධ කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි.
අනේ වාසනාවන් !!
කවදාද අපි තේරුම් ගන්නේ මිනිසා ආගම්වලට, ජාතිවලට, කුලවලට අයිතියක් නැති ශුද්දාෂ්ඨක ගොඩකින් සැදී කැඩී බිදී විසිරී යන දෙයක් කියා ?
මිනිසේකුගේත් තිරිසන් සතෙකුගේත් ජීවනාවලියේ සැලකියයුතු වෙනසක් නැත .. එහෙත් තිරිසන් සතාට පව් වලින් අකුසල් වලින් මිදීමට චිත්තයක් පහළවන්නේ නැති නමුත් මනුස්සයාට ඕනෙකම තිබෙනවානම් පව් අකුසල් වලින් සම්පුර්ණයෙන්ම මිදෙන්න මනස සකස්කර ගත හැකියි .එය කොතරම් වටිනා මනුස්සයාට ලැබුණු දායාදයක්ද ? එයින් ප්‍රයෝජන නොගෙන ජාති ,ආගම්,කුලවලට බෙදී කුලල්කා ගැනීම අප ලජ්ජා විය යුතු නොවේද ?
මුස්ලිම් රටවල් වල එකාට එකා මරා ගන්න විදියට , මේව මොනවද,
පාසල් සිසුන් අතර වන අපරාද වැඩිවෙනවා මේ අයට උපරිම දඩුවම් දිය යුතුය
මොන ආගමෙීද කියන එක නෙමෙයි. කරපු කර්මය පලදෙනව කවදහරි , බුද්ධිමත්ව සිතන්න.
මේ සිදුවීම ඇතුළු තවත් සිදුවීම් බොහොමයකට හේතුව, කොන්දක් නැති නායකත්වය. පාතාල කරුවන් දහවල් මිනී මරන්නේද නීතියට බය නැති නිසාවෙනි. නීතියට බයනොවන්නේ දේශපාලකයන්ගේ අනුග්‍රහය ඔවුන්ට ඇති බැවින්ය. පාතාලය තොටිල්ලේ නලවන දේශපාලකයන් ඉන්න රටක නිතියකින් ඇති සෙතක් නැත. තිබෙන නිතිය අකුරට ක්‍රියාත්මක කරහැකි, බලවතාට සේම දුබලයාටද එක නිතිය ක්‍රියාත්මක වන දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. මාධ්‍ය ජනතාවගේ බුද්ධිය මොට කර ඇත. දේශපාලනය ජනතා මතය කියමින් උන් උන් පොහොසත් කර ඇත. අද නොව හෙට දකින්න. හෙට ගැන සිත අද කළයුතු දෙය කරන්න. පැය 24ම TV, Radio නැරඹීමෙන් වැලකී තමන්ගේ දියුණුවට, තම පවුලේ දියුණුවට එම කාලය යොදවන්න.
අසත්‍යාපාල මහතාණෙනි. වීරයාගේ කාලයෙත් මෙවැනි දෑ සිදුවුනි. අද පවා ඒවාට සාක්ෂි හො නඩු හෝ නොමැත. සෑම දෙයටම ජාතිය ගාවාගැනීමේ අසංවර පුරුද්ද නතර කරමු. සියල්ලන්ම සිතන්නේ එකම ආකාරයට තේරුම් ගත යුතුය