රොමේෂ් මධුෂංඛ

යාපනය විශ්ව විද්‍යලයේ සිව් වැනි වසර කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ  බව කෝපායි පොලීසිය කියයි.

කළමනාකරණ පීඨයේ සිව්වැනි වසර සිසුන් ඊයේ (24) නිවාඩු දිනයක් හේතුවෙන් ඔවුන් දෙපිලකට බෙදී එල්ලේ ක්‍රීඩාව සිදු කර ඇති අතර එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් පහරදී ගැනීමක් සිදු වී ඇතැයි එක් සිසුවෙකුට පිහි ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව කෝපායි පොලීසියට පැමිණිලි ලැබී ඇත.

පහරදී ගැනීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ රවිඳු දිල්ෂාන් තිලකරත්න වන අතර අනෙක් සිසුවා සුලලිත සඳරුවන් ජයසූරිය වන අතර ඔවුන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් කොපායි පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පහරදුන් පිරිස් සම්බන්ධයෙන් මේ වන විට කෝපායි පොලීසිය  පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.