රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් හා කොඩි සමඟ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් රැගෙන යමින් සිටියදී පලා ගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලීසිය පවසයි.
මුලතිව් මල්ලාවි මාර්ගයේ වන්නි විලායන්කුලම් ප්‍රදේශයේ සැඟව සිටියදී මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පැනගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයා 41 හැවිරිදි වෙල්ලසාමි එගාම්බරන් වන අතර ඔහු කිලිනොච්චිය ශාන්තිපුර් අම්බාල්නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුගේ වම්අතද අහිමිව ඇති අතර මාන්කුලම් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රැගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ ත්‍රී රෝද රථයේ තිබී කොටි නිල ඇඳුම් තුනක්, කොටි කොඩි 2 ක්, කොටි හිස් වැසුමක් කිලෝ 15 ක් බරින් යුත් ක්ලේමෝ බොම්බයක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා දුරස්ථ පාලක දෙකක්, සන්නිවේදන උපකරණ දෙකක් හා ඩෙටනේටර් තොගයක් තිබීයදී සොයා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd