(ඔගස්ටින් ප‍්‍රනාන්දු )
මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි.
මහවැව උතුරු තොඩුවාව ප‍්‍රදේශයේ පදිංචි සැකකරු අධික ලෙසින් මත්පැන් පානයට යොමුවි සිටි අතර ඔහු ධීවර රැකියාව කරණ අයෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු අද ( 24 ) දහවල් මත්පැන් පානය කර නිවසට පැමිණ තවත් මත්පැන් පානයට බිරිඳගෙන් මුදල් ඉල්ලා ආරාවුලක් ඇති කර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
එම බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම ඉටු කිරිම ප‍්‍රතික්ෂේප කළ අතර ඉන් කෝපයට පත්ව ගෙදර තිබු භාණ්ඩ කිහිපයකට අලාභහානි කර කෝපයෙන් වියරු වැටි තුන් හැවිරිදි තම එකම පුතාව ඔසවා ගෙන ආසන්නයේ තිබු මහ මුහුද කරා ගොස් බිරිඳට රිදවිම පිණිස දරුවාව මුහුදට විසි කර ඇති බවත් පොලිසිය පවසයි.
දරුවාගේ හා බිරිඳගේ කෑගැසීම ඇසි එම ස්ථානයට පැමිණ පිරිසක් වහා මුහුදට පැන දියේ ගිලෙමින් සිටි දරුවා ගොඩ ගෙන වහාම අසාධ්‍යය තත්ත්වයේ සිටි දරුවා වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස මාරාවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි ගදරුවාගේ තත්ත්වය බිය විමට කරුණක් නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පසුව දරුවා මුහුදට විසි කළ පියා මාරාවිල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත . මාරාවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු සම්පතේ වැදගත්කම නොදත් මේ වගේ තිරිසනුන් නොදකින්....... මෙවන් හරකෙකුට පියා යයි කියන්නේ කෙසේද ???
මත් පැන් වල ඇත්ත තත්වය මෙයයි.
හෙණ ගහන්න ඕනේ මේ වගේ තිරිසනුන්ට. නමුත් මේ ලෝකෙදීම කරුමය පඩිසන් දේවි.
මෙවැනි තිරිසන් සතුන් හැකි ඉක්මනින් නඩු අසා හිරගත කල යුතුයි.
බීමත්ව රිය පැදවීම අනතුරුදායකයි! කියල මඳි. බේබදු තාත්තා දරුවාගේ මාරයා වියහැකිය. කියල ඊට යටින් ලියන්න වෙයි.
සිංහල, දෙමල, මුස්ලිම් අපි සියලු දෙනා එකමුතුව මතට විරුද්ධ විය යුතු කාලයයි. අපව බෙදා වෙන්කර බලයට පැමිනෙන අය කරන්නේ තැබෑරුම් අරිමින් කුඩු විකුනමින් අපවම විනාශ කිරීමයි.
සිහිය එනකොට මුළු ජිවිතයම ඉවර වෙලා නේද තාත්තේ? දැන් ඉතින් කූරු ගණන් කරමින් ජීවිතේම ගත කරන්න පුළුවන්නේ. දරු පැටියව අම්ම කොහොම හරි ලොකු කරගනියි.
අනේ මේ වගේ තාත්තලා... මේ අය ළමයි වදනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.
දුක යනු මෙවන් දරු දුක නොදන්නා නරුමයින්ට ළමයින් ලැබීමත්, කොතරම් දේවල් තිබුණත් සමහරුන්ට දෙමව්පියන් වීමට නොලැබීමත්ය....