ඩී.ජී.සුගතපාල
මාතර මහෙස්ත්රාත්වරියගේ නියෝගයක් මත ගාල්ල ප්‍රධාන මහසේත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටින මාතර ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජුලි මස 2දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ අනුරාධපුර දුටුවැව අනුර කිත්සිරි,කොස්ගොඩ ධර්මකිර්ති තාරක පෙරේරා විජේසේකර,සහ ඩී.මහේෂ් යන සැකකරුවන් තිදෙනාය.
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සලක් කොල්ලකෑමට ගොස් පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවේදි තුවාල ලැබු මෙම සැකරුවන් තිදෙනා කුඩා මෝටර් රථයකින් අතුරු මාර්ග ඔස්සේ මාතර කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් බාර දි ඇති අතර එසේ ගෙනා පුද්ගලයා පිළිබඳ මෙතෙක් අනාවරණය වි නැත.
මේ වනවිට කරාපිටිය රෝහලේ ඔවුන් ප්‍රතිකාර ලබන වාට්ටුව හා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මොවුන්ව සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යන්න.