ජඹුරේවල චන්ද්‍රරතන හිමි ඇතුළු පහකට ඇප සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවල චන්ද්‍රරතන හිමි හා තවත් හිමිවරු දෙදෙනෙක් ඇතුළු ගිහියන් තිදෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා නියෝග කළේය. 19 June 2017
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් පල්ලියකට වෑන්රියක් කඩාවැදීමෙන් අයෙක් මරුට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පල්ලියක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (19) අළුයම එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 19 June 2017
පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරු වහාම කි‍්‍රයාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ස්ථාන මාරුවීම් ලැබු සහකාර පොලිස් අධිකාරිවරුන් ගේ නම් මෙසේය. 19 June 2017
විග්නේෂ්වරන්ට එරෙහි විරෝධතාවය උණුසුම් වෙයි උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් අත්තනෝමතිකව උතුරු පළත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බව කියමින් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක් අද(19) වව්නියාවේ විරෝධතාවක නිරත වූහ. 19 June 2017
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 June 2017
මුදල් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න 10 ක් ‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. 19 June 2017
සෙබළකුගේ අත් පා බැඳ ගිනි අවිය පැහැරගෙන කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු කඳවුරේ අංක 2 මුරකුටියේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකුගේ අත්පා බැඳ දමා එම සෙබළා සතු ගිනි අවිය පැහැරගත් හිටපු හමුදා සෙබළකු එම පැහැරගත් ගිනි අවිය සමග පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය කියයි. 19 June 2017
කොළඹ කුණු අස්කරන්න දින 3 ක් කල්දෙයි කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළි කසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැතිධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ. 19 June 2017
පොලු වලින් පහරදී ඝාතනය කළාට තුනක් අත්අඩංගුවට අංගම්පිටියේ ප්‍රදේශයේ නිවසක් අසලදි පිරිසක් විසින් පොලු වලින් සිදුකළ පහරදිමකින් දි පුද්ගලයකු (35) මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අංගම්පිටිය උළු කර්මාන්තශාලාවක සේවය කරන නිශාන්ත කුමාර නැමති අයෙකි. 19 June 2017
ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට ලන්ඩන් ඕවල් පිටියේදී අද පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කළ පාකිස්තානුවෝ 2017 ශූරයන්ගේ කුසලාන දිනාගත්හ. 18 June 2017
පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ. 18 June 2017
කුලියාපිටි ගුරුවරයාට පහර දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ ගුරුවරයකුට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ලංකා ගුරු සංගමය කියයි. 18 June 2017
ඇමැති දෙදෙනා ගැන සම්පන්දන්ගෙන් සහතිකයක් ඉල්ලයි උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී.සත්යලිංගමෙගේ සහ පී.ටෙනීස්වරන් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා සහතික වන්නේ නම් තමන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට සූදානම් යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සදහන් කරයි. 18 June 2017
විදේශීය සහල් ඕනෑ නැතිලු විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත් සමස්තලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. වී තොග සඟවා රට තුළ සහල් මිල ඉහළ දමා තිබෙන බව ද ඒ මහතා කියයි . 18 June 2017
විශ්වාස භංගය නිසා දෙමළ සන්ධානය දෙකඩ වන ලකුණු උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ඉතිරි පක්ෂ ත්‍රිත්වයම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය. 18 June 2017
ඕමාන් ගිය ලාංකික කතට වසර 13කට පසු වැටුප් වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමි විය යුතුව තිබූ රුපියල් ලක්ෂ 36කට ආසන්න හිඟ වැටුප් අදාළ හාම්පුතුගෙන් අය කර ගැනීමට ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත. 18 June 2017
අයිලිය රක්ෂිතය වනසා ඉඩම් අල්ලා ගනිති විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව ජාවාරම් කරුවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත් පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 18 June 2017
දුම්රිය රියදුරු-නියාමක වැඩවර්ජනයක් අනිද්දා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකරවරුන් ලබන අඟහරුවාදා (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක යෙදෙන බව රියදුරු හා නියාමක සංගම් පවසයි. 18 June 2017
ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 18 June 2017
ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි. 18 June 2017
තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 June 2017
උසස් පෙළ සිසුහු 700 ක් පැදුරේ උගනිති හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති. 18 June 2017
මට විරුද්ධව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹින් - විග්නේශ්වරන් තමන්ට එරෙහිව කොළඹ සිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 18 June 2017
ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන් දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි. 18 June 2017
පළමු කිලෝමීටරයේ ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළට ත්‍රීරෝද රථ පළමුවන කිලෝමීටරයකට අය කරන ගාස්තුව ලබන 10 වැනි දා සිට රුපියල් දහයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි. 18 June 2017
ආපදාවට ලක්වූ නිවාසවලට අත්තිකාරම් දෙන්න රජයෙන් කෝටි 15ක් ගංවතුර,නාය යෑම් හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් හානියට පත් නිවාස සහ ගෘහ උපකරණවලට ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 15ක මුදලක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. 18 June 2017
හිතවතාගේ බිරිඳට කවටකම් කළාට මන්නා පහරින් මරුට තම බිරිඳට නිතර විහිළු කරමින් ඇය කෝපයට පත් කිරිමෙ පුරුද්ද අත් හරින ලෙසට දි ඇති අවවාද නොපිළිගත් පුද්ගලයකුගේ හිසට කොටා ඝාතනය කර පලා ගිය බව කියන පුද්ගලයකු අද(18) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 18 June 2017
පැරණි පෙම්වතාගේ පිහිපහරින් එක්දරු මව මරුට කලින් පෙම්වතා බව කියන තරුණයකුගේ පිහිපහරට ලක්වූ එක්දරු නුගේගොඩ දෙල්කඳ පරණ කැස්බෑව මාර්ගයේ සූරියමල් මාවතෙ දී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. 18 June 2017
වෙඩි වැදීමකින් නාවික සෙබළුන් දෙදෙනෙක් රෝහලේ වෙඩි වැදීමකින් ලත් තුවාල සහිතව නාවික සෙබළුන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත. 17 June 2017
කසළ ඉවත් කිරීමෙි කටයුතුවලට ත්‍රිවිධ හමුදා සහාය - ඇමති රාජිත ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමෙි කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 17 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026