(බිඟුන් මේනක ගමගේ)
හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරන්නේ යැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවැසීය.
එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් කෙරෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව දකුණු ආසියාවෙන් ඉදිරියෙන් සිටින නමුත් වෙබ් අඩවි ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී තවමත් සාධනීය මට්ටමකට පැමිණ නැතැයි මහාචාර්යවරයා අවධාරණය කර කීය.
නිසි කලට යාවත්කාලීන වන වෙබ් අඩවි මගින් විද්‍යුත් හා හරිත ආණ්ඩුකරණයට පාර කැපෙන්නේ යැයි කී හෙතෙම ඒ අනුව පහසුවෙන් මෙම වෙබ් අඩවි යාවත්කාලීන කිරීමට පිවිසුම් ලබාදීමට ද ඉක්ටා ආයතනය කටයුතු කරමින් සිටින්නේ යැයි ද කීවේය.
ජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් හා පහසුවෙන් ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලීන නොකිරීම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියට ද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා පැවැසීය.
රාජ්‍ය වෙබ් අඩවි නිසි කලට යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලේදී පුරවැසියන්ට අත්හළ නොහැකි වගකීමක් ඇතැයි ද ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සෝදියෙන් සිටින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සල්ලි නාස්ති කරන ප්‍රජෙට් එකක්
පහුගිය මැයි මාසය තුල ඔය ඉක්ටා ආයතනය පවත්වාගෙන යන වෙබ් අඩවි 300 පමණ හැක් ප්‍රහාරයකට ලක් වුනා. මෙවැනි දේවල් 100% නතර කිරීමට හැකියාවක් නැහැ. ඒත් ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. නමුත් මෙම ඉක්ටා මගින් පවත්වාගෙන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙබ් පිටු සහ බොහොමයක් රජයේ ආයතන වල වෙබ් පිටු සදා ඇත්තේ ජූම්ලා කියන මෘදුකාංගය භාවිතා කරමින්. කාලින අවශ්‍යතාවයන් සහ ආරක්ෂාව යන කරුණු මුලික කරගෙන මෙම මෘදුකාංගය ද යාවත් කාලින කර නිකුත් කරයි. එහෙත් ඉක්ටා ආයතනය මගින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවි වල මෙම මෘදුකාංගය යාවත්කාලින කරන බවක් පෙනෙන්නට නොමැත. මෙය එක උදාහරණයක් පමණයි. මෙලෙස ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ අභිවෘධිය වෙනුවෙන් පෙනී සිටින ඉක්ටා ආයතනයෙන්ම සිදුවන මෙවැනි අතපසුවීම් සහ දුර්වලකම් නිවැරදි නොකර, තමන්ගේ වලිගය තමන්ම පාගාගෙන කෑගැසීමක් හා සමාන කිරීම සුදුසුයි දැයි සිතේ. අනිත් කරුණනම්, මෙම ඉක්ටා ආයතනයේ බොහොමයක් ව්‍යාපෘති සඳහා මිලියන ගණන් මුදල් වැයකරත්, ඒවගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝගික නොවීම හේතුවෙන් අසාර්ථක වී ඇත.
ඉක්ටා කියන්නේ තවත් සල්ලි ගිලින ආයතනයක් විතරයි. මේ කට්ටිය කරන්නේ හැක් කරන ජූම්ලා වගේ වෙබ් අඩවි නැවත ඉන්ස්ටෝල් කරන එක විතරයි.
මේවගේ ශීර්ෂපාඨ දාන්න එපා.. ඒකේ වැඩ කරන අයටම ලැජ්ජා හිතෙයි. ඔය කට්ටියට එච්චර දෙයක් බෑ.