(විනීතා එම් ගමගේ)
රෝග පීඩා හෝ වෙනයම් හදිසි කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන, විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන් මෙතෙක් ගෙවූ ගුවන් ටිකට් පතේ මුදල ගෙවීම මේ වනවිට නතර වී ඇතැයි පැවැසේ.
විදේශ රැකියාවක යෙදී සිටියදී හදිසි රෝගාබාධවලට හෝ අනතුරුවලට ලක්ව රැකියාව කළ නොහැකි තත්ත්වයකට පත්වන අයට විදේශ ගතවීමට පෙර කාර්යංශයෙන් ලබාදෙන රක්ෂණාවරණය යටතේ වෛද්‍ය ප‍්‍රතිකාර වියදම් පූර්ණය කරනු ලබන අතර ආපසු මව් රටට ඒමට ලබාගත් ගුවන් ටිකට් පතේ වියදම ද ලබාදෙනු ලබයි.
මෙසේ ගුවන් ටිකට් පතේ මුදල ලබා ගැනීමට අයදුම් කළ 400 කට ආසන්න පිරිසක් මේ වනවිට පොරොත්තුු ලේඛනවල සිටින බව කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව කාර්යංශයෙන් කළ විමසීමක දී එහි නිලධාරියෙකු සඳහන් කළේ ගුවන් ටිකට්පත්වල මිලගණන් පිළිබ`ද ඇතිවූ විශමතාවයක් මත මෙසේ ටිකට් පත්වල වටිනාකම ගෙවීම ප‍්‍රමාද වූ බවය.
එහෙත් ගෙවිය යුතු ටිකට්පත් වල මුදල් අනිවාර්යයෙන් ගෙවන බවත් ජුලි මාසය අවසන්වීමට ප‍්‍රථම එම මුදල් ගෙවා අවසන් කළ හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ඩොලරයේ අගය වෙසන්වීම ඇතුළු ප‍්‍රශ්න මේ තත්ත්වය උදාවීමට හේතු වූ බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රක්ෂණය විදේශ සේවයෙන් රටට මුදල් එවන අහිංසකයන් ගේ මුදල් මංකොල්ල කමක් මිසක , වෙනත් කිසිම සහනයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අතක් පයක් කැඩිලා ආබාධිත උණු කෙනෙකුට සහනයක් නොලැබෙන මේ රක්ෂණයෙන් ඇති පලේ කුමක්ද ? අපි අවුරුදු දෙකට කලින් රැකියාව මාරු උනොත් නැවත රුපියල් 13,200 ක් ගෙවල අලුත් රක්ෂණය ගන්නත් ඕනේ. ඇහුවම කියන්නේ එකෙන් සියට 40ක් යන්නේ ඒජන්ටසියට කියල. ඒ උනාට අපි රැකියා සොයා ගත්තේ අපේ යාළුවො මාර්ගයෙන් මිසක් ඒජන්සි වලින් නෙමෙයි......... නමුත් මුලු මුදලම ගෙවන්න සිදුවුණා.
හොඳ වෙලාවට මම ඔය රක්ෂණය නොගත්තේ. බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ කල ආකාරය මට හොඳින් මතකයි. තුන්වන පාර්ශවයකට තමන්ගෙන විය හැකි අගතියක් නිසා අනිවාර්යය රක්ෂණ ඇතත්, තමන් වෙනුවෙන් ඇති රක්ෂණ බලෙන් පැටවිය නොහැකියි. මැදපෙරදිග වැනි දරුණු සාමාජ ක්‍රම සහිත රටවලට යන්නන් සඳහා නම් රක්ෂණය වන එක යහපත් දෙයක් වුව, ලංකාවේ රක්ෂණය යනු, අතින් මුදල් ගෙවා හරක් බැලීම වැනි කාරණයක්.