සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ
සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේපල අහිමිවූවන් අද (25) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැඳී සිටිති.
මේ අවස්ථාව වනවිට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම සභාපති කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධව ඇහුම්කන් දීමට අද දහවල් වන තෙක් හම ස්ථානයට පැමිණ නැති බව දේපල අහිමි වූවෝ පවසති. අද මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් මෙම කාර්යාලය අසල මරාගෙන මැරෙන තෙක් සිටින බව එම පිරිස් පවසති.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පවත්වා පසුව විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුල් වී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම්ගේ කාර්යාලය අසල රැඳී සිටී.


2025 නොවැම්බර් මස 04
189
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති